Sunday, September 20, 2009

Revleft - ගොඩවෙලා බලන්නට වටින වෙබ් අඩවියක් ගැන


අපගේ බ්ලොග් සහෘදයා පාලිතගේ යෝජනාවක් මත මේ සටහන ලියැවෙන්නේ දේශපාලන වෙබ් අඩවියක් පිලිබදව හදුන්වා දීමේ සටහනක් ලෙසයි.

http://www.revleft.com/vb/

Revleft නමැති වෙබ් අඩවිය මේ වනවිට ලෝකය පුරා වාමාංශික හා නිදහස් මතධාරීන් අතර ජනප්‍රිය වෙබ් අඩවියක්.මෙය විවිධ කරුනු පිලිබද සාකච්ඡා කෙරෙන forum එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නෙ.
දේශපාලනය,දර්ශනය,කලාව හා සාහිත්‍යය,කාලීන සමාජ දේශපාලන ප්‍රවනතා වැනි බොහෝ දේවල් පිලිබද සංවාද මෙම අඩවිය තුල සිදුවෙනවා.මේ සංවාද වලට ලෝකය පුරා ඉන්න විශාල පිරිසක් එකතු වෙනවා.ඒ නිසා මෙම අඩවිය කියන්නෙ ලෝකයේ දේශපාලන ප්‍රවනතා ගැන අදහසක් ගැනීමට වගේම ඉගෙන ගැනීම සදහාද ඉතාම හොද මූලාශ්‍රයක්.
Revleft යන්නෙහි අදහස Revolutionery left -විප්ලවවාදී වාමාංශය- යන්නයි.වැදගත් කාරනය නම් මෙහි අදහස් දක්වන්න සම්බන්ධ වෙන පිරිස් විවිධ මත දහරාවන්ට අයත් අය වීමයි.ඒ කියන්නෙ වාමාංශික දේශපාලනයට අයත් විවිධ උප ප්‍රවනතා වලට සම්බන්ධ අදහස් ගැන අවබෝධයක් ලබාගැනීමට මින් ඉඩක් ලැබෙනවා.මාක්ස් ලෙනින් වාදීන්,අරාජකවාදීන්,ට්‍රොට්ස්කිවාදීන්,මාවෝවාදීන් වැනි විවිධ ආස්ථානයන්ගේ සිටින අය විවිධ කාරනා ගැන දක්වන අදහස් මෙහි අන්තර්ගත වෙනවා.
විවිධ අදහස් වලට සවන් දෙන්නත් ඉන් වඩා උචිත අදහස් තෝරා බේරා ගන්නත් වෙබ් අඩවියේ පරිශීලකයන්ට මේ නිසා ඉඩක් විවර වෙලා තිබෙනවා.
කොහොම වුනත් මාක්ස්වාදය,ධනවාදය,සමාජවාදය ගැන වර්තමානය තුල පොර ටෝක් දෙන බොහෝ අය අඩුම තරමින් එම පොර ටෝක් දෙනු ලබන්නේ අදාල විෂයන් පිලිබද අධ්‍යයනයකින් හෝ තොරවයි.තමන් මාක්ස්වාදීන් යැයි කියාගන්නා අය වගේම මාක්ස්වාදයට ඇට්ටි හැලෙන්න පහර දෙන බොහෝ දෙනෙකුත් මාක්ස්වාදය පිලිබද ගැඹුරු හැදෑරීමක යෙදුන අය නෙමෙයි.උඩින් පල්ලෙන් මාක්ස්වාදය ගැන කියවා එහි සාරය ග්‍රහනය කර නොගෙන මතුපිට කරුනු දෙක තුනක් අල්ලාගෙන හතර අතේ වනන ස්වරූපයකුයි දකින්න තිබෙන්නේ.
හැදෑරීම කියන්නේ කොහොමත් මොලය වෙහෙසෙන වැඩක්.එහෙත් කාල් මාක්ස් සදහන් කොට තිබෙන ආකාරයට විද්‍යාවට රජ මාවතක් නැත.හැදෑරීම හිසට තාවකාලිකව වෙහෙසක් විය හැකි වුවත් දිගුකාලීනව එය ඉතාම ඵලදායී.
හැදෑරීමේ මාවත තෝරා නොගෙන යම් දර්ශනයකින් ගේම ඉල්ලීම පහසු දෙයක් වුනත් එය අමන වැඩක් බව හදාරන්නා දන්නවා.

දේශපාලනය ගැන කියැවීමක් සහිත අයට පමනක් නෙමෙයි ඒ පිලිබද අන්දො සංසාරයක් නොදන්නා නවකයන් වෙනුවෙන් පවා Revleft තුල ඉඩක් පවතිනවා.මෙහි learning නමැති කොටස තුල ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව තිබෙන අතර මේ නිසා ඉගෙන ගන්න කැමති අය සදහා මෙය ඉතා වටිනා අවකාශයක්.
මේ නිසා මේ ආරාධනය ‍ඔබ සියලු දෙනාට.වම,විප්ලවය,මාක්ස් ගැන ඔබ දැනට කුමක් සිතාගෙන සිටියත් ගැටලුවක් නැහැ.නිකමට මෙම අඩවියට ගොඩ වෙලා බලන්න.අපිට සමාජයක් විදිහට කෙලවෙලා තියෙන්නේ ඔලුවෙන් තීරන ගන්න අවශ්‍ය තැන්වලදී පපුවෙන් තීරන ගන්න ගිය නිසා.ඊට හේතුව අපි බොහෝ දෙනෙක්ගේ ඔලු හිස් වීම.
දැනුමෙන් සහ අධ්‍යනයෙන් හිස් පුරවා ගැනීම මේ නිසා කොයි පැත්තෙන් බැලුවත් වටිනවා.
x එකේ පරන සගරාවක තිබුනු උපුටනයකින් මෙම සටහන අවසන් කරන්නම්.

ජීවිතය කියන්නේ විද්‍යාවේ මාවතයි
හැදෑරීම කියන්නේ මාවතේ ගීතයයි

5 comments:

  1. ස්තූතියි සහෝදරයා මේවගේ දැනුම ගන්න තැනක් ගැන ඔත්තුවක් දුන්න්ට. ඔබ x එකේ සඟරා කියවන හැඩයි. මා ළඟත් මාතොට හා London සඟරා තියනව මට පොඩි අදහසක් තියනව ඒව Upload කරන්න pdf කරල.මා ළඟ නැති සඟරා ඔබගෙන් ලබාගත හැකි වෙතැයි සිතෙනව.

    ReplyDelete
  2. @ ගිනිමකරා
    PDF කරන අදහස නම් හොද අදහසක්.මා ලග පරන සගරා කිහිපයක් තියෙනවා.ක්‍රමයක් කියනවා නම් මම එවන්නම් ගැටලුවක් නැහැ

    ReplyDelete
  3. මා ළඟ 1996 සිට සඟරා සියල්ල තියනව අතරින් පතර කිහිපයක් තමා නැත්තෙ.Upload කරන්න කලින් ඒව එකින් එක ස්කෑන් කරන්න වෙනව. පිටුවක් ගානෙ ස්කෑන් කරන්න ටිකක් කල් ගතවෙන වැඩක් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් ginimakara@gmail.com ලිපිනයට දන්වා එවන්න

    ReplyDelete
  4. ස්තූතියි රාමචන්ද්‍ර ඔබේ මේ විස්තරයට...(වේලාව පිළිබද ගැටළු නිසයි කමෙන්ට් පමා වුනේ)මං හිතන්නේ කියවල තේරුම් අරගෙන දැනුමෙන් වැඩිවුනහම බ්ලොග් අවකාශයේ වුනත් මීට වඩා ‍හොද සංවාද අපිට බලාගන්න පුළුවන් වෙයි....නූතන වැඩබිම අන්තර්ජාලය බවට පත්වෙමින් තිබෙන කාලයක මේ සංවාදයන්වල, සම්පත්වල වටිනාකම කියා නිමකළ නොහැකි තරම්.
    @ගිනිමකරා,
    www.3mana.org වෙබ් අඩවියෙත් ලන්ඩන් සගරා කිහිපයක PDF තියෙනව.එතන වීඩි‍යෝ කිහිපයකුත් තියෙනවා.කොහොමවුනත් ඔබේ අදහස හරිම වටිනව.පුළුවන් උදව්වක් කරන්නම්.
    රාමා සහ ගිනිමකරා
    මේ වෙද්දි බූන්දි ලයිව් ඊමේල් සාකච්ඡාව තුල හොද සංවාද සිදුවෙනවා. ඒකට එකතු වෙන්න ඊමෙල් ලිපිනය බූන්දියට යැව්වනම් හරි.

    ReplyDelete