Friday, September 4, 2009

උපු‍ටා ගැනීම් කිහිපයක්


ආගමික පීඩාව එකවරම සැබෑ පීඩාවේ ප්‍රකාශිත වීම සහ සැබෑ පීඩාවට එ‍රෙහි විරෝධයද වේ.ආගම පීඩිත සත්වයාගේ සුසුමය.හදවතක් නැති ලෝකයෙහි හදවතය.එසේම එය ප්‍රබෝධ රහිත තත්වයන්ගේ ප්‍රබෝධයයි.
එය ජනතාවගේ අබිංය
-කාල් මාක්ස්


නූතන කම්කරු පංති ව්‍යාපාරය මෙන්ම ක්‍රිස්තු ලබ්ධියද මුල් වකවානුවේ පීඩිත ජනතාවගේ ව්‍යාපාරයක් විය.එය ප්‍රථමයෙන්ම පෙනී සිටියේ වහලුන් සහ වහල්භාවයෙන් නිදහස් කරනු ලැබූවන්ගේද,සියලු අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ දුප්පත් ජනයාගේද,එසේම රෝමය විසින් යටත් කරගනු ලැබූ හා විසිරුවනු ලැබූවන්ගේ ආගම වශයෙනි.ක්‍රිස්තු ලබ්ධිය හා නූතන සමාජවාදය යන දෙකම වහල් බැමිවලින් සහ දුක්ඛිතභාවයෙන් අනාගත ගැලවීම ගැන දේශනා කරයි.
ක්‍රිස්තු ලබ්ධිය මෙම ගැලවීම මරනින් මතු ස්වර්ගයේ මතු ජීවිතයක තබයි.සමාජවාදය එය මේ ලෝකයේ සමාජ පරිවර්තනයක තබයි
-ෆෙඩ්රික් එංගල්ස්


මම දුගීන්ට ආහාර දෙනවිට ඔවුහු මට ශාන්තුවරයෙකැයි පවසති.ඔවුන් දුප්පත් වීමට හේතුව මම විමසන විට - ඔවුහු මා කොමියුනිස්ට්වාදියෙකැයි හෙලා දකිති
-Dom Helder Camara

චලනය වීමට උත්සාහ නොකරන්නෙක් කිසිදාක තමන්ව බැද ඇති යදම් නිරීක්ෂනය නොකරනු ඇත
-රෝසා ලක්සම්බර්ග්

පීඩකයා සතු ඉතාම බලසම්පන්න ආයුදය නම් පීඩිතයාගේ පීඩිත මනසයි
-ස්ට්ව් බිකෝ

පලමු කැරැල්ල දේවධර්මවාදයේ සුපිරි ආධිපත්‍යයට හා දෙවියන්ගේ අවතාරයට එරෙහිව ගැසිය යුතුය.
ස්වර්ගයේ අධිපතියෙක් අපට ඉහලින් සිටින තුරා අප මිහිමත වහල්ලු වම්හ
-මිහයිල් බකුනින්

විප්ලවය යනු ඉබේම ඉදී බිම වැටෙන ඇපල් ගෙඩියක් නොවේ.ඔබ එය කඩා බිම දැමිය යුතුය
-චේ ගෙවාරා

මුලින් ඔවුන් ඔබව ගනන් නොගනු ඇත.පසුව ඔවුන් ඔබට හිනාවෙනු ඇත.ඉක්බිති ඔවුන් ඔබට පහර දෙනු ඇත.
එවිට ඔබ ජයග්‍රාහීය!
-මහත්මා ගාන්ධි

පීඩිතයා තමන්ව පෙලන අසාධාරන ක්‍රමයක් උදාසීනව පිලිගැනීම තුලින් පීඩකයා තරම්ම දුෂ්ටයෙක් බවට ‍පත්වේ
-මාටින් ලූතර් කිං

පීඩිත ජනයාට සෑම අවුරුදු කිහිපයකටම වතාවක් තමන්ව සූරාකන පංතියේ කවර නියෝජිතයෙක් විසින් තමන්ව සූරාකෑම කල යුතුද යන්න චන්දයෙන් තීරනය කිරීමේ "අවස්ථාව" හිමි වී ඇත
-කාල් මාක්ස්

මිනිස් සිරුරට ඔක්සිජන් අවැසි වන්නේ යම් සේද සමාජවාදයට ප්‍රජාතන්ත්‍රවාදය අවැසිය
-ලියොන් ‍‍ට්‍රොට්ස්කි

අහෝ ස්වාමීනි ඔබේ නීති වලින් ඇති ප්‍රයෝජනය කවරක්ද?
"හොද"මිනිසුන්ට ඒවා අදාල නැත."නරක"මිනිසුන් ඒවා පිලිපදින්නේ නැත.
-Ammon Hennacy

මම විප්ලවය ආරම්භ කලේ මිනිසුන් 82ක් සමගිනි.මට එය යලිත් වරක් කරන්නට සිදු වුවහොත් මිනිසුන් 10ක් හෝ 15 සමගින් වුවත් සම්පූර්න විශ්වාසය සහිතව එය කිරීමට මැලි නොවෙමි.
ඔබට කල යුතු දේ පිලිබද විශ්වාසයක් සහ කල යුතු දේ පිලිබද සැලසුමක් තිබේ නම් සංඛ්‍යාව කෙතරම් කුඩා වුවද එහි වැදගත්කමක් නොමැත
-ෆිදෙල් කැස්ත්‍රෝ


7 comments:

  1. මේ දිනවල මා Thomas Sowellගේ Marxism පොත කියවනවා. පෙර කියවු Socialism Past & The Future පොතේ මෙවැනි උපුටා ගැනීම් තිබ්බා.

    ReplyDelete
  2. කොමියුනිස්ට් වාදයත් ආගමක් කියල කවුද කිව්වලු!

    ReplyDelete
  3. @ බින්කු

    http://www.revleft.com/vb/
    මේක බැලුවොත් යමක් ගන්න පුලුවන්.මේක ඇතුලෙ ගුරුකුල බෙදීම් ගොඩයි.ඒත් ඒවට වැටෙන්නැතිව යමක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා.

    ReplyDelete
  4. රාමා, ස්තූතිය ඔබේ ලින්ක් එකට, ඒ ‍ෆෝරම් එක ගැන පොඩි හැදින්ව‍ීමක් කරොත් අළුතෙන් එන අයට ලේසි පහසු වෙයි.
    එංගල්ස් සහ ට්‍රොස්කිගේ ප්‍රකාශ වගේම අනෙකුත් සමහර ප්‍රකාශ වලත් සන්දර්භය අවබෝධ කරගැනීම අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ.. නැත්තම් ඔය ආගම්වාදීන්, ජාතීවාදීන්, නාසිවාදීන්, ලිබරල්වාදීන් වැනි එකී මෙකී නොකී වාදීන් ටික ‍ෆෝම්වෙලා දගලන්න හදනවා.ඒ වගේ එකක් තමයි  ඔය උඩ අදහසටත් හේතුව...
    මාක්ස්වාදයට කෑගහන එවුන්ගේ සුලබම විදිය තමයි අපිත් මී හරක් හැබැයි උඹලත් මීහරක් කියල තමන්ගේ මඩවලට මාක්ස්වාදයත් ඇදලා ගන්න එක.ඒකට කියන්න තියෙන්නේ උඹලා මීහරක් හින්දා මඩේ නාපල්ලා, හැබැයි අපිනං මඩනාන ‍ගොන්නු නෙවෙයි කියන එක තමයි...

    ReplyDelete
  5. පීඩිත ජනයාට සෑම අවුරුදු කිහිපයකටම වතාවක් තමන්ව සූරාකන පංතියේ කවර නියෝජිතයෙක් විසින් තමන්ව සූරාකෑම කල යුතුද යන්න චන්දයෙන් තීරනය කිරීමේ "අවස්ථාව" හිමි වී ඇත
    -කාල් මාක්ස්-
    ඔන්න ඔතන මමත් ඉන්නවා..
    කොමියුනිස්ට්වාද්ය අදහාගෙන ඉන්න එවුනුත් ඉන්නවද. මම හිතන්නේ ආගමයි දර්ශනයයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එකෙක් තමා ඔය කතාව කියන්න ඇත්තේ

    ReplyDelete
  6. රාමා, පාලිතත් එක්ක මම ඔබටත් ස්තුති කරනවා ලින්ක් ඒකට. ඔබ පෙන්වා දෙන තත්වය මට තේරනවා.

    http://www.newsocialist.org/ මේ කැනඩාවේ ප්‍රකට සමාජවාදී අඩවියක්.
    http://louisproyect.wordpress.com/ මා ප්‍රිය කරන සමාජවාදි ලේඛයෙක්.

    “තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්තඥයෙකු, මහා ප්‍රාඥයෙකු හෝ කැපී පෙනෙන කවියෙකු විය හැකිය. එහෙත් ඒපමණකින්ම හෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ‍නොවේ. අප තෝරාගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නොව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වෙනු ඇත. නිෂ්ශබ්දව වුවද අප කරන කාර්ය්‍යන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අපගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.”
    -කාල් මාක්ස්-

    මේ මා ඔහුගේ ප්‍රියතම උපුටනයයි. :)

    ReplyDelete