Monday, August 10, 2009

taboo subjects සහ His excellency rajapaksha


පසුගිය දිනෙක රජය විසින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු අත් අඩංගුවට ගැනීම පිලිබද අපි මෙම අඩවිය තුලද කතා කලෙමු.එසේ කතා කලේ එම කැදවුම්කරු පිලිබද තිබෙන පුද්ගලික හිතවත් කමක් හෝ මිත්‍රත්වයක් නිසා නොව වර්තමාන පාලකයාගේ අන්තනෝමතික හැසිරීම පිලිබද එය උදාහරනයක් වන හෙයිනි.මහජන චන්දයෙන් තේරී පත්වූ අයෙක් සිය අතින්ම තමාට ඔටුනු ලා ගැනීමද තමා රජු යැයි සිතාගෙන වැඩ කිරීමද සමාජයේ ප්‍රජාතාන්ත්‍රික පැවැත්ම පැත්තෙන් බලන විට අතිශය අහිතකර බව කිවමනා නොවේ.

මේ සිදුවීම ආශ්‍රයෙන්ම වෙනත් අපූරු බ්ලොග් සටහනක්ද ලියැවී තිබුනි.

http://taboosubjects.wordpress.com/2009/08/07/02-8/

taboo subjects අඩවිය තුල එය පලව තිබුනු අතර මේ ඒ පිලිබද ප්‍රතිසටහනකි.

ඉහත ලිපිය කියවන විට පැහැදිලිවම පෙනෙන කාරනය වන්නේ අදාල බ්ලොග්කරුට ජවිපෙ දේශපාලනය ගැන තිබෙන අඝාත වෛරයයි.එලෙස තමන් අකමැති දේශපාලන ව්‍යාපාරයකට වෛර කිරීමට යමෙකුට අයිතියක් තිබේ.නමුත් ප්‍රශ්නය වන්නේ අන්ධ වෛරයට ඉඩ දුන් විට පෙනිය යුතු,දැකිය යුතු ඇතැම් වැදගත් දේද නොපෙනී යාමයි.
taboo ලිපිය ආරම්භ කරන්නේ මෙසේය.
"තමන්ටම ආවේණික සංවෘත ලෝකයන්හි ජීවත්වන ජවිපෙ හිතවාදී සරසවි සිසු ප්‍රජාවට හැර රටේ පොදු මහජනතාවට නොවැදගත් ආරංචියක් අද පුවත්පත් වල පළවී තිබිණි"
ඔහුට අනුව අවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගැනීම රටේ ජනයාට වැදගත් විය යුතු දෙයක් නොවේ.එය හුදෙක් ජවිපෙ සංසිද්ධියකි.

මේ කල්පනාවේ තිබෙන බරපතල වරද ඉදිරියට පෙන්වා දීමට අපේක්ෂා කරමින් රටේ දැනට වර්ධනය වෙමින් තිබෙන දේශපාලන උපනතියක් ගැන අවධානය පලමුව යොමු කරමු.
විශේෂයෙන් රජය අධිපතිවාදී හා මර්ධනකාරී ව්‍යාපෘතියකට ප්‍රවේශවෙමින් තිබෙන බව පැහැදිලිය.එම මර්ධන හස්තය සයිබර් අවකාශයට පවා පැමින තිබේ.සිය අධිකාරියට එකග නැති වෙබ් අඩවි තහනම් කරන්නටද ඇතැම් අඩවි වල සංස්කාරවරුන් පොලිසියට කුදලාගෙන යාමටද රජය ක්‍රියාකල බව රහසක් නොවේ.
වෙනකක් තබා taboo subjects ලේඛකයාද බ්ලොග් අවකාශය තුල කාලයක් පෙනෙන්නට නොසිටියේය.එයට හේතුව ලෙස ඔහුම දක්වා තිබුනේ තමන්ට මරනීය තර්ජන පැමිනි බවකි.
තමන්ට තර්ජනය කලේ කවුරුන්දැයි ඔහු නිශ්චිතව සදහන් නොකලත් ඔහුගේ "අතුරුදහන් වීම" හා ආසන්නයේ ඔහු පලකල දේවල අන්තර්ගතය සැලකූ විට තර්ජනය රාජ්‍ය මතවාදය පැත්තෙන් ආ එකක් යැයි උපකල්පනය කල හැක.
( මෙම තර්ජන කතාව ඇත්තද නැද්ද යන්න අප නොදනිතත් බොරු කීමට බ්ලොග්කරුට අවශ්‍යතාවයක් නැත යන අනුමානයට යටත්ව එය ඇත්තක් ලෙස භාර ගනිමු)
කෙසේ වුවද කතාව ඇත්ත නම් ඉන් පෙනී යන්නේ අදාල බ්ලොග්කරුම රජයේ මර්ධනයේ රතු එලිය වැටී තිබෙන කලාපය තුල අඩු වැඩි වශයෙන් ඉන්නා බවයි.

ඔහුගේ ලිපිය දෙස අවධානය යොමු කල යුත්තේ මෙම සන්දර්භය සිහි තබාගෙනය.
රජයේ අයුක්ති සහගත පහර කෑමට මෙවර ලක්ව තිබෙන්නේ අවිශිබම යයි.එය ජවිපෙ ව්‍යාපාරයක් ලෙස ලඝු කිරීම නිවැරදි නොවූවද ජවිපෙ සහ එය අතර සබදතාවයක් තිබේ යන්න පැහැදිලිය.
මේ අනුව රජයේ මර්ධනීය පහර එල්ල වී තිබෙන්නේ ජවිපෙට පක්ෂයක් ලෙස රජය විවේචනය කිරීමට තිබෙන අයිතියටයි.අවධාරනය කල යුතු කාරනය නම් මේ පහර හුදෙක් ජවිපෙට වැදුනු එකක් ලෙස තේරුම් ගැනීම සාවද්‍ය බවයි.මෙය ඇත්තටම පොදුවේ අදහස් ප්‍රකාශ කිරීම නම් වන දේශපාලන අයිතියට එල්ල වූ ප්‍රහාරයක්ය.
මේ ප්‍රහාරය ඉදිරියේ taboo subjects ගේ ස්ථාවරය කුමක්ද?
මෙම සිදුවීම වෙනුවෙන් වෙනම බ්ලොග් සටහනක්ම වෙන් කරන ඔහු අඩුම තරමින් මුලු ලිපියේ එක තැනක වත් සිද්දිය හෙලා දැකීමවත් සිදු නොකරයි.රජයේ අදාල ක්‍රියාව වැරදි සහගත බව කීමට කිසිම තැනකදී ඔහුගේ දිව නොනැමේ.
ඒ වෙනුවට ඔහුට මේ සමස්ථ සිදුවීම "ප්‍රභසනයක්ය".ආතල් එකක් ගත හැකි සංසිද්ධියක්ය.
සිදුවීම ‍දෙස බලාගෙන හස්තසේවනයේ යෙදෙන බ්ලොග්කරු සුරාන්තයට පත්වෙන මොහොතේ ජවිපෙ පිලිබද තමන් තුල වන දරුනු වෛරය පිට කරයි.
ඒ පිටකරද්දි කියන්නේ මොනවාද යන්න ඔහුවත් අඩුම තරමින් දන්නවාදැයි සැක සහිතය.මන්ද ආස්වාදය උපරිම වන විට එලියට එන්නේ අවිඥානික සිතිවිලි වන අතර ඒ මොහොතේ කියන දේවල් ගැන සමහර විට හස්තසේවනයේ යෙදනේනාම නොදන්නා නිසාය.
ඔහු සමස්ථ සිදුවීමේ දකින "වැදගත්" කාරනා මේවාය.

1 ජවිපෙ දැන් පෝස්ටර් අලවනවා වෙනුවට බිත්ති පින්තාරු කරයි.ඉන් අදාල පක්ෂයේ බංකොලොත්කම පෙනෙන බව ඔහු පවසයි
( ජවිපෙ පෝස්ටර් ගහනවාද නැද්ද යන්න අවට සිදුවෙන දේවල් ගැන ඇස් කන් සහිතව බලන අය දනී.කෙසේවෙතත් ඒගැන කතා කිරිම මට අදාල නැත)

2 අන්තරයේ කැදවුම්කරුම පෝසටර් ගැසීමට යාම තුලින් ඊට ඇති පිරිස් බලය හීනව තිබෙන බව පෙනේ යයි ඉනික්බිති ඔහු කියයි.
- මෙහිදී ව්‍යාපාරයක නායකයන්ද පෝස්ටර් ඇලවීම බදු බ්ම් මට්ටමේ දේශපාලන වැඩ වලට සම්බන්ධ වීම පිලිබද ධනාත්මක ඇගවුමක් සහිත ප්‍රතිචාරයක් ප්‍රතිචාර තීරයේදී එක්තරා කියවන්නෙක් සටහන් කොට ඇත.
ඊට උත්තරයක් නොදෙන බ්ලොග්කරු ජවිපෙ පුද්ගලික සමාගමක පෝස්ටර් (යුනිලීවර් සමාගමේ) කොන්ත්‍රාත් පිට අලවනවා යැයි කියමින් මල්ලෙ පොල් උත්තරයක් වෙත ලිස්සා යයි.මේ මල්ලෙ පොල් උත්තරයද අතේ පැලවෙන බොරුවකි.uniliver සමාගමේ පෝස්ටර් ඇලවීම කෙසේ වුවද ජවිපෙට සම්බන්ද වෘත්තිය සමිති අදාල සමාගමේ කලමනාකාරිත්වයට එරෙහිව පෝස්ටර් ගැසූ බවද ඒ වරදට කිහිප දෙනෙක්ගේ වැඩ තහනම් වූ බවද මෙම ලියුම්කරුට මතකය.
වරක් වික්ටර් අයිවන් පිලිබද කාරනයක් මතු වූ විට taboo subjects මෙම ලියුම් කරු පසුපස පන්න පන්නා එය ඔප්පු කරන සාක්ෂි විමසුවේය.එසේ ඔහු සාක්ෂි විමසූයේ හරියට taboo යනු වැරදිලාවත් සාධක රහිතව කිසිම නිගමනයකට නොඑලඹෙන,අම්බානක තර්කානුකූල ලෙස දත්ත මතම තර්ක කරන පොර යැයි හැගවෙන පරිදිය.
කෙසේ වුවද අනුන්ගෙන් සාක්ෂි ඉල්ලන ටැබූ "වීරයා"
1.මර්වින්ගේ ජාතකය
2.මංගලගේ සමලිංගික / විෂමලිංගික බව
3.ජවිපෙ යුනිලීවර් පෝස්ටර් ඇලවීම වැනි "මහා සොයාගැනීම්" ඉදිරිපත් කොට තිබෙන්නේ කුමන සාක්ෂි හා සාධක මතද යන්න දැන ගැනීමට මෙම ලියුම්කරු තුල තදබල ආශාවක් පවතී.

කෙසේ වුවද එම අතුරු කාරනා පසෙක තබා යලි ප්‍රධාන කරුනට පිවිසෙමු.
වර්තමාන රජය උතුරේ යුද මුක්ත කලාපයටත් දෙමල සමාජය මතත් බෝම්බ අත හරින විට ටැබූගේ ස්ථාවරය යලි මතක් කර ගනිමු.
-චන්ඩි දෙන්නෙක් ගහගන්නකොට අපිට තියෙන්නේ අහකට වෙලා බලාගෙන ඉන්න එක-
මේ ඔහු ඒ ගැන පලකල ස්ථාවරයයි.
මාර රැඩිකල් ස්ථාවරයක් නේද?
රජය එවකට ගෙනගිය ආක්‍රමනශීලි හා අධිකාරිවාදී වැඩපිලිවෙල අභියස taboo සිටියේ එවැනි නපුංසක ස්ථාවරයකය.
දැන් රජය සිය මර්ධන හස්තය දකුනේ සමාජයේ ගෙල දෙස අරගෙන යමින් තිබේ.ටැබූද අපිද පුද්ගලිකව ආශා කලද නැති වුවද දකුනේ සමාජය තුල බිම් මට්ටමින් ඉතාම ව්‍යාප්ත වූ දේශපාලනයකට ජවිපෙ හිමිකම් කියයි.එයට ඇති ප්‍රබල සංවිධාන ජාලය අන් කාටත් වඩා වත්මන් පාලකයා දනී.මන්ද ශ්‍රීලනිපය මග හරිද්දි 2005 ජනාධිපතිවරන ව්‍යාපාරය සම්පූර්නයෙන් දිවවූයේ ජවිපෙ සංවිධාන බලය මතින් වන නිසාය.
අනෙත් අතට ඉදිරියේදී තමන්ට එජාපයටත් වඩා ජවිපෙ වෙතින් තර්ජනයක් එල්ල විය හැකි බව රජය දනී.රාජපක්ෂ පාලනය ජාතික ඇදුම අන්දවා මේ පෙරට ගෙන යමින් සිටින්නේ එජාපයේ දේශපාලන ආර්ථික වැඩපිලිවෙල වන නව ලිබරල් ධනවාදය මිස අනෙකක් නොවන බව තේරුම් ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නැත.
උදාහරනයක් ලෙස රජය කොන්දේසි වලට යටත්ව IMF නය ගන්නා විට එයට විරුද්ධ වීමට එජාපයට ඇති ගුනාත්මක ඉඩ අඩුය.මන්ද යත් නය ආර්ථිකය යනු එජාපයද අනුදත් ව්‍යාපෘතියම වන නිසාය.
එම නිසා මේවාට විරෝධය එන්නේ ජවිපෙ වෙතිනි.රජයට මෙය වැඩියෙන් අසීරු වෙන්නේ කලකට ඉහත නව ලිබරල්වාදයට/IMF ට එරෙහිව මොර දී ඒ දිශාවට ජන මතය යොමු කලේ රජයම වන බැවිනි.
මේ නිසා රජයේ ඊලග ඉලක්ක අතුරින් අනිවාර්ය ඉලක්කය කිසිදු විවාදයකින් තොරව ජවිපෙය.එසේ වුවද රජයේ ව්‍යාපෘතිය ජවිපෙන් අවසන් වන බව යමෙක් සිතනවා නම් එය ලාමක කල්පනාවකි.එම මර්ධනය ජවිපෙන් ඉවර නොවනු ඇති අතර සිය අධිකාරිවාදී මූලධර්මවාදී මනසට පටහැනි අදහස් දරන සියල්ලන් මර්ධනය කිරීමේ දිශාවට ජවිපෙ යටකරමින් එය ගලා යනු ඇත.

ජවිපෙට ගුටි වදින විට ඉන් ආතල් ගන්නා ටැබූ ලා එදාට ආයු බෝ වේවා මහා රජානෙනි යනුවෙන් කියනු ඇද්දැයි අපි නොදනිමු!





4 comments:

  1. //වරක් වික්ටර් අයිවන් පිලිබද කාරනයක් මතු වූ විට taboo subjects මෙම ලියුම් කරු පසුපස පන්න පන්නා එය ඔප්පු කරන සාක්ෂි විමසුවේය.එසේ ඔහු සාක්ෂි විමසූයේ හරියට taboo යනු වැරදිලාවත් සාධක රහිතව කිසිම නිගමනයකට නොඑලඹෙන,අම්බානක තර්කානුකූල ලෙස දත්ත මතම තර්ක කරන පොර යැයි හැගවෙන පරිදිය.
    කෙසේ වුවද අනුන්ගෙන් සාක්ෂි ඉල්ලන ටැබූ "වීරයා"
    1.මර්වින්ගේ ජාතකය
    2.මංගලගේ සමලිංගික / විෂමලිංගික බව
    3.ජවිපෙ යුනිලීවර් පෝස්ටර් ඇලවීම වැනි "මහා සොයාගැනීම්" ඉදිරිපත් කොට තිබෙන්නේ කුමන සාක්ෂි හා සාධක මතද යන්න දැන ගැනීමට මෙම ලියුම්කරු තුල තදබල ආශාවක් පවතී.

    තවත් එකක් තියෙනවා. නලීන් සිල්වට ගණන් බෑ නියල ඔප්පු කරල පෙන්නනට කිවුව. තාම ගලේ පැහැරූ බළලා වගේ ඒකට උත්තර දෙන්න බැරුව කැරකි කැරකී ඉන්නවා

    ReplyDelete
  2. //දැන් රජය සිය මර්ධන හස්තය දකුනේ සමාජයේ ගෙල දෙස අරගෙන යමින් තිබේ//
    වන්ගියකට උඩදී ජැවීපෙයේ හස්තය අත්දැක ඇති දකුනේ උදවියටනම් කොතරම් දරදඩු උනත් රජයේ හස්තයනම් දාහෙන් සම්පතයී.

    ReplyDelete
  3. මොකක්ද මේ රජ පිස්සුව? කාට කියන්නද මේව...

    ReplyDelete
  4. මම මේ පෝස්ට් එක දැක්කේ ප්‍රමාද වෙලා.
    සැබැවින්ම මමත් ඔය පෝස්ට් එක දැක්කා. ඒත් කෙනෙක් පුද්ගලිකව ගෙන එන සිද්ධියක් ඔහුගේ පුද්ගලික දෙයක් මිස දේශපාලනිකව වැදගත් නොවන හින්දා නිකං හිටියා. සැබැවින්ම මේ සමාජයේ දේවල් වියුක්තව පුද්ගලික මට්ටමෙන් දකින්නයි පුරුදුකරලා තියෙන්නේ. ඒක හින්දා ගොඩාක් අය පුරුදුවෙලා ඉන්නේ යම් දෙයක් දේශපාලනිකව බලනවාට වඩා ආත්ම කේන්ද්‍රීයව තමන්ට බලපාන එක ගැනයි.මේ මේ සමාජක්‍රමයේම හැටි.
    එතන කමෙන්ට් කරලා තිබුන එක්කෙනෙක් ලියලා තිබුනා මිනිහා විජේවීරගේ පුතාකියලා හිතාගෙන,බලනකොට ජවිපෙ නායක‍යෝ මිනිහට පැත්තකට කතාකරලා ‍ඔක්කොම විස්තර කියලා වගේ...
    මේවා ඉතිං විහිලු කතා...

    ReplyDelete