Thursday, August 6, 2009

හදිසි නීතිය මසකින් දීර්ඝ කෙරේ !කා වෙනුවෙන්ද?කුමකටද?


අද ( 06) රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නැරඹූ අයෙක්ට එහි ප්‍රචාරය වුන වැදගත් පුවත් දෙකක් මතක තිබෙනවා ඇති.
එක් පුවතක් වුනේ මහ රජතුමාට අපහාස කරා යන චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු ඇතුලු තවත් ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ පුවත.
පසුගිය දින වල පාසල් වාර විභාග ආශ්‍රිතව විශාල අලකලංචියක් සමාජයේ නිර්මානය වුනා.රට නැංවීමට පාරම් බාන බලධරයන්ට අවම වශයෙන් ගොං පාට් නොවී වගකීමක් සහිතව ප්‍රශ්න පත්‍රයක් හදාගන්නවත් බැහැ කියන අදහස ඒ සමග සමාජගත වෙන්න පටන් ගත්තා.අවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගන්නා ලද්දේ එම සිදුවීම පාදක කරගෙන ජනාධිපතිවරයාව විවේචනය කරන ලදී කියන චෝදනාව මත.
තාප්පයක - මහ රජානෝ විභාගයටත් කෙලියා- වැනි යමක් පින්තාරු කල බව පොලිසිය එල්ල කල චෝදනාවයි.ඉන් ජනාධිපතිවරයාට අපහාස වූ බවත් රට තුල නීතිය හා සාමය කඩාකප්පල් කිරීමටත් 88/89 වර්ගයේ ප්‍රචන්ඩත්වයක් ඇති කිරීමටත් මෙය හේතු විය හැකි බව පොලිසිය චෝදනා කොට තිබුනා.
අවිශිබම කැදවුම්කරු මෙය පින්තාරු කලාද නැද්ද යන්න වෙනම විවාදයක් වුනත් මින් මතුවෙන වැදගත් කාරනා කිහිපයක් තිබෙනවා.

1.මහ රජානෝ විභාගයටත් කෙලියා යන්න ජනාධිපතිට කල අපහාසයක් නම් රාජ්‍ය තන්ත්‍රය නිල වශයෙන්ම ජනාධිපති වූ කලී "මහ රජානෙක්" යැයි සිතා ගෙන ඉන්නා බව එක් අතෙකින් පැහැදිලි වෙනවා.
"මහ ඇදුරන් මහ කවියන් රජගේ මහ බිතක්කනට
පිටදී රැලි නැගෙන බැමින් විරුදාවලි බදිනා සද"
- දයාසේන ගුනසිංහ
මුලින්ම පෙනුනේ මහ රජානන් යන අදහස ජනාධිපතිගේ ගුන වැයීම උදෙසා වන්දිභට්ට කවියෙක් විසින් නිර්මානය කරන ලද සරල ප්‍රශස්තියක් බවයි.ඒ නිසා එය එතරම්ම ගනනකට ගත යුතු දෙයක් ලෙස සැලකුනේ නැහැ.
අනිත් අතට මේ ගැන කරන ප්‍රශ්න කිරීම් වලදී ආන්ඩුවේ ඇමතිවරුන් පැවසූ දෙයක් නම් -මෙය ජනාධිපතිට ජනතාව විසින් පිරිනම ලද නම්බුනාමයක් පමනක්-බවයි.
නමුත් දැන් තත්වය ඊට වඩා දුර ගොස් තිබෙන බව පෙනෙනවා.ජනාධිපති වූකලි මහ රජුය කියන අදහස රාජ්‍ය තන්ත්‍රය විසින් ගැඹුරින්ම බාරගෙන තිබෙන අදහසක් බව පෙනෙන්නට තිබෙනවා.

2. දෙවෙනුව ජනාධිපතිව විවේචනය කරමින් අදහසක් පල කිරීම ( පෝස්ටරයක් ගැසීම/පින්තාරු කිරීම) ජනාධිපතිට "අපහාසකිරීමක්" වන්නේ කෙසේද යන ගැටලුව මතු වෙනවා.
අප දන්නා තරමින් අපහාසයක් සහ විවේචනයක් අතර වෙනසක් තිබෙනවා.විවේචනය යන්න කොහෙත්ම වැරදි දෙයක් නෙමෙයි.ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීමාව තුල පවා විවේචනය යන්න ඉහලින්ම පිලිගැනෙනවා.
- මහ රජතුමා නැමැති වේ*ගේ පුතා විභාගයට කෙලී-යනුවෙන් පෝස්ටර් ගැහුවා නම් එය අපහාසයක් ලෙස සැලකීමේ වරදක් නැහැ.නමුත් මෙතනදී වී තිබෙන්නේ ජනාධිපතිවරයාව විවේචනය කිරීමක්.එය ශිෂ්ට සම්පන්න සමාජයක පුරවැසියෙක් සතු පරම අයිතියක්.
රජතුමාට විරුද්ධව කතා කරන එක "අපහාසයක්" "දඩුවම් ලැබිය යුතු වරදක්" ලෙස සැලකුනේ රජවරු සිටි රාජාන්ඩු කාලයේ.රාජසිංහලා ප්‍රංශයේ ලුවීලා බිතාන්‍යයේ ජෝජ්ලා වැඩ කලේ ඒ ආකාරයට.
දැන් ජනාධිපතිට විරුද්ධ විවේචන අපහාස ලෙස සලකා මිනිසුන් දගගෙයි ලනවා නම් ඉන් අදහස් වෙන්නේ වර්තමාන "ප්‍රජාතන්ත්‍රවාදී" ලංකාවේ පාලකයන් ලංකාවත් ඒකාධිපති දරදඩු වැඩවසම් ආකෘතියක් කරා දක්කගෙන යාමට වැර දරන බවයි.
පසුගිය කාලයේ යම්තමින් දක්නට තිබුනු පාලකයන්ගේ ආඥාදායක මනෝභාවයන් දැන් විවෘතව නිර්වස්ත්‍රව සමාජයේ සැරිසරන්නට පටන්ගෙන තිබෙනවා.

මේ සමගම සම්බන්ධ වෙන අනිත් පුවත නම් හදිසි නීතිය නැවතත් දීර්ඝ කිරීම සම්බන්ධ පුවතයි.
යුද්ධය පැවති කාලයේදී පාලකයන්ගේ තර්කය වුනේ ත්‍රස්තවාදය මර්ධනය කරනු වස් හදිසි නීතිය අත්‍යාවශ්‍ය බවයි.ඇත්තටම ගත්තොත් ලංකාව කියන්නේ තමන්ගේ මෑතකාලීන ඉතිහාසයේ වැඩිම දශක ගනනාව හදිසි නීතිය යටතේ ගෙවනු ලැබූ රටක්.
හදිසි නීතිය රටක බලපැවැත්වෙනවා කියන්නේ ඇත්තටම "සාමාන්‍ය" තත්වයක් නෙමෙයි.එය විශේෂ තත්වයක්.නමුත් ලංකාව තුල විශේෂ තත්වය උත්ප්‍රාසාත්මක ලෙස සාමාන්‍ය තත්වය බවට පත්ව තිබෙනවා.
මෙම හදිසි නීතිය පසුගිය කාලයේ එල්ල වුනේ ත්‍රස්තවාදයට එරෙහිව විතරක් නෙමෙයි.දකුනේ සමාජයේ පැන නැගෙන වැඩ වර්ජන ශිෂ්‍ය උද්ඝෝෂන ආදියට පහර දීම සදහා හදිසි නිතිය පාලකයන් යොදාගත්තා.
රැකියා ඉල්ලමින් සටන් කරන උපාධිධාරින්ට කදුලු ගෑස් වැදුනේ හදිසි නීතිය යටතේ.රජය කෙරෙහි විවේචනාත්ම මාධ්‍යකරුවන් දඩයම් කිරීමට අත්අඩංගුවට ගෙන රදවා ගැනීමට අවශ්‍ය නෛතික සහය මෙම මර්ධන නීතියෙන් සැපයුනා.
මොනවා වුනත් යුද්ධය ට මේක උදවුවකි කියන ජනප්‍රිය අදහස තුල සමාජය පසුගිය කාලයේ හදිසි නීතියට එරෙහි නොවූ බව පෙනෙන්නට තිබුනා.
නමුත් දැන් යුද්ධය අවසන් වී "සාමය උදාවී"මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා.
නමුත් ආන්ඩුව නැවත හදිසි නීතිය සම්මත කරගන්නවා.

ප්‍රභාකරන් නැති සන්දර්භයක් තුල දැන් මේ හදිසි නීතිය යොදාගන්නේ කුමකටද?කාට එරෙහිවද?
මෙම කාරනය අපි කලින් සාකච්ඡා කල අවිවිශිබම කැදවුම්කරු අත්අඩංගුවට ගැනීමේ සිද්දිය සමග සම්බන්ධයි.
උතුරේ ප්‍රභාකරන් සමග යුද්ධය ඉවර කල දකුනේ පාලකයා දැන් දකුනේ තමන්ට එරෙහි මත දරන්නන් ට එරෙහි මෙහෙයුමකට බරපතල ලෙස ප්‍රවේශ වී සිටිනවා.
දැන් බොහෝ අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිට විරුද්ධ එජාපයේ රනිල්.රනිල් වැඩක් නැති කෙනෙක් එම නිසා රජය විපක්ෂ බලවේග දඩයම් කලත් අවුලක් නැති බවයි.
ඇත්තටම අපි සමාජයක් ලෙස වරද්දා ගන්නවා නම් වරද්දාගන්නා බරපතල තැන මෙතනයි.
යුද්ධය ඉවර වුනා කියලා සමාජය එකතැන නතර වෙන්නේ නැහැ.සමාජය ඉදිරියට ගමන් කරන අතර ඒ ගමන් කරන මොහොතක් පාසා ගැටලු මතුවෙන්න පටන් ගන්නවා.
වර්තමාන පාලකයන්ට මේ ප්‍රශ්න වලට ඇත්තටම විසදුම් තිබෙනවාද?
අධ්‍යාපනයේ අර්බුද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගරා වැටීම පහුගිය කාලයේ ඉස්මත්තට ආ ගැටලු.උග්‍ර දරිද්‍රතාවය ආදායම් විෂමතාවය වගේ සමාජයේ ව්‍යුහාත්මක ගැටලු එකක්වත් යුද්ධය ඉවර වුනා කියල විසදෙන්නේ නැහැ.
කර්මාන්ත ශාලා වැහෙනවා.රැකියා විරහිත වූවන් දවසින් දවස වැඩිවෙනවා.මේ මොහොතේදිත් සෞන්දර්ය උපාධිධාරීන් 1000කට අධික පිරිසක් කොලඹදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.
-යුද්ධය කරපු රජතුමාට අනිත් ඒවත් කජ්ජක්ද-කියමින් ඉන්නවා මිස මේ එකදු ගැටලුවකටවත් උත්තර ලෙස සංයුක්ත ප්‍රවේශයක් බලයේ සිටින අයට නැති බව පැහැදිලියි.
ඉතින් ඒ ඒ ක්ෂේත්‍රයේ ගැටලු උත්සන්න වෙන තරමට ඒ ඒ ක්ෂේත්‍ර තුලින් විරෝධතා මතුවෙන එක වලක් වන්න බැහැ.
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අයගේ විරෝධතා,වැඩකරන ජනයාගේ උද්ඝෝෂන,රැකියා අහිමිවෙන අයගේ විරෝධතා රැලි පිට රැලි නැග ඒම මේ අනුව බලාපොරොත්තු විය හැකි අනිවාර්යයක් මිස අහම්බයක් නෙමෙයි.
රජය මේ අනුව දැන් සිටම මර්ධන නීති මුවහත් කරමින් ඉන්නේ කුමක් වෙනුවෙන්ද?කාට එරෙහිවද?
සිහි බුද්ධියක් තිබෙන කිසිම කෙනෙක්ට මේ ප්‍රශ්නයට පිලිතුර පිලිබද දෙගිඩියාවක් තිබෙන්න විදිහක් නැහැ.

ෆැසිස්ට් වාදය යනු කුනු වී යන ධනවාදයේ පිලිකාවක් බව මැක්සිම් ගෝර්කි වරෙක පවසා තිබුනා.
සමාජ ක්‍රමය ජරාජීර්න වෙන තරමට දරුනු ඒකාධිපති ප්‍රවනතා පාලකයන්ගේ පැත්තෙන් මතුවෙන එක ඕනෑම සමාජයකට අදාල දෙයක්.
කිව යුත්තේ මෙපමනයි.
ආඥාදායකත්වයේ ගමන ඇරඹී තිබේ.
මෙය නියපොත්තෙන් කඩා දැමීමට වහ වහා සමාජය උත්සුක නොවුනහොත් අවසානය පිලිපිනයේ මාකෝස් පන්නයේ ඛේදනීය පිලිකාවකින් කෙලවර වෙන්නට ඉඩ තිබේ.



3 comments:

  1. "යුද්ධය කරපු රජතුමාට අනිත් ඒවත් කජ්ජක්ද"... :D

    ReplyDelete
  2. නියපොත්තෙන් කඩා දමන්නේ තවුරුන් විස්න ද යන්න ගැටළුවකි. එසේම මෙය පෙනීම පමනක් වන නිසා අභ්‍යන්තරයේ තත්වය ගැන තව දුරටත් හොයා බැලීම ද අවශ්‍ය සාධකයකි. ලංකාවේ විකල්ප දේශපාලකයෝ හැ විටම කරන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දැගෙන කනවෝ කනවෝ යැයි කීමය. නයි කවා ගැනීම ඔවුන්ගේ ජීවන වෘත්තිය නම් ඒ ගැන අප කතා කර පලක් නැත. දැන් බඩුත්, නඩුත් හාමුදුරැවන්ගේ වී ඇත. වැඩවසම්වාදය වෙත රට සම්පූර්ණයෙන්ම ගමන් කර ඇත. මෙය ලංකාවේ යථාර්ථය නම් ලංකාවට අවශ්‍ය වැඩවසම්වාදයේ වියගසින් මුදවන ආකාරයේ තත්වයකි. එය අත්‍යවශ්‍යව ඇත. මෙය දියුනු මිනිසුන් හෝ දියුණු සම්බන්ධතා ඇති රටක් නොවේ. අප්රිකාව තරම්ම ගෝත්රික මිනිසුන් සිටින රටකි. මෙහි දේශපාලනය කෙසේ විය යුතුද යන්න ගැන තව දුරටත් සිතා බැලිය යුතු නොවේද? මේවා බටහිරවාදී ප්රජාතන්ත්රවාදය හෝ සිංහල බෙූද්ධ රාජාවලිය අනුව විසදිය හැකි නොවේ. මේවාට වගකිව යුත්තේ මේ මතවාද නිර්මානය කල පිරිස්ම බවයි අපගේනම් හැගීම.

    ReplyDelete
  3. සැබැවින්ම ලංකාවේ ජීවත් වන ප්‍රෞඩ මිනිස්සු නියපොත්තෙන් කඩ දැමීමට තරම් ඉක්මන් නොවෙති. මන්ද ඔවුන් මහගස් එක්ක හැප්පීමට කැමැත්තක් දක්වති.ඒකෙ ප්‍රතිඵල තමයි මේ දැන් දැනගත්තු ඌව පළාත්සභා ප්‍රතිඵල වලිනුත් කියවෙන්නේ.වැඩේ අනාගත්තට පස්සේ ඇටිකෙහෙල්කාපු උගුඩුවෝ වගේ බලං ඉන්නවා. මේ වෙලාවේ යමෙක් පවතින තත්ත්වය තුලින් ඊට වඩා යමක් දිහා බලන්න උත්සාහකරනවා නම් ඒක ද්‍රෝහිකමක් හැටියට හිතවන එක සමාජයට පොවලා තියෙන්නේ. ඒක අර මැට්‍රික්ස් වගේ තත්ත්වයක්.මෝෆියස් වගේ ගුටිකකා තමයි මුන්ට ඉදිරිය පෙන්වන්න වෙන්නේ.

    ReplyDelete