Sunday, June 28, 2009

ජාතිවාදය හා සමාජ ක්‍රමය පිලිබදව



1.සිංහල ජාතිවාදය සිය අනෙකා බවට දෙමලාව පරිකල්පනය කරගනී.
දෙමල ජාතිවාදය සිය අනෙකා බවට සිංහලයා ‍පරිකල්පනය කරගනී.

2.සිංහල ජාතිවාදයට අනුව සිංහලයාගේ විදවීම් වල මූලය දෙමලාය.
ඒ අනුව එය දෙමල රාජ්‍ය භාෂාවක් කිරීමට විරුද්ධය.විශ්ව විද්‍යාල ප්‍රවේශය දෙමලාට සීමා කරනවාට පක්ෂය.83 කලු ජූලිය "නරක" වුනාට ඒක සිද්ධ වුනේ දෙමලාගේ නොපනත්කම් නිසාය.මේ දිවයින තමන්ගේ උරුමය වන අතර දෙමලා තමන් කියන පරිදි සිටිනතාක් ඔවුන්ට ජීවත්වීමට ඉඩ දීමට එය සූදානම්ය.
දෙමල ජාතිවාදයට අනුව සිය වර්ගයාගේ සියලු විදවීම් වල මූලය සිංහලයාය.උතුරු නැගෙනහිර එයට අනුව දෙමල ජනයාගේ උරුමයක් වන අතර සිංහලයන් එහි පදිංචි වෙනවාට එය විරුද්ධය.කිලිනොච්චියේ පාසල් වලට පෙල පොත් නොලැබෙන්නේ සිංහල ආධිපත්‍යයේ වරද නිසාය.උතුරේ ගොවියාට නිසි මිලක් නොලැබෙන්නේ සිංහල වර්ගයාගේ ආන්ඩුවේ නොපනත්කම නිසාය.

3.සිංහල ජාතිවාදයට දෙමල වර්ගයාට එරෙහි චෝදනා ලැයිස්තුවක් පවතී.
අරන්තලාවේ භික්ෂූන් පෙති ගැසීම,දලදා මැදුරට බෝම්බ ගැසීම,මායිම් ගම්මාන වල අහිංසකයන් කපා කොටා දැමීම ආදි වශයෙන් විශාල කරුනු සහිත අනුවේදනීය ලැයිස්තුවකි එය
දෙමල ජාතිවාදයට සිංහල වර්ගයාට එරෙහිව එවැනිම ලැයිස්තුවක් ඇත.සිංහල පමනක් රාජ්‍ය භාෂාව කොට දෙමලා නොසලකා දැමීම,83 සංහාරය,දෙමල ස්ත්‍රීන් හමුදාවේ ඇතැම් අය විසින් දූෂනය කිරීම ( යාපනයේ ක්‍රිෂාන්ති සිදුවීම),සිය නෑදෑයන් මත බෝම්බ හෙලීම-මේ ලැයිස්තුවද අතිශය දීර්ඝය.කම්පනීය සිදුවීම් වලින් ගහනය.
දැන් මෙතනින් එහාට කතන්දරය කුමක්ද?
මේ දෙපිරිසට උනුනට එරෙහිව අමෝරා ගැනීමට ආයුද අපමන ඇත.මරා ගැනීමට ඉදිරිපත් කල හැකි හේතු අපමන ඇත.සිංහල ජාතිවාදය එකක් කියද්දි දෙමල ජාතිවාදය තවෙකක් කියයි.එක් පාර්ශවයක් අනුවේදනීයව එක් කරුනක් පෙන්වා දෙද්දී අනෙත් පාර්ශවය වෙනත් එවැනිම එකක් පෙන්වා දෙයි.මේවායේ ආරම්භය සෙවීම පිස්සු හැදෙන වැඩකි.

4.ඒ කරුනු පසෙක තිබියදී මහ පොලොව මත දිග හැරෙන වෙනත් කතාන්දරයක්ද පවතී.
රටේ කෘෂි කර්මාන්තය අතිශය පසුගාමීය.ඒක ඇතුලෙ උතුරේ ගොවියාට සේම දකුනේ ගොවියාටද පැවැත්මක් නැහැ.ඔවුන්ගේ පැවැත්ම අවිනිශ්චිත කලේ කවරක් විසින්ද?
මාවිල්මඩ සිංහල තරුනයාට වගේම හෙට සරනාගත කදවුරෙන් එලියට ඇදෙන දෙමල තරුනයාටද නිශ්චිත රැකියාවක් සහතික නැත.
සිංහල මිනිසුන් නිදහස් වෙලද කලාප නමැති වහල් කලාප තුලද දෙමල මිනිසුන් තේ වතු නමැති වහල් භූමි තුලද අපා දුක් විදිති.දෙපිරිසම හෙම්බත්ය.පීඩිතය.ඒ මතින් පැන නැගෙන ධනය වෙහෙසෙන්නන්ට අයිති නැත.
සදාකාලික දුගීබවේ වගකිවයුත්තා කවුද?
පාසලට පෙල පොත් ටික,ගොඩනැගිල්ල නැතිව උතුරේ පාසල් ලමයා හූල්ලද්දී සියඹලාන්ඩුවටද ඒ සෙතමය.එහි පාසල් දරුවාද අකුරු කරන්නට යම්තම් නොතෙමෙන තැනක් සොයමින් ලතැවේ.
සිංහල තරුනයාට රස්සා නැත්තෙ ඇයි?
"රටේ සුලු ජාතින්ගේ බෝවීම වැඩියි,හේතුව උන්" යැයි සිංහල ජාතිවාදය දෙමල ජනයා දෙස ඇගිල්ල දිගු කොට සිංහල පීඩිතයාව දෙමලාට එරෙහිව උසිගන්වයි.
දෙමල තරුනයාට රස්සා නැත්තෙ ඇයි?
"රටේ ආධිපත්‍යය සිංහලුන්ට,උන් අපිට වෙනස්කම් කරනවා" යැයි දෙමල ජාතිවාදය විරක්ෂාවේ ඒජන්තයා ලෙස සිංහල වර්ගයාව පෙන්නුම් කරයි.
මරා ගන්නට වලිකන මේ දෙපිරිසට විරැකියාව යනු තමන් දෙගොල්ලන්ටම "පොදු" තත්වයකි යන සරල කාරනය නොපෙනේ.
කෘෂිකර්මයේ නොදියුනු කම තමන් දෙපිරිසම "එක හා සමාන ලෙස" පෙලන බව ඔවුනට නොහැගේ.
දුගීකම සිය ප්‍රජාවන් දෙකටම අදාල ශාපයක් බව ඔවුන් තේරුම් නොගනී.

5.සියල්ලන්ම මග හරින ඇත්ත කාරනය අනෙකකි.
සිංහල මිනිසාට රස්සාවක් නැත්තේ දෙමලා නිසා නොව දෙමල මිනිසාට රස්සාවක් නැත්තේ සිංහලයා නිසා නොව මේ දෙපිරිසිටම රස්සා නැත්තේ රස්සා දිය නොහැකි පසුගාමී ආර්ථික ක්‍රමය නිසාය යන්න ඇත්ත කාරනයයි.
සිංහලයාගේද දෙමලාගේද විදවීම් වල සැබෑ හේතුව පවතින සිස්ටම් එකේ නොදියුනු බවයි.
සිංහලයන් වගේම දෙමලුන් බහුතරය දුප්පත් ඒ නිසාය.දෙගොල්ලන්ටම රස්සා නිශ්චිත නැත්තේ ඒ නිසාය.දෙපිරිසේම අනාගතය අවිනිශ්චිත වන්නේ,සිහල වාගේම දෙමල දරුවන්ටද හරි හමන් අධ්‍යාපනයක්,සුබසාධන සේවයක් නොලැබෙන්නේ සිංහලයන් මෙන්ම දෙමලුන්ද ජීවත් වෙන සමාජ ආර්ථික රාමුව ඉතාම නොදියුනු,පසුගාමී හා අසාධාරන එකක් වන නිසාය.
මේ නිසා වඩා හොද ජීවිතයක් වෙනුවෙන් ඇත්තටම අරගල කල යුත්තේ කුමක් සමගද?
වඩා සාධාරන හා දියුනු ආර්ථික සමාජ පරිසරයක් නිර්මානය කිරීම වෙනුවෙන් පවතින නොදියුනු ක්‍රමයට එරෙහිව නැගිටින එකයි ඇත්තටම සිදුවිය යුත්තේ.
නමුත් ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද?system එකට එරෙහි සටන පසෙක තබා එක ලෙස දුක් විදින ප්‍රජාවන් දෙකක් එකිනෙකා සමග යුද වැදීමයි.සිය විමුක්තිය වෙනුවෙන් දෙමලා සිංහල දුප්පතාව කැති ගායි.තමාට ලැබේ යැයි සිතන "උරුමය" වෙනුවෙන් සිංහලයා දෙමලාව බැද දමා පහුරු ගෑ යුතු යැයි විශ්වාස කරයි.
නිදහසින් පසු ගත වූ අවුරුදු 60 තුලම අපි මේ දේ ඔනෙවාටත් වඩා හොදින් සිදු කලෙමු.සිංහල මෙන්ම දෙමල ලේ වලින් මේ බිම කෙතරම් නම් තෙත් වුනාද?
නමුත් අවසානයේ සිංහලයා හෝ දෙමලා ලද සැබෑ විමුක්තියක් වේද?සැබෑනිදහසක් වේද?
රට තාම එක තැන හිරිවැටී තිබේ.ජනගහනයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් තවම ජිවත් වෙන්නේ දෛනික ආදායම ඩොලර් 2 නැමැති ඉතාම දරුනු දරිද්‍රතා සීමාවකට පහලින්ය.
ප්‍රභාකරන්ට නෙලපු නිසා තමන් ගොඩ යැයි සිංහලයා සිතා සිටී.
හමුදාවට වදින කාලේ තමන් ගොඩ යැයි සාමාන්‍ය දෙමලාද සිතා සිටින්නට ඇත.
නමුත් සත්‍යය නම් මේ කවුරුත් ගොඩ නොගිය බවයි.ගොඩ නොයන බවයි.මන්ද යත් සකල විදි අර්බුදයන්ගේ පදනම වන දුර්වල සමාජ ආර්ථික ආකෘතිය නමැති බැම්මෙන් මේ කවුරුත් වෙලී සිටින නිසාය.
පවතින අසාධාරන සහ අසාර්ථක system එක තිබෙන තුරු මේ කවුරුත් ඇත්ත වශයෙන්ම "ගොඩ" නොයනු ඇත.

6.එක ලෙස දුක් විදින ප්‍රජාවන් දෙකක් එකිනෙකා හා කෙටවීමෙන් රැකෙන්නේ කුමක්ද?
සමාජ ආර්ථික ක්‍රමයයි.පීඩාවට ලක්වූවන් එකිනෙකා කැති ගා ගන්නා අතර පීඩනයේ සැබෑ හේතුව වන "ක්‍රමය" නිරුපද්‍රිතව විරාජමානව පවතී.මේ අවුරුදු 60 ක ලංකාවේ දේශපාලන ඉතිහාසය එක වැකියකට ගත්විට ලැබෙන සාරාංශයයි.
මේ අනුව සිංහලයන්ව හා දෙමලුන්ව එකිනෙකාට එරෙහිව උසිගන්වන සිංහල/දෙමල ජාතිවාදයන් අවසන් වශයෙන් සේවය කරන්නේ කුමකටද?
මේ දෙකම සේවය කරන්නේ සිංහලයාව හා දෙමලාව පීඩාවට පත් කරන system එකට මිස අනෙකකට නොවේ.
මේ අනුව කෙතරම් පරස්පර යැයි පෙනුනත් මේ ජාතිවාදයන් දෙකම එකම කාසියේ දෙපැත්තය.එකක් මත අනෙක යැපේ.එකම අවසානයක් වෙනුවෙන් දෙකම පේවේ.

7.දෙමල ජාතිවාදයට විරුද්ධ ඇතැමුන් සිංහල ජාතිවාදයේ වරදක් නොදකී.දෙමල වර්ගවාදයට එ‍රෙහිව ඔවුන් සිංහල වර්ගවාදයේ සරන යයි.
(නලින් ද සිල්වා,චින්තන පර්ෂදය,චම්පික රනවක,හෙල උරුමය,චන්න සුදත් ජයසුමන - කැමති තරමක් නම් දාගෙන හිස් තැන් පුරවා ගන්න)
සිංහල ජාතිවාදයට විරුද්ධ තවත් සමහරුන් දෙමල ජාතිවාදය (සෘජුව හෝ වක්‍රව)සාධාරනීකරනය කරමින් ඒ වෙනුවෙන් කතා කරති.
(වික්‍රමබාහු,කුමාර් රූපසිංහ,නිමල්කා ප්‍රනාන්දු,නහුතයක් රාජ්‍ය නොවන සංවිධාන. - etc,)

8.සැබැවින්ම අවශ්‍ය මේ දෙකම නොවේ.මේ දෙකම එකම කාසියේ දෙපැත්ත බව තේරුම් ගනිමින් ප්‍රශ්නයේ ඇත්ත "මූලය"වන ක්‍රමයේ ගැටලුව මතු කරගන්නා දේශපාලන භාවිතයක් අවශ්‍ය වී තිබේ.
සිංහලයන් හා දෙමලුන් උනුනට එරෙහිව නොව දෙපිරිසේම පොදු සතුරා වන සමාජ ක්‍රමයට එරෙහිව උසිගැන්විය යුතුය.
මරා දැමිය යුත්තේ ප්‍රජාවන් දෙකේ දුක් විදින අහිංසකයන් නොව ප්‍රජාවන් දෙක පෙලන සමාජ ක්‍රමයයි.
කැති ගෑ යුත්තේ දෙපාර්ශවයේ සාමාජිකයන් නොවේ.
දෙපාර්ශවය වහල්භාවයට පත්කොට තිබෙන සමාජ ආකෘතියයි.එම ආකෘතියේ පදනමයි.

5 comments:

  1. ලංකාවේ මේ තත්වය ආක්‍රමණිකයින්ට හොඳ තෝතැන්නක් බවට පත්කර තිබෙනවා. අනික මම මෙහෙම දෙයකුත් දැක්කා. යටත් විජිත විධියට පැවතුන රටවල් බොහොමයක(සියල්ලේම නොවේ) තවමත් මෙවැනි බොහෝ ගැටුම් පවතිනවා. (උදා: අප්‍රිකාවේ නොනවතින සිවිල් යුද්ධ, ඉන්දියා-පකිස්තාන් අවුල) ඉතින් මට හිතෙන්නේ මේ ගැටුම් අවුලුවන්න මේ අධිරාජ්‍ය රටවල් යම් තල්ලුවක් දෙන්න ඇති.(අනික මේ රටවල යුධ හා දේශපාලනික යාන්ත්‍රණ අපේ රටවලට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ - එනිසා මෙවැනි දෙයක් ඔවුන්ට අපහසු දේ නොවේ.) මොකද ඔවුන් තමන්ගේ යටත් විජිත ඇතෑරියේ කැමැත්තකින්වත්, ඒ යටත් විජිත රටවල මිනිස්සු ගැන දුකකින් වත් නොවේ. හුදෙක් දේශපාලනික හා ආර්ථික හේතු මතයි. ඉතින් මේ රටවල් අත්හරිද්දී තවදුරටත් ඒ රටවල් හූරා කෑමේ "ආශාවක්" තිබීමේ සම්භාවිතාවය ඉහලයි. මෙවැනි ගැටුම් ඒ අරමුණු ඉටු කර ගැනීම බොහෝ සෙයින් පහසු කරනවා.(යුධමය හෝ දේශපාලනික යටත් කිරීමකින් තොරවම) මේ ගැන ඔබේ මැදහත් අදහස කුමක්ද?
    (අමතර: ආර්ථික ප්‍රහාරකයෙකුගේ පාපොච්චාරණයක් පොත මේ අදහස සඳහා මට බොහෝ සේ බලපෑවා.)

    ReplyDelete
  2. මචෝ, crash(http://www.baiscopelk.com/?p=4) ෆිල්ම් එක බලන්න. ජාතිවාදය, වර්ණවාදය ආදිය ගැන අපූරු විවරණයක් ඒකෙ තියෙනවා. ඔබ කියන කතාවටත් එය අදාලයි.

    ReplyDelete
  3. @jeewantha- I think it is about time we stop blaming British for our faults. It has been more than 50 years from the time they left and we should be able to be ahead of these people who really destroyed our countries. But you do have a point about other countries taking advantage from this situation.
    West HATES the east. That is almost a fact(by that i mean western countries). They don't like "devoloping countries" really devoloping.
    so as you said they are making use of the situation and fuling the war but we should always remember this is our country and we are suppose to keep the peace here.

    And about the post...
    This is one of the very best articals i've read in a while. But the sad news is most people are just happy about reading the news of the grate army erasing the evil terrorists. We are all happy that the terrorism is gone but I still hear "Oya demellu ekekwath wiswasa karanna baha" too often.
    I am sure this is the case in the camps in the north as well.

    The easiest way to stop these fights is to erase diversity. Not by killing all people in one race but by setting an "international" standerd to everything like other "devoloped" countries. (I donot belive this is a good thing)
    For example when anyone goes to america they instantly become american. They have no choise but to blend in.
    The thing here is we have differant people from differant backgrounds.
    We should be able to get to a lasting solution keeping this divercity intact.

    ReplyDelete
  4. @ ජීවන්ත

    සම්පූර්නයෙන් එකගයි.වෙනත් අධිපතිවාදී රටවල මැදිහත්වීම කියන්නෙ මේ ප්‍රශ්නයේ තවත් වැදගත් පැතිකඩක්.ජාතිවාදයන් එකිනෙකාට විරුද්ධව ‍පෝෂනය කරන එක බ්‍රිතාන්‍ය යුගය දක්වා දිව යන එකක්.
    යම් රටක තියන වාර්ගික/ආගමික/ප්‍රාදේශීය වෙනස්කම් අතර ගැටුම් ඇවිලෙන තරමට ඒ රට දුර්වල කරල ඒ රටට මැදිහත්වීමේ අවකාශය අර අධිපතිවාදී රටවල්වලට ලැබෙන නිසා ඒ අය හැමවිටම වගේ භේදකරනයට එක් හෝ තවත් ආකාරයකින් පක්ෂ ස්ථාවරයකයි ඉන්නෙ.(not me ත් සදහන් කර තිබෙන ආකාරයට)කොහොමත් පරිධියේ රටවල දුර්වල සමාජ ආර්ථික ක්‍රම ශක්තිමත් ඒවා විදිහට නැගිටිනවට ඒ අය ප්‍රිය නැහැ.ඒ අර ඔබ කියන සූරාකෑමේ විභවය අහෝසි වෙන නිසා.

    @ not me
    //We are all happy that the terrorism is gone but I still hear "Oya demellu ekekwath wiswasa karanna baha" too often.//

    yes that is true and that is one of the grave challenges our society face today.Anyway my suggestion is not "erasing"diversities.To erase diversities some way or other you have to use force.Diversities should be their,but the necessity is developing a common ( sri lankan) consciousness among the masses which can overcome the narrow "racist"consciousness.
    -In the US cultural identities and diversities "do" exist,{afro american/anglo american/spanish speaking communities etc}but they have managed to unite these diversities within a common "American" consciousness.
    How did they succeed and why did we fail?This wil be an interesting subject to discuss.

    ReplyDelete
  5. සමස්ත සමාජය සමාජක්‍රමයකට අනුව හැඩගැසී තිබීම කියන එක ගොඩාක් අය පිළිගන්න අකමැති සහ කතාකරන්න අකමැති දෙයක්. එතනදි බොහෝ පිරිස් උත්සාහ කරන්නේ සමස්ත මගහැර සෘජු ගැටළුවට පමණක් පිළිතුරු සැපයීමයි.මේ නිසාම සමස්තය මග හැර ගැටළුව වෙනෙකක් පිට පැටවීමට දෘෂ්ඨිවාද ගොඩනැගෙනවා.එත් ඉතිං දැන දැනම ඇත්ත ගැටළුව කෙතෙක් දුරට මගහැර යාහැකිද කියන එක ගැටළුවක්.
    good post Rama,

    ReplyDelete