Sunday, March 15, 2009

පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය


පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම ගැන නැවත සාකච්ඡාවක් ඇති වෙමින් පවතින බව පෙනෙනවා.අවුරුදු විසි ගනනක් තිස්සේ කෙරීගෙන එන මේ සාකච්ඡාවන්ගේ ස්වරූපය සලකන විට එම සාකච්ඡාවනට සම්බන්ධ වෙන විවිධ පාර්ශව වල ස්වරයන්ගේ වෙනස්කම් දැකිය හැකියි.අවුරුදු ගනනකට පෙර පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉතාම දුෂ්කර තත්වයන් යටතේ එරෙහි වූ මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා වැනි අයෙක් පවා සිය පිල් මාරු කර තිබෙනු වත්මන් සාකච්ඡා තුලදී දැකගත හැකියි.ජනමාධ්‍ය බොහෝමයක පවා අදහස් පලවන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයන් හොදයි යන පාර්ශවයට වැඩි බරක් තැබෙන ආකාරයේ ලිපි ලේඛන.ලක්බිම ඉරිදා සංග්‍රහයට පු.වි.වි වල යහපත ගැන සතිපතා ලිපි ලිවීම එක්තරා මහාචාර්යවරයෙක්ගේ දින චර්යාවක් බවට පත්වී ඇතිදැයි සැක සිතෙන තරමට ඒ වෙනුවෙන් එම මහත්වරුන් කැප වී වැඩ කරමින් ඉන්නවා.
සාමාන්‍යයෙන් පුද්ගලික වි.විද්‍යාල වෙනුවෙන්,ඊට පක්ෂව මතුවෙන තර්ක කිහිපයක් පවතිනවා.
උසස් පෙල සමත් වෙන අයගෙන් පවතින වි.වි පද්ධතියට අවශෝෂනය වන පිරිස ඉතාම සීමිත බවත් අනෙත් අයට අවස්ථාව ලබා දෙනු වස් පුද්ගලික වි.වි ඇරඹිය යුතු බවත් ඉන් එක තර්කයක්.ලක්බිමට ලියන මහාචාර්යවරයා බදු අයගේ දැක්මට අනුව එය වූ කලී "ජාතික"අවශ්‍යතාවයක්
ජාතික වි.වි පද්ධතියට නොතේරෙන විශාල ප්‍රමානයක් දැනටමත් විදේශ අධ්‍යාපනය සදහා රට යන බවත් ඔවුන් නිසා පිට යන විදේශ විනිමය රට තුල රදවාගනු වස් මේ පියවරට යා යුතු බව ගෙනෙනු ලබන තවත් තර්කයක්.රාවය පුවත්පතට පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් සැප්තැම්බර් මස පිහිටුවීමට යෝජිත වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයා වන නෙවිල් ප්‍රනාන්දු මහතා මේ අදහස දැඩිව අවධාරනය කොට තිබුනා.
ලංකාවේ උසස් අධ්‍යාපනය ගැටලු ආකරයකි යන්න පිලිගත යුතු කරුනක්.සමාජ ආර්ථික වශයෙන් ගරාගෙන වැටෙන රටක අධ්‍යාපන පද්ධතිය පමනක් සුන්දර විදිහට පවතින්නට හැකියාවක් නැහැ.නමුත් මෙසේ මතු වී තිබෙන අධ්‍යාපන ක්‍රමයේ අර්බුදයට යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල ඇත්තෙන්ම විසදුමක්ද යන්න සොයා බැලිය යුතු කරුනක්.මෙතනදී සැලකිය යුතු කාරනය නම් පුද්ගලික විශ්ව විද්‍යාල "උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයට"විසදුමක්ද නැද්ද යන්න විනා සමාජයේ එක්තරා "කොටසක"ප්‍රශ්න වලට විසදුමක්ද යන්න නොවෙයි.දෙනු ලබන විසදුම සමාජයට සමස්ථයක් විදිහට ලැබෙන ස්ථාවර පිලිතුරක් විය යුතුයි.එසේ නොවී සමාජයේ සීමාසහිත පිරිසකට ලැබෙන ආස්වාදයක් හෝ සැනසුමක් "සමාජයේ"ප්‍රශ්නයට ලද පිලිතුරක් ලෙස සැලකීම නිවැරදි නැහැ.
මේ කාරනය සලකන විට මට හැගෙන්නේ පුද්ගලික වි.වි සමාජයේ ඇති අධ්‍යාපන අර්බුදයට සැබෑ පිලිතුරක් නොවන බවයි.එය හුදෙක් පැලැස්තරයක් පමනක් වන අතර අවාසනාවන්ත කරුන නම් එම පැලැස්තරය මෙතෙක් නොවූ අමතර ප්‍රශ්න අධ්‍යාපන ක්ෂේත්‍රය අරභයා මතුකල හැකි පැලැස්තරයක් වීම.
උසස් පෙල සමත් වි.විද්‍යාලවලට නොතේරෙන අයට පුද්ගලික වි.වි පිහිටවූ විට උසස් අධ්‍යාපන අවස්ථාවක් ලැබේ යන්න මතුපිටින් ගත්විට ආස්වාදනීය තර්කයක්.නමුත් ඒ සමගම මතු කල යුතු ගැටලුව වන්නේ ඒ අවස්ථාව ලැබෙන්නේ "කාටද?"යන්නයි.
පුද්ගලික වි.වි පිහිටුවා පොදුවේ අධ්‍යාපන සුදුසුකම් තිබෙන සියලු දෙනාට භේදයකින් තොරව අධ්‍යාපන ලබා දෙන්නට කටයුතු කරනවා නම් එවැනි ගැටලුවක් මතුවෙන්නේ නැහැ.නමුත් අවාසනාවකට වගේ පුද්ගලික වි.වි ප්‍රවේශයේදී (සමහරවිට අධ්‍යාපන සුදුසුකම් වලටත් වඩා)අතිශය තීරනාත්මක ‍වන වෙනත් අවශ්‍යතාවයක් තිබෙනවා.ඒ තමයි ආර්ථික හැකියාව පිලිබද අවශ්‍යතාවය.
පුද්ගලික වි.වි පිහිටුවන්නේ පිනට නෙවෙයි යන්න පැහැදිලියි.ඕනෑම පුද්ගලික ව්‍යවසායක වගේම මෙවැනි ආයතන වලත් අභිප්‍රාය පලමුවත් දෙවනුවත් තෙවනුවත් ලාභ ඉපයීම.සීමිත ඉඩකින් අසීමිත ලාභ.මේ නිසා පු.සරසවි ප්‍රවේශය අනිවාර්යයෙන්ම මෙම ලාභය පිලිබද තර්කනයට යටත් වෙනවා.අපි දන්නවා දැනටමත් රාජ්‍ය වි.වි පද්ධතිය තුල වෛද්‍ය උපාධිය වැන්නකට එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25කට ආසන්න ප්‍රමානයක් වැය කෙරෙනවා.පුද්ගලික ආයතනයක් කවදාවත් ලක්ෂ විසිපහක් නිකම් වැය කරන්නට සූදානම් වෙන්නේ නැහැ.මේ අනුව උසස් අධ්‍යාපනයට මිල නියම වෙන අතර කවුරු කෙසේ සගවාගන්නට උත්සාහ කලත් සත්‍යය නම් පුද්ගලික වි.වියන්හි දොර හැරෙන්නේ එම මිල දැරීමේ හැකියාව සහිත පුද්ගලයන්ට පමනක් බවයි.
මේ අනුව පු.වි.විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට නොතේරෙන "සියලු"දෙනාට ලැබෙන අවස්ථාවක් ලෙස අර්ථ දැක්වීම සම්පූර්නයෙන්ම සාවද්‍යයි.දැනගැනීමට ඇති තොරතුරු අනුව සැප්තැම්බරයේදී පිහිටුවීමට නියමිත වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 60කට ආසන්නයි.දැන් මතු කල යතු ප්‍රශ්නය නම් මේ මිල ගෙවීමේ හැකියාව ඇත්තේ සමාජයේ කොපමන පිරිසකටද යන්න.පැහැදිලිවම ඔය ලැබෙනවා කියන අවස්ථාව සමාජයේ "සියලු"දෙනාට,අඩුම තරමින් සමාජයේ බහුතරයක් දෙනාට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.රාජ්‍ය වි.විද්‍යාලවලට නොතේරෙන අයගෙන් "ආර්ථික හැකියාව ඇති" ස්ථරයකට ලැබෙන අවස්ථාවක් පමනයි.
මේ කාරනයේදී ජනමාධ්‍ය ඇතුලු බොහෝ අය අමතක කරන කරුනක් තියෙනවා.ඒ අපේ සමාජයේ ස්වභාවය.ලංකාව කියන්නේ ජනගහනයෙන් 46%-හරි අඩක‍ට ආසන්න ප්‍රමානයක්-දෛනික ආදායම ඩොලර් දෙකේ සීමාවටත් පහල ජීවත් වෙන රටක්.උස ගොඩනැගිලි,විශාල බිල්බෝඩ්,දිලිසෙන විදුලි බුබුලු,සුඛෝපභෝගී සාප්පු සංකීර්න,airtel වෙලද දැන්වීම්,චිකන් ෆ්‍රයිඩ් රයිස්,siarasa dancing star season2-මේ වගේ මතුපිට සැරසිලි ඉවත් කලාම අපිට ලැබෙන්නෙ සෑම මිනිසුන් හතර දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් අන්ත දරිද්‍රතාවයට ලක්ව දවසරින දුගීන්ගේ රටක්.
දැන් මතුවන ප්‍රශ්නය තමයි ලක්ෂ ගනනක වෛද්‍ය උපාධිය විවෘත වෙන්නේ කාටද යන්න.රාජ්‍ය වි.විද්‍යාලයට නොතේරෙන පදවියේ ගොවි පවුලේ දරුවාට ඒ දොර විවෘතද?වතුකරයේ තරුනයාට ඒ දොර විවෘතද?අක්කරෛපත්තුවල,කම්බිඅඩියේ සාමාන්‍ය පවුල්වලට ඒ ඉඩ පවතීද?
ඇත්තටම නාගරික සාමාන්‍ය මධ්‍ය පංතිකයාටත් මෙවැනි පිරිවැයක් දැරිමේ හැකියාවක් තිබෙනවාද?
අවාසනාවකට සමාජයේ බහුතරය සංයුක්ත වෙන්නෙ එම සමාජ ස්තරයන්ගෙන් හා පංතීන්ගෙන් මිස ඉහල ක්‍රය ශක්තියක් ඇති පවුල්වලින් නෙමෙයි.
මේ අනුව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලත් එය එක්තරා සමාජ කොටසක වරප්‍රසාදයක් බවට පත්වීම වලක්වන්නට බැහැ.එතන තිබෙන තර්කය මෙවැන්නක්.හැමෝම A-level කරනව.ඉන් වැඩිම ලකුනු ගන්න පිරිසක් විශ්ව විද්‍යාලයට යනව.ඉතුරු වෙන පිරිසෙන් ගෙවීමේ හැකියාව තියෙන තවත් පංගුවකට වෙනම පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නවා.ගෙවන්න හැකියාව නැති අනිත් විශාල පිරිස වෙන අතක් බලාගන්න ඕන.ඒ පිරිසට වි.වි වරම් අහිමි වුනේ මේ අනුව ඔවුන්ගේ කුසලතාවයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.ඉහල මිලක් ගෙවීමේ හැකියාව නැති නිසා.
සීමිත කොටසකට වාසියක් විය හැකි වුනත් මේ අනුව එවැනි ක්‍රමයක් විශාල බහුතරයකට අවාසියක් සහ අසාධාරනයක් වෙනවා.
මෙතනදි බොහෝ විට ගෙනෙන තර්කයක් තමයි සල්ලි තියන අය ගෙවල ඉගෙන ගත්තම මොකද.ඇයි ඔයාලට ඊරිසියද කියන ප්‍රශ්නය.මේ ප්‍රශ්නය නිරීක්ෂනය කල යුත්තේ සමස්තයක් ලෙස අරගෙන.යම් පිරිසකට "වාසියක්"වෙන දේ තවත් විශාල පිරිසකට "අසාධාරනයක්"වෙනවා නම් එම "වාසිය"සමස්ථ සමාජයේ වාසියක් ලෙස අර්ථකතනය කරන්න බැහැ.
නිදසුනක් විදිහට උසස් පෙල කරන x,y,z,සහ Aට විශ්ව විද්‍යාලයට යන්න යම් ලකුනු ප්‍රමානයක්-හැමෝටම ලකුනු 1ක් යැයි උපකල්පනය කරමු-අඩුවෙනවා.පුද්ගලික උපාධියකට අවශ්‍ය පිරිවැය දරන්න පුලුවන් X ගේ පවුලට විතරයි.දැන් උත්තරේ විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවම x ටත් සරසවි වරම් ලැබෙනවා.ඒ ලකුනුම ගත් අනෙත් තිදෙනා බලාගෙන ඉන්නවා.කුසලතාවය අතින් සම තැන සිටියත් මෙතනදී තීරක සාධකය වෙන්නෙ ආර්ථික ශක්‍යතාවය.x "වාසියක්"ලෙස දකින දේ ඇත්තටම තවත් තිදෙනෙකුට අවාසියක්/අසාධාරනයක් බවට පත්වෙනවා.මෙතනදී වෙන්න පුලුවන් නරකම දෙයක් තමයි ලකුනු මේ සියලු දෙනාටම වඩා අඩු වුනත් ගෙවීමේ හැකියාව පමනක් තිබේනම් කොහේවත් සිටින B කෙනෙක්ටත් පෝලිම කඩාගෙන විත් පුද්ගලික උපාධියක් ලබාගැනීමට අවස්ථාව ලැබීම.අනෙත් අයට සිදුවන අසාධාරනය තවත් බරපතල වෙන්නෙ මෙතනදී.
(මෙතනට ඇත්ත පිලිතුර වෙන්නෙ උසස් අධ්‍යාපනය මුදල් ගෙවීමේ හැකියාව මත වෙන්දේසි කිරීම නොවෙයි.පවතින සරසවි පද්ධතිය වැඩි සිසුන් පිරිසක් අන්තර්ග්‍රහනය කරගැනීමට හැකි අයුරින් ප්‍රසාරනය කිරීම.මේ ගැන ඉදිරියේදී සාකච්ඡා කල හැකියි)
මේ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල පවතින ගැටලුවට යුක්ති සහගත පිලිතුරක් නොවෙනවා පමනක් නොවෙයි,තිබෙන සමාජ විෂමතාවය තවත් පලල් කරන්න එය හේතු වෙනවා.(විභාගෙ හරි නොගියත් සල්ලි තියෙන අය ගොඩ,නැති අයට හුලං- යනුවෙන්)
මේ අනුව ඇත්ත කතන්දරය පුද්ගලික විශ්ව විද්‍යාල යනු "ජාතික"උවමනාවක් නොව ඉහල මධ්‍යම පංතියට ලැබෙන බෝනස් එකකි යන්නයි.මෙවැන්නකින් සමාජ පිරමීඩයේ පතුලේ ජීවත්වෙන අති විශාල බහුතරයට ඇත්තටම ලැබෙන දෙයක් නැහැ.දැන් සීමිත කොටසකට ලැබෙන වරප්‍රසාදයක් "ජාතික"උවමනාවක් ලෙස පෙන්වන්නේ ඇයි?
අධ්‍යාපනය යනු හොද මිලකට අලෙවි කල හැකි වෙලද භාන්ඩයක්.මිලදී ගැනීමේ හැකියාව සියල්ලන්ට නැතත් අධි මිල ගනන් යටතේ මින් ලද හැකි ලාභය අතිශය විශාලයි.ව්‍යාපාරික මහත්වරු පුද්ගලික විශ්ව විද්‍යාල හදන්න මේ තරම් කැස කවන්නේ ජාතියට සෙත සලසන්න නෙමෙයි.මෙය වූ කලී හොද ගානක් හම්බු කරගත හැකි ඉල්ලමක්.ඇතැම් මහාචාර්යවරුන් නිදි මරාගෙන,දාඩිය පෙරාගෙන මේ ගැන ලිපි ලියන්නෙ "ජාතික"හැගීමකින්ද,පුද්ගලික විශ්ව විද්‍යාලයකට රිංගාගතහොත් භුක්ති විදිය හැකි යැයි සිතන ඉහල වේතන මට්ටම් වලට ආසාවෙන්ද යන්න නැනවත් අය තෝරා බේරා ගත යුතු කරුනක්.
කෙසේ වුනත් පුද්ගලික විශ්ව විද්‍යාලයන්ට පක්ෂව දැනට ගොඩනැගී ඇති කතිකාව ඉහල මධ්‍යම පංතික දෘෂ්ටිකෝනයකින්{petite bourgeois perspective}ගොඩනංවන ලද්දක්.කේවල් කිරීමේ බලයක් හෝ සිවිල් බලයක් නැති මහා සමාජයේ බහුතරයක අදහස් මේ කතිකාව තුල ඇත්තෙන්ම සලකා බලා නැහැ.එපමනක් නෙමෙයි,ඔවුන් ගැන සිතාබැලීමක් හෝ මෙම කතිකාව තුල සිදුවී නැහැ.
මෙම මාතෘකාව පිලිබද වෙනත් පැතිකඩ කිහිපයක් සමග ඉදිරියේදී සාකච්ඡාවක් ගොඩනගාගන්නට උත්සාහ ගනිමු.විශේෂයෙන්ම අධ්‍යාපන අර්බුදයට ඇත්ත උත්තරයක් හොයාගන්නෙ කොහොමද,රාජ්‍ය වි.විද්‍යාල පුලුල් කරන්න ආන්ඩුවට සල්ලි නැද්ද,නැතිනම් මොකද කරන්නෙ,පුද්ගලික වි.විද්‍යාල හමුවේ රජයේ විශ්ව විද්‍යාල පවතීද-මෙවැනි ගැටලු ගනනාවක් මේ විෂය හා බැදී පවතිනවා.
කෙසේ වුනත් මේ පිලිබද කතාකිරීමේදී පුලුල් මානසිකත්වයක් සහිත වීම වැදගත්.අපි කාට කාටත් යමක් දෙස බලද්දී අපගේ පංති පසුබිම විසින් ජනිත කරන ලද සීමාවන් බලපානවා.නමුත් හුදු මධ්‍යම පංතික දෘෂ්ටියකට සීමා වුනොත් අහුවෙන්නේ සමස්ත ප්‍රශ්නයේ එක කොටසක් පමනයි.ප්‍රශ්නයක් සමස්තයක් ලෙස නිවැරදිව ග්‍රහනය කර ගන්නේ නැතිව එය විසදීම කිසිසේත් කල හැක්කක් නොවේ.

72 comments:

  1. මම මේ ගැන ලිව්වා කාලයකට කලින්...
    http://chamila-dealwis.blogspot.com/2008/11/blog-post.html යටතේ.
    මේක කොච්චර කිව්වත් ආයෙත් කියයි ඉරිසියාව කියලා. ඊට පස්සේ පීඨ ගහගන්නවා ඒක නිසා වැඩක් නෑ කියයි. ඊළඟට කියයි අපි රස්සා කරනවා අරගොල්ලෝ තාමත් ඉගෙන ගන්නවා කියලා. අ‍පේ ඔය "අසාධාරණේ" වෙච්ච අයට කියන්න ‍ලොකු ලිස්ට් එකක් තියෙනවා. බලන්නකො. මෙතනටත් එයි. මාර ලස්සනයි ඒ ලිස්ට් එක.

    ReplyDelete
  2. අපි මොනවා කිව්වත්, සල්ලි තියෙන උන්ගේ ලමයි රට යවනවා ඉගෙන ගන්න .. ඉතිං ඒ සල්ලි අපේ රටේම, සංසරණය වෙන්න සැලැස්සුවොත් අඩුම තරමින්, ඒ university එකේ 'Canteen'එක කරන 'එකාවත්' ගොඩ යයි..
    මම නම් ආවේ 'schol' එකකින්.. ඒත් අපේ රටේ ලොකු ලොකු පවුල් වල ලමයි, මෙහේ ඉගෙන ගන්න එනවලු.. මට හිතා ගන්න බෑ, කොයි තරම් සල්ලි කන්දරාවක් උන්ට එවනවා ඇතිද කියලා..ඒ තරමටම වියදම වැඩියි..
    අනේ මන්දා....

    ReplyDelete
  3. ඉගන ගැනීමෙ කාරනය ජාතිය අවශ්‍යතාවයක් නොවෙයී. ඒක ප්‍රාතමික මානව අවශ්‍යතාවයක්. ඒ වුනාට මලේ, අපිට හරියනවනම්, අනිකට හෙන ගහලා ගියත් අපිට මොකෑ. දැන් ඔය ඒලෙවල් ෆෙල් වෙච්චි කෙල්ලෝ ඩුබායී ගිහිල්ලා, කොල්ලො කොරියා ගිහිල්ල ඒවන සල්ලි වලන් කරන්න දෙයකුත් එපෑයැ. මමනම් කියන්නේ ඒ ලෙවල් ෆෙල් වෙච්චි එවුන් හොයන සල්ලි වලින් විස්ව විද්‍යාලවල නොමිලෙ උගන්න එක විතරක් නොවෙයී, උපාදි දාරින්ට ඒ මුදලින් රස්සාවලුත් දෙන්න ඕනෙ කියලයී. හදිස්සියෙ හරි ඔය හැම කොල්ලටයි බල්ලටයි ඉගන ගන්න දුනෝතින් අපි වගේ බුද්දිමතුන්ට යන කල මොකෑ.
    දැන් බලන්න අපි නොමිලෙ උගන්නලා කොච්චර බුද්දිමතුන් බිහි කොරලා තියනවාද. හදිස්සියෙ හරි ලංකාවෙ සංවුර්ත උසස් අධ්‍යාපනයක් තිබුනෙ නැත්තම් ලංකාවත් ඔය සිංගප්පුරුව ජපානේ වගේ විවුර්ත අධ්‍යාපනයක් තීයෙන තුන්වෙනි ලෝකෙ රටක් නොවැ.

    ReplyDelete
  4. ඕකෙ මෙහෙම දේකුත් තියනවා.ඔය කියන වෛද්‍ය විද්යාලය රුසියාවේ විශ්ව විද්යාලයක් එක්ක එකතු වෙලානෙ පටන් ගන්නෙ.ආරන්චි හටියට අය කරන ගාස්තුවෙන් සෑහෙන කොටසක් රුසියාවටලු යන්නේ. ඉතින් අපෙ සල්ලි අපිට ඉතුරු වෙන් නෑනෙ.තව දෙයක් තියනවා, ඕකෙන් බිහිවෙන වෛද්‍යවරුන් ලන්කාවෙ මිනිස්සුන්ට සේවය කරය්යෑ.උන් රට පනිනවා

    ReplyDelete
  5. ඉතිහාසය තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට උත්සහදරන 7 වෙනි හෝ 8 වෙනි අවස්ථාව තමයි මේ. ඒත් ඉහත අවස්ථාවන්ට සාපේක්ෂව මේ වතාවේ ඊට නැගෙන සමාජ ප්‍රතිරෝධය සැලකිය යුතු ලෙස අඩුයි. කලකදී මේ ගැන විවේචනාත්මකව සිතපු ආචාර්්‍ය-මහාචාර්යවරුන්ගේ ඉඳල විකල්ප පත්තර වල ‍රැඩිකල් කතෘවරුන් පවා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස තර්ක කරනවා.
    ඔවුන් පු.වි.වි පිහිටුවීමේ අවශ්‍යතාවය සඳහා ගෙනෙන තර්කයන්ට අනුව ප්‍රධාන කරුණ තමා ඔය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව නොලැබෙන ළමයින්ට ලබෙන අවස්ථා පිළිබඳ ප්‍රශ්නයත්, ඒ නිසා විදේශ රටවලට ඇඳී යන ජාතික ධනය පිළිබඳවත්. මතුපිටින් බලනකොට පේනවා ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේද? ඉතිං පු.වි.වි තුලින් මේ අයට අවස්ථාවක් දෙන ඒක වැරැද්දක් නැති බවත්. ඒ නිසාම ගොඩක් අය ගේන තර්කයත් ඕක තමයි. හැබැයි ඔය තර්කය ගේන කිසිකෙනෙක් ලංකාව තුල මේ පු.වි.වි බිහිවීමත් එක්ක ඇතිවන ප්‍රායෝගික තත්වය ගැන අවධානයක් දක්වන්නේ නැහැ.
    රාමචන්ද්‍ර කිව්ව වගේම මේ බිහිවන පු.වි.වි මුදල් හා ලාභය මත පදනම් වීම නොවැලැක්වයි හැකි දෙයක්. ඒ නිසා අනිවාර්්‍ය ලෙස මේවාට යන්න ලැබෙන්නේ එක්කෝ ඉහල මැද පාංතික පවුල්වල දරුවන්ට නැතිනම් ඉන් ඉහල වත්කමක් ඇති පවුල්වල දරුවන්ට. (ඊරිසියාවකට නෙමෙයි)
    ඊලඟට මේවා බිහිවීමත් එක්ක ඇතිවන තරඟකාරීත්වයත් එක්ක නොවැලැක්විය හැකි ලෙස සිද්ධවෙන දෙයක් තමා, දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්න දක්ෂ ගුරුවරුන් මේ වැඩි පඩි හා වාසි තකා මේ අලුත් අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධ වීම. ඊටත් අපි වගේ රටක් අධ්‍යාපනයට දරන අඩු අවධානයත් එක්ක මේ තරඟයෙන් රාජ්‍ය වි.වි පරාජය වෙන එක පුදුමයක් වෙන එකක් නැහැ.

    ගැටළුව වන්නේ පුද්ගලික විශ්වවිදයාල බිහිවීමම නෙමෙයි, ලංකාවේ තියෙන සමාජ-දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක මේවා විසින් ඇති කරන බලපෑමෙහි ස්භාවය. නිසි පරිපාලන විනයක් ඇතුව පු.වි.වි. ඇති කරන්න පුලුවන් නම් ඕන නම් ඔය කියන අහිතකර බලපෑම් අවම කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක ප්‍රායෝගිකව සිද්ධ ‍නොවන Ideal අවස්ථාවක් විතරයි.

    නිෂ්පාදන ආර්ථිකයක් නැති කමින් විදේශ රටවලට ඇදී යන අතිමහත් විදේශ විනිමය පාලනය කර ගැනීම ගැන වචනයක් කතා නොකරත්, අධ්‍යාපන අවශ්‍යතා හේතුවෙන් විදේශවලට ඇදී යන (ඊට සාපේක්ෂව-සොච්චම්)ධනයක් ගැන මේ තරම් උවමනාවෙන් ක්‍රියාමාර්ග ගන්නේ රටටට-ජනතාවකට ඇති ආදරයකටම නෙමෙයි. අනිවාර්්‍ය ලෙස ඒවා බැඳී ඇත්තේ වෙළඳපොල උවමනාවන් සමඟ.

    --
    comment එක දිග වැඩි එක ගැන සමාවෙන්න.

    ReplyDelete
  6. තව එකක්,
    ඕක ගැන පලවුනු පුවත්පත් දැන්වීම් හා සාකච්ඡා එක්ක පේන දෙයක් තමයි. ඔවුන්ගේ ස්ථාවරයේ ඇති නරුම ස්භාවය.
    අනික රටක අනාගත ඉරණම හා බැඳී තිබෙන අධ්‍යාපනය ගැන පාලක පංතිය තුල තිබෙන නොසැලකිල්ල.

    ReplyDelete
  7. මේක ඉතාම සරල ප්‍රශ්නයක්. කිසිම වාදයක් නෑ.

    උසස් පෙළ සමත් වන හැම දෙනාටම විශ්ව විද්‍යාල පහසුකම් සපයන්න රජයට සල්ලි තියෙනවද? නෑ.

    තමන්ට සල්ලි නැත්නම් ඒ වැඩේ කරන්න වෙන කෙනෙකුට දෙන්න.

    වෙන කෙනෙක් අධ්‍යාපනය ලබනවාට ඉරිසියා කරන්න එපා. මෝඩ තර්ක නඟමින් අනුන්ට අධ්‍යාපනය ලබනා තියෙන අවස්ථා නැති කරන්නත එපා.

    රජයෙන් 'පිනට' අධ්‍යාපනයක් ලබන ගොන්නුන්ට වඩා බුද්ධිමත් පරම්පරාවක් පුද්ගලික විශ්ව විද්‍යාල බිහි කරාවි. ඒකට ඔය තරම් ඉරිසියා කරන්න ඕනෑද?

    ReplyDelete
  8. එකායි.. ඔන්න ලිස්ට් එකේ පලවෙනි අයිටම් එක..

    ඊළඟ එක මඟ එනවා..

    ගොන්පාට් පෝළිමක ආරම්භය

    තේරෙන්නේ නැති දේකට මෝඩයි, අරකයි මේකයි කියලා බනින්න පුදුම දක්ෂතාවයක් තියෙනවා අපේ මෑන්ස්ලට. මොනවා කරන්නද? පු.වි.වි. ඇති කරන්නේ මේ අයට යන්නනම් බුදු සරණයි රටේ අනාගතයට.

    ReplyDelete
  9. බලන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන එකම පිරිස කවුද කියලා. රජයේ විශ්ව විද්‍යාල වල 'පිනට' අධ්‍යාපනය ලබන පිරිස්. තමන් ලබන මේ 'පිං අධ්‍යාපනය' කොයි තරම් දුර්වලද කියලා ඔවුන් දන්නවා. තමන්ට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනයක් ලද බුද්ධිමත් විද්‍යාර්ථින් සමඟ රැකියා වෙළඳ පොළේ තරග කරන්න බැරි බවත් ඔවුන් දන්නවා. ඉතින් නිසැකවම එතැනට 'ඉරිසියාව' කියන සාධකය එකතු වෙනවා. නැත්නම් මොකටද රටේ වෙන කිසිම ගැටළුවක් ගැන ඕනෑකමක් නැති මේ පිරිසට මේ ගැන විතරක් මෙච්චර කැක්කුමක්?

    ඒ වුනාට අප රටක් වශයෙන් මේ පිං ගොන්නුන්ට හැමදාම සවන් දිය යුතුද?

    ReplyDelete
  10. ඔය පිනට අධ්‍යාපනය ලබන උන්දලා නොදන්නවාට ලංකාවේ ධනපති පංතියට තමන්ගේ දරුවන් යවන්න ඕනේ තරම් පිටරට විශ්ව විද්යාල තියෙනවා. ඒ මදිවට වගේ පාඨමාලාත් තියෙනවා. ඒ නිසා ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල නෑ කියන්නේ ඔවුන්ට ගැටළුවක් නෙවෙයි. මෙරටේ පිං විශ්ව විද්‍යාල වල තත්ත්වයෙන් පහළ, රස්සවක් හොයා ගන්න බැරි ජාතියේ බාල උපාධි දෙන සෙන්ට්‍රල් ස්කූල්ස් වැනි ගොං විශ්ව විද්‍යාල වලට යනවාට වඩා පිටරට විශ්ව විද්‍යාලයකට යන එක දාහෙන් සම්පතක්.

    ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාය කියා ධනපති පංතියට අමුතුවෙන් වෙන යහපතක් නෑ. යහපත වෙන්නේ රටට විතරයි. එකක් පිට රට ඇදී යන ජාතික ධනය නවතිනවා. දෙක මෙරට ආචාර්ය වරුන්ට හා තවත් විශාල පිරිසකට රැකියා සැපයෙනවා. තුන පිං විශ්ව විද්‍යාල වලට කිට්ටු කරන්න වත් බැරි අන්දමේ ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්න සිසුන්ට අවස්ථාව සැලසෙනවා.

    තමන්ට ඒවාට යන්න ඔනෙ නැත්නම් කට වහගෙන ඉන්න. අනුන්ගේ අවස්ථා වලට බාධා කරන්න එපා. ඒක තනිකරම ඉරිසියාව.

    ReplyDelete
  11. හප්පා.. ඔය තියෙන්නේ හොඳ තර්කයක්... බැරිද අපේ කාගේ හරි මල්ලි කෙනෙක් දාලා තර්කේ බිඳින්න? අර මොන්ටිසෝරි කොල්ලෙක් හිටියා නේද?

    =D

    ReplyDelete
  12. අපෝ, ඔය පිං විශ්ව විද්‍යාල වල ඉගෙනගන්නා පිං ගෝලයන්ට නැති උනාට ඕනෑ තරම් තර්ක තියෙනවා.

    හොඳම උදාහරණය තමා පුද්ගලික බැංකු හා පුද්ගලික රෝහල්. මේවා ඇති කිරීමෙන් සමස්ත සමාජයට පොදුවේ යහපතක් මිස අයහපතක් සිදුවී නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාලද එසේමයි.

    අපි රටක් හැටියට ඉදිරියට යා යුතුයි. පිං ගොනුන් කිහිප දෙනකුගේ මෝඩ විරෝධය ගණන් ගත යුතු නෑ.

    ReplyDelete
  13. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් හැමෝටම සෙතක් වෙන්නේ නැති බව පිළිගන්නවා (කියලා තියෙන විදිහටම පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවා කියලා රටේ ඉන්න හැමෝටම ඒකට යන්න වෙන්නේ නැහැ.) එහෙම වුනා කියලා පෞද්ගලික විශ්ව විද්‍යාල නොතිබිය යුතුයි කියන එක පිළිගන්නේ නැහැ. රටේ අනෙකුත් අයට ශක්තිමත් ආර්ථික තත්වයක් නැති වීම නිසා ආර්ථික තත්වයක් ඇති අයට උඩ බලා ගෙන ඉන්න කීම මට තේරෙන විදිහට වැරදි කථාවක්.

    ReplyDelete
  14. සිංහල බ්ලොග් කියවන්න් අතර අරවින්දලා කීප දෙනෙක් ඉන්න බව පේනවා. ඉහත අදහස් දක්වලා තියෙන්නේ "අරවින්දගේ වියමන" (aravindablog.wordpress.com) ලියන අරවින්ද නොවන බව කියන්න ඕනේ.

    ReplyDelete
  15. Aravinda ළමයා ලංකාවෙද?

    පුද්ගලික බැංකු අපිට ගොඩාරියක් සේවය කරලා තියෙනවා. ඇයි පුද්ගලික රෝහල්? අනේ වාසනාවන්.

    "අපි රටක් හැටියට ඉදිරියට යා යුතුයි"
    තමන්ගේ වාසියට ඕන බහුබූතයක් නටන් ලෑස්ති දේසපාලුවෙක්ගේ කතාවකට බොහෝම සමාන කතාවක් නේ. ඔය වගේ රටේම පිරිච්ච මෝඩයෝ ටික manipulate කර ගන්න පුලුවන් සිල්ලර කතා ටිකක් දාන්න පුලුවන් අයත් අපි අතර ඉන්න එක ගැන සතුටක්.

    මීට පස්සේ මම ඔබට උත්තර දෙන්නේ නෑ.

    ReplyDelete
  16. සමා වෙන්න.. මේ aravindablog.wordpress.com ට නෙමෙයි... ;)

    ReplyDelete
  17. පුළුවන් කෙනෙක් මේ අභියෝගය භාරගන්න:

    තමන්ගේ ජීවිතේටම පුද්ගලික රෝහලකට ගිහිල්ලා නැති, පුද්ගලික බැංකුවක් සමඟ ගනුදෙනු කරලා නැති, පුද්ගලික අංශයේ සේවය නොකළ (පුද්ගලික බස් හා ආධාරක පන්ති අමතක කරමුකෝ) කෙනෙක් සිටීද, එවැන්නකුට පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි පළමු ගල ගැසීමට අවස්ථාව තිබේ.

    මම එවැන්නකුට විතරක් සවන් දෙමි.

    නැතිව මේ විවාදය පිං විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනකු තමන්ට පුද්ගලිකව වන අවාසියක් මඟ හරවා ගැනීමට, හුදු ඉරිසියාවෙන් කරන එකක් බවට පත් විය යුතු නැත. එවැන්නන්ට අප ඇහුම් කන් දිය යුතුද නැත.

    ReplyDelete
  18. @චමිල,

    ඔබ ලබන පිං අධ්‍යාපනයට ගෙවන්නේ මෙරට වැඩ කරන ජනතාවය. ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි. හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත.

    අනෙකුන්ටද ඔබට ලැබී ඇති වරප්‍රසාද ලැබීම ගැන ඉරිසියා නොකරන්න. ඔවුන් ඉගෙන ගන්නේ ඔබේ මුදලින් නොව ඔවුන්ගේ මුදලිනි. ඔවුන්ටද ඔබට සේම ඉගෙන ගැනීමට අයිතියක් ඇත. ඒ අයිතියට විරුද්ධ නොවීමට කාරුණික වන්න.

    ReplyDelete
  19. Death to the weakling, wealth to the strong!
    [1:1 Book of Satan]

    This is the law of nature...

    Survival of the Fittest!

    ReplyDelete
  20. "ඔබ ඒ සඳහා වර ප්‍රසාද ලත් පංතියේ කෙනෙකි"
    ෂහ් එළනේ.... ;)

    අරවින්ද, මම ආයේ උත්තර දෙන්නේ නෑ කිව්වේ ඔබේ හිතේ තියෙන ආත්මාර්ථකාමී බව කවදාවත් අයින්වෙන්නේ නැති නිසා. ඔබට මෙතන කියා ඇති දෙයවත් තේරුම් ගොස් ඇති බවක් පෙන්නේ නෑ. එහෙම පේනවනම් අපි ඉරිසියා කරනවා කියන දේ කියන්නේ නෑ. ඊළඟ අයිටම් එකට යනවා.

    අපිට ඕනේ අපිට ලැබිලා තියෙන මේ "වරප්‍රසාදය" අනිත් අයටත් දෙන්න. ඒත් ඒකට සල්ලි කියන විභාගේ තියන්නේ නැතුව දැනුම කියන විභාගේ තියන්න ඕන නිසයි කියන්නේ පු.වි.වි. නැතුව රජයේ වි.වි. වලට ගන්න පුලුවන් ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න කියලා. ඒත් ඔබ කියන විදියට පු.වි.වි ඇති කලොත් මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන් ක්‍රමය නැතිවෙලා සල්ලි තියෙනවනම් ඉගෙන ගන්න පුලුවන් ක්‍රමයයි එන්නේ. හොඳට මතක තියාගන්න සමාජයක වගකීම වෙන්නේ සල්ලි තියෙන අයට විතරක් පහසුකම් දෙන එක නෙවෙයි. රාජ්‍ය වි.වි. වලට ගන්න ශිෂ්‍යයන් ප්‍රමාණය වැඩි කලොත් ඔබටත් එන්න පුලුවන්. හැබැයි උසස් අධ්‍යාපනය නොමිලේ ලබන්න ඔබ සුදුසුකම් ලබන්න ඔනේ. ඒකටයි උසස් පෙළ තියෙන්නේ. ඒක සමත් වෙලා ඔබට රටට සේවය කරන්න විභවය තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒත් ඔබ උසස් පෙළට මුහුණ දෙන්න බැරි මැට්ටෙක්නම් උසස් අධ්‍යාපනය දීලා වැඩක් නෑනේ.

    මේ ටික තේරුම් ගන්නවානම් ආයේ උත්තර දෙන්නම්. නැත්තන් ඔබේ ඔය ගොන්පාට් අභියෝග බාරගන්න කියලනම් කියන්න එපා. මමත් දෙන්නද එකක්? මෙච්චර කල් ඉගෙන ගත්තේ කොහේද? කැමති නැද්ද දුප්පත් අයත් එක්ක එකට වාඩි වෙන්න? හිරිකිතයි වගේද?

    ReplyDelete
  21. සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරිමේ පල විපාක දන්නේ නැත්නම් ඇමෙරිකාව දිහා බලලා පාඩම් ඉගෙන ගන්න. අපිත් දැන් යන්නේ ඒ පාරෙම තමයි.
    පෞද්ගලික බැංකු වල විශ්වසනීයත්වය පහුගිය කාලේ හොඳට ප්‍රදර්ශනය වුනා.

    ReplyDelete
  22. මේ පිං හරක්ට පුලුවන් අනුන්ට ඊරිසියා කරන්නයි. අපේ බදු මුදලින් රජයෙන් උන්ට දෙන දේ නාස්ති කරන්නයි විතරයි. සොබාදහමේ නීතිය ප්‍රබලයා ජය ගැනීම. මනුශ්‍ය වර්ගයා පරිනාමයෙන් ඉදිරියට යන්න නම් දුර්වල ජාන විනාශ විය යුතුයි. අධ්‍යාපන සුදුසුකමින් හෝ උපයාගත් මුදලින් හෝ ප්‍රබලයාට ජය ගැනීමට ඉඩ දිය යුතුයි.

    ReplyDelete
  23. Wiz Kun, still u havn't gone against any of my points. You and the lot has so far not shown any intelligence whatsoever. Instead you just keep blaming the students and no the system.

    Still I must say, your "Survival of the fittest" is one of those common bullshit phrases. Its not the law of the nature. It's not the fittest who survives, but the most adoptable.

    And what exactly do u call nature? If it was the "nature" then how come all the weaklings are still existent? So you can keep your cheap quotes and back off.

    If you are going to have a decent conversation do come up with real arguments and not some crap quotes. After all from your comments everyone can see who the weak link is.

    ReplyDelete
  24. චමිල ඇයි, හොද පැත්ත හිතන්නේ නැත්තේ? එතකොට අපි වගේ දුප්පත් පවුල් වල ලමයින්ට A/L තරගේ අඩු වෙයි..මහාචාර්‍ය වරු ගෙවල් වලට ගෙන්නවලා උගන්වන එකාත් එක්ක එපැයි, අපි දැන් තරග කරන්න...මේක හොදයි, අපි වගේ මිනිස්සුන්ට...

    අනිත් එක, ශිෂ්‍යයොත් කැම්පස් යන එකම නෙමෙයිනේ කරන්නේ...උදා/ සති 2කට කලින් , කැලනිය වි.වි Science faculty එකට ගැහුවේ කවුද? අපේම දුප්පත් අම්මලා, තාත්තලාගේ අසාදාරනය වෙනුවෙන් පෙනී හිටින උන්මයි..

    ලොකු මිනිස්සුන්ගේ ලමයි ඒවා කරන එකක් නෑ..එතකොට ඒ අම්මලා, තාත්තලා හරි ලේ පුච්ච ගන්නේ නැතුව ඉදිවි..

    ReplyDelete
  25. දෙකායි.... ලිස්ට් එකේ ඊළඟ අයිටම් එක....

    ඇයි බොල ඇනොනිමසෝ තේරෙන්නේ නැද්ද මම http://chamila-dealwis.blogspot.com/2008/11/blog-post.html මෙතන කියලා තියෙන දේ... දුප්පතාට යන්න පුලුට්ටක් වත් නැතිවෙයි කියන එක තේරුම් අරන් ඉන්න.

    ReplyDelete
  26. @චමිල,

    මෝඩ තර්කයක්නේ. ඕකනේ දැන් දශක ගානක් තිස්සේ කියන්නේ. හැමදාම කියනවා අවස්ථා වැඩි කරනවාය කියලා. කවදාවත් කරන්නේ නෑ. එතකන් ඔබ වගේ පිං අධ්‍යාපනයක් ලබන්න වර ප්‍රසාද නොලද පිරිස දුක් විඳින්න ඕනෑ. උන්ට ඉගෙන ගන්න අයිතියක් නෑ. මාර සධාරණයක්නේ.

    ඇයි අනුන් ඉගෙන ගන්නවාට ඔච්චර අකැමැති? උන්ට ඔබට වගේ ඉගෙනගන්න අයිතිය නැත්ද?

    පැහැදිළිව කියන්න.

    1. ඔබේ රජය උසස් පෙළ සමතුන් හැම දෙනාටම විශ්ව විද්‍යාල වල පිං අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්නේ කවදාද?

    2. එසේ දෙනතුරුවත් තමන්ට පුළුවන් හැටියට අනෙකුන් අධ්‍යාපනය ලබනවාට ඔබ ඔය තරම් ඉරිසියා ඇයි? ඔබ බෞද්ධයෙක්ද? ඉරිසියා කිරීමෙන් ඔබට හෝ රටට වැඩක් නොවන බව ඔබට වැටහේද?

    3. ඔබ කවරදාවත් පෞද්ගලික අධ්‍යාපනය ලබා නැත්ද? ටියුෂන් ගිහින් නැත්ද? ඇයි ඔබ ටියුෂන් පන්ති වලට විරුද්ධ නොවන්නේ?

    4. ඔබ කවරදාවත් පෞද්ගලික බැංකුවක, රෝහලක සේවය ලබා නැත්ද?

    තමන්ට නැති දේවල් අනුන්ට ලැබීම ගැන ඉරිසියා කරන්න එපා. ඒක පවක්. තමන්ට කන්න නෑ කියලා අනික් හැමෝම බඩගින්නේ හිටිය යුතු නෑ නේ.

    ReplyDelete
  27. අනේ සමාවෙන්න ඕනේ.. මට අමතක වුනා... තැන්ක්යු මගේ බෞද්ධකම මතක් කලාට

    ReplyDelete
  28. මෙවැනි ගොන්පාට් නොදමා පැහැදිලි තර්කයක් ඉදිරිපත් කල හැකි වෙන කිසිවෙක්ම නැද්ද?

    ReplyDelete
  29. අනේ මේ මෝඩ කොල්ලා බය වෙලා තියෙන්නේ පිං විශ්ව විද්‍යාල වහයි කියලනේ. නෑ. නෑ එහෙම වෙන්නේ නෑ. දුප්පතුන්ට ඉගෙන ගන්න පිං විශ්ව විද්‍යාල ටික තියමු. හරියට අපි ෆාමසි එකෙන් බේත් ගන්නකොට මුදල් නැත්තන් පිං බේත් ශාලාවෙන් බෙහෙත් ගන්නවා වගේ.

    ඒකයි මේ බයටයි ඉරිසියාවටයි හේතුව. දැනුයි තේරුණේ. දැන් ඔන්න සැකේ දුරු කළා. තව දුරටත් බය වෙන්න ඉරිසියා කරන්න ඕනේ නැහැ. සන්සුන් වෙන්න.

    ReplyDelete
  30. කියපු තර්ක එකකට වත් උත්තර දෙන්නේ නැති කොට අළුත් තර්ක මොකටද?

    ඉරිසියාව ඔහොම තමයි. ඇස් අන්ධ කරනවා.

    ReplyDelete
  31. කව්ද කියන්නේ ඉගන ගන්න මහන්සි වෙන්න ඕන කියලා. අපි නම් මහන්සිවුනේ නෑ. පුද්ගලික පංති ගියෙත්නෑ. ඉස්කෝලේ සිලබස් කවර් කළේත් නෑ. නිදි මැරුවෙත් නෑ. විභා‍ගෙත් පාස්වුනා. කොළඹින් ලියලා කැම්පස් යන්න පුළුවන් කම තියෙන ලකුණු ප්‍රමාණයකුත් ලැබුනා. මම ඔය කියන දිස්ත්‍රික් පදනමේ අන්තිම අසාදාරනයට ලක්වුන අයෙක්. කොළඹ පාසලකට ගියා කියන පදනම මත අපි ඉහල වරප්‍රසාද ලබන කුලකයට මාව බලෙන්ම තල්ලු කළා.

    අධ්‍යාපනය ලබන්නේ කොහෙන්ද කොහමද යන්න අදාල නෑ. එය යොදාගන්නා ආකාරයයි වැදගත්. මමත් ‍රජයේ විශ්ව විද්‍යාලයක අවසන් වසර භාහිරව ඉගන්න සිසුවෙක්. මට නම් ඕන එකෙකේ ඕන තැනකින් ඉගන ගත්තට කමක්නෑ. අන්තිමට වැඩට බහිනකොට වැඩ කාරයාව නවත්තන්න කාටවත් බෑ. එත‍නදි පුද්ගලිකද පෞද්ගලිකද කියන එක වැදගත්නෑ.

    ReplyDelete
  32. අරවින්ද-"දුප්පතුන්ට ඉගෙන ගන්න පිං විශ්ව විද්‍යාල ටික තියමු."
    ඒ කියන්නේ පොහොසතුන්ට වෙනම විශ්ව විද්‍යාල පද්ධතියක් හදමු කියන එක.එහෙම නේද?
    පුද්ගලික වි.විද්‍යාල ඇති කිරීමෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නොවැලැක්විය හැකි ලෙස පංති පදනමෙන් දෙදරා යනවා කියන එකට මීට වඩා සාක්ෂි මොකටද?
    AC දේශන ශාලා,අවන්හල්,සියලු සැප සම්පත් සහිත සුපිරි පංතියේ වි.විද්‍යාල පොහොසතුන්ට.දවසින් දවස ප්‍රතිපාදනත් අඩු කරන අවම පහසුකම් සහිත "පිං"(අරවින්දගේ මේ යෙදුමින්ම ඔහු සතුව ඇති පාංතික අධිමානය හෙලිදරවු වෙනවා)වි.විද්‍යාල දුප්පතුන්ට.අම්මා අප්පච්ච් සල්ලිකාරයා් නම් උසස් පෙල නැතත් විශ්ව විද්‍යාලෙ යන්න පුලුවන්.-අපේ රටේ ඊනියා ධනපති පංතිය "ධනපති"පංතියක් වුනේ කොහොමද කියන එක වෙනම කතා කරන්න පුලුවන්.ලලිත් කොතලාවල මහත්තයාලත් ඒ පංතියේනේ.-කොහොම වුනත් සල්ලි නැත්නම් අමාරුවෙන් ඒ ලෙවල් කරන්න ඕනෙ.ලකුනක් දෙකක් මදි වුනොත් ඒ සුදුසුකම්වත් නැති සල්ලිකාරයෝ කැම්පස් යනව බලාගෙන හූල්ලන්න ඕනෙ.පු.විශ්ව විද්‍යාල ඉහල මධ්‍යම පංතියේ වරප්‍රසාදයක් බව මෙතන ඊට පක්ෂ අය පවා පිලිගෙන තියෙනවා.
    මගේ මූලික තර්කයට ඇත්තටම පිලිතුරක් ලැබුනේ නැහැ.ප්‍රශ්නය දැනට තියන වි.විද්‍යාල පද්ධතියට අවශෝෂනය නොවන අයට ඒ පහසුකම් ලබාදීම නම් පු.වි.වි ගෙන ඒමෙන් ඒ ප්‍රශ්නය "සාධාරන"ලෙස විසදෙනවාද?සල්ලි තියෙන පංතියකට පමනක් බෝනස් එකක් දුන්නට "රටේ" තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ නේද?"රට"කියන්නෙ බම්බලපිටිය නෙමෙයි.ලබාදෙන විසදුම බම්බලපිටියට වගේම නාවලපිටියටත්,ඇඹ්ලිපිටියටත් "විසදුමක්"වෙන්න ඕනෙ.තියන gap එක තව පලල් කිරීම මිස පු.විශ්ව විද්‍යාල සමාජයේ ප්‍රශ්නයට උත්තරයක් වෙන්නේ නැහැ.
    චමිල,කසුන් ඔබේ මැදිහත්වීමට ස්තුතියි.ඔබලා සිටින නිසා ගෙදර තවදුරටත් පාලු නැහැ.ඒ නිසා ඒ පාලු ගෙහි වලං බිදීමත් වෙනත් තැන් වල තරම් ලේසි නැහැ.

    ReplyDelete
  33. @ wiz kun
    ජීව විද්‍යාත්මක ලෝකයට අදාල න්‍යායන් ඒ විදිහටම අමුවෙන් ගෙනල්ලා සමාජමය ප්‍රපංචයන් පැහැදිලි කරන්න යොදා ගන්න එක බරපතල වරදක්.
    survival of the fittest
    දැන් ශක්තිවන්තයා ජය ගනීකියන තියරිය කෙලින්ම ආදේශ කරන්න ස්ත්‍රී දූෂනයකට.පිරිමියා කායිකව ශක්තිමත් නිසා ඔහුට සාපේක්ෂව (කායිකව)දුබල ස්ත්‍රිය දූෂනය කිරීමට අයිතියක් තිබේ.ඊට විරුද්ධ වන්නෝ සිය එය කරන්නේ ලිංගිකබෙලහීනතාවය නිසා ඊරිසියාවටය.
    දැන් ඔබේ තියරියට අනුව මේ විග්‍රහයත් නිවැරදියි නේද?
    කැලේ නීතිය පාලනය කරන්න මිනිසා දරන ලද උත්සාහයේ ප්‍රතිඵලය ලෙස තමයි සමාජය හා ශිෂ්ටාචාරය බිහිවෙන්නෙ.ශිෂ්ටාචාරයේ නීතිය කැලේ නීතිය විය යුතු නැහැ.යුක්තිය හා සාධාරනත්වය එහි බැහැර කල නොහැකි නෛතික පදනම්.

    ReplyDelete
  34. @රාමචන්ද්‍ර ඔබට ඇත්තේ පටු කොමියුනිස්ට්වාදී දෘෂ්ටියකි. ඔබ පෞද්ගලික ව්‍යවසාය ප්‍රතික්ෂේප කරයි. ඔබට අනුව පුද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව සුපර් මාර්කට්ද, වාහනද, රූපවාහිනීද, කොටින්ම ඉන්ටර්නෙට්ද භාවිතය වැරදිය. මේවා ගන්නට 'දුප්පතුන්ට' සල්ලි නැති නිසාය. ඔබට අනුව මේ සියල්ල රජයෙන් මිනිසුන්ට පිනට දිය යුතුය. 'සාධාරණය' ඉටු වන්නේ එවිටය.

    කෙසේ වෙතත් ඔබේ ප්‍රශ්නය ගනිමු.

    ප්‍රශ්නය දැනට තියන වි.විද්‍යාල පද්ධතියට අවශෝෂනය නොවන අයට ඒ පහසුකම් ලබාදීම නම් පු.වි.වි ගෙන ඒමෙන් ඒ ප්‍රශ්නය "සාධාරන"ලෙස විසදෙනවාද?

    සත්තකින්ම ඔව්. පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමේ නිසා නිසැකවම වැඩි පිරිසකට අවස්ථාව උදාවේ. එය ඔවුන්ට සාධාරණය ඉටු කිරීමකි. නැති අයිතියක් ලබා දීමකි.

    ඔබ පුන පුනා කියන්නේ මේවාට දුප්පතුන්ට යන්නට බැරි බවය. පුද්ගලික විශ්ව විද්‍යාල හදන්නේ දුප්පතුන්ට යන්නට කීවේ කවුද? පිං විශ්ව විද්‍යාල තියෙන්නේ ඒකටය. දැනට තියෙන් පිං විශ්ව විද්‍යාල කිසිවක් වසා දැමිය යුතු යැයි අපි නොකියමු. ඔබට මෙන් වෙන කෙනෙකුට ලැබෙන අවස්ථාවක් අහිමි කර කාලකන්නි සතුටක් ලබන්නට තරම් පහත් මානසික තත්වයක් අපට නැති බැවිනි.

    දැන් ඔබේ ප්‍රශ්නයට උත්තර දුන් නිසා මගේ ප්‍රශ්නයකටද ඔබෙන් පිළිතුරු බලපොරොත්තු වෙමි.

    මේ රටේ හැමෝටම ඉන්ටර්නෙට් පහසුකම් නැත. ඉතින් ඔබ මුදල් ගෙවා ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීමෙන් මේ රටේ දුප්පතුන්ට 'සාධාරණය' ඉටු වෙනවාද? රජයෙන් හැමෝටම පිනට ඉන්ටෙර්නට් දෙනතුරු පුද්ගලිකව ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගැනීම අත්හිටුවමුද?

    තවත් එකම එක ප්‍රශ්නයක්. (ඔබේ පුංචි මොළේට බර වැඩිද මන්දා) පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීමෙන් ඇඹිලිපිටියට සාධාරණයක් ඉටු වන්නේ කෙසේදැයි කරුණාකර පහදන්න.

    ReplyDelete
  35. @රාමචන්ද්‍ර එක කාරණයක් සම්බන්ධව මම ඔබ හා එකඟ වෙමි. පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම නිසා එයින් දෙන සහතිකයත් පිං විශ්ව විද්‍යාලයකින් දෙන සහතිකයකුත් අතර විශාල වෙනසක් ඇතිවන බවය. (ඉරිසියාවට එක ප්‍රධාන හේතුවක් ඒකය.)

    ඒකට ඉතින් පුද්ගලික විශ්ව විද්‍යාල වලට බැණ අඬගසා වැඩක් නැත. පිං විශ්ව විද්‍යාල යනු අවම මුදලක් වැයකොට මොකක් හෝ බොරුවක් කර සිසුන් රවටා අවසානයේ සහතිකයක් අතට දෙන ජාතියේ සෙන්ට්‍රල් ඉස්කෝල ටිකකි. (ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල සියය තුළ අපේ එකම පිං විශ්ව විද්‍යාලයක් වත් නැත.) කොටින්ම මේ සහතිකය යනු රස්සාවකට සුදුසුකමක් නොව නුසුදුසුකමකි. ඊට රස්සා හොයා ගැනීමට බැරුව ගල් කැඩීමට යන තරුණියන් ගැනද අපි අසා ඇත්තෙමු. වෙන කිසිම තැනකින් රස්සාවක් හොයා ගැනීමට බැරිවූ පිං විශ්ව විද්‍යාල උපාධිධරයන් 40,000 කට චන්ද ගුංඩුවක් ලෙස ආණ්ඩුවේ මාසෙට රුපියල් හයදාහට පිං රස්සා දුන්නේත් මේ ළඟදීය. පිං විශ්ව විද්‍යාල උපාධිධරයන්ද දේශපාලකයන් ඉදිරියේ දණගසා මහා මෙරක් ලැබුනා සේ මේ පිං රස්සා ගත් ආකාරය අපි දුටිමු.

    මේ 'ලෝ කොලිටියට' පුද්ගලික විශ්ව විද්‍යාලයකට නොව තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයකට පවා අභියෝග කළ හැකිය. මේකට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීම නොව පිං විශ්ව විද්‍යාල තම කොලිටිය ඉහළ දමා ගැනීමය.

    දැනට පිං විශ්ව විද්‍යාල සිසුන්ට ඇත්තේ තමන් කැත නිසා ඉරිසියාවට අනෙක් සියළුම ගැහැනුන් මුහුණ වසා ගත යුතුය කියන කැත ගැහණියකගේ මානසිකත්වය.

    ReplyDelete
  36. @ අරවින්ද
    1(ඔබගේ "විශාල"මස්තිෂ්කයට නිසි ගෞරවය සහිතව)පුද්ගලික විශ්ව විද්‍යාල ඇති නොකිරීමෙන් ඇඹිලිපිටියට අමුතුවෙන් සාදාරනයක් සිදු නොවේ.නමුත් එය ඇති කිරීමෙන් ඇඹිලිපිටියට "අසාධාරනයක්"වේ.
    ඇඹිලිපිටියට සාධාරනය ඉටුකිරීමට පුද්ගලික වි.වි ඇති නොකර සිටීම ප්‍රමානවත් නොවේ.තව බො‍හෝ දේවල් ඉටු කල යුතු වේ.එසේ කල යුතු දේවල් නොකොට විෂමතාවය වැඩි වන ආකාරයේ පියවර ගැනීම කිසිසේත් විසදුමක් නොවේ.

    2.ඔබ මූලික ප්‍රශ්නය මග හැර තිබේ.වි.විද්‍යාල වරම් අහිමි විශාල ප්‍රමානයක් අතරින් සල්ලි තිබෙන කිහිප දෙනෙකුට පමනක් නැවත බෝනස් වරප්‍රසාදයක් පුද්ගලික වි.විද්‍යාල ලෙස දීම එසේ නොමැති අනෙත් බහුතරයට වෙන අසාධාරනයක්ද නැද්ද?මේ ප්‍රශ්නය මග හැ‍ර ඉන්ටනෙට් පහසුකම් ගැන ප්‍රස්තුතයට අදාල නොවන ප්‍රකාශ නිකුත් කිරීමක් පමනක් ඔබ සිදු කොට ඇත.

    3.පුද්ගලික වි.විද්‍යාල ආ විට රාජ්‍ය වි.විද්‍යාල පද්ධතිය අමුතුවෙන් වහන්න දෙයක් නැත.වැඩි වැටුප් සදහා කථිකාචාර්යවරු රාජ්‍ය වි.විද්‍යාල අත හැර යද්දී,හැරත් රජය හිතා මතාම වි.විද්‍යාල සදහා පවතින ප්‍රතිපාදන කපා දමමින් පවතින සන්දර්භය තුල රාජ්‍ය වි.විද්‍යාල පද්ධතිය බිදවැටීම අනිවාර්යයකි.
    (අද නිදහස් සෞඛ්‍ය පද්ධතියට,ප්‍රවාහන සේවයට,ගෑස් වැනි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයතන වලට සිදුවී ඇති වින්නැහිය බලන්න)මේ ගැන ඉදිරි ලිපියකින් වැඩි දුර කතාකිරීමට අපේක්ෂා කරමි.

    4'රාජ්‍ය විශ්ව විද්‍යාල තිබුනත් නැතත් එය ඔබට ප්‍රශ්නයක් නොවුනත් එය අපිට විශාල ප්‍රශ්නයකි.අපේ දෙමවුපියන්ට ලක්ෂ 60ක් ගෙවා උපාධියක් මිලදී ගැනීමට වත්කමක් නැති බැවිනි.දුගීන්ට පමනක් නොව මැද ආදායම් ලබන්නන්ටවත් එවැන්නක් දැරිය‍ නොහැකි බැවිනි.හැරත් කුමන අඩුපාඩු පැවතියත් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔබ සිතා සිටින අන්දමේ ලෝ කොලිටි එකක් නොවන බවද මතක තබාගැනීම හොදය.ලංකාවේ වෛද්‍ය උපාධිය,ඉංජිනේරු උපාධිය ඉතා ඉහල මටිටමක පවතී.NASA ආයතනයේ පවා සේවය කරන විද්‍යාඥයන් බිහිවූයේ ඔබ දෙකේ කොලයට දමා කතාකරන දේශීය වි.විද්‍යාල පද්ධතියෙන් බව තේරුම් ගැනීම යහපති.ඔබ කරන ප්‍රකාශය ඉතිහාසය තුල බිහිවුනු අති විශිෂ්ට වෛද්‍යවරුන්,නීතිවේදීන්,පරිපාලන නිලධාරීන්ට කරන නරුම අපහාසයකි.හැරත් දේශීය වි.විද්‍යාල වල කොලිටිය ගැන ප්‍රශ්නයක් තිබේ නම් කල යුත්තේ එහි කොලිටිය වැඩි කරන පියවරයන්ට යාම විනා එය කප්පාදු කෙරෙන පියවරයන් ගැනීම නොවේ.

    5.internet පහසුකම් ගැන-රටක අධ්‍යාපනය යනු ඉන්ටනෙට්,ජපන් බෝනික්කන්,හාල්,ගම්මිරිස් වගේ සාමාන්‍ය වෙලද භාන්ඩයක් නොවේ.එය රටේ සංවර්ධනය සමග බැදී තිබෙන පුරවැසියා සතු මූලික අයිතියකි.එය සුදුසුකම් ඇති සියලු දෙනාට සාධාරන ලෙස සැපයීම රජය සතු වගකීමකි.එසේ නොවී එය ධනය ඇති කිහිපදෙනෙක්ගේ වරප්‍රසාදයක් බවට පමනක් පත්වේ නම් එවැන්නක් අනුමත කල නොහේ.සැමට අධ්‍යාපනයේ සම අවස්ථා-මෙය අධ්‍යාපනය සම්බන්ධයෙන් උල්ලංඝනය කල නොහැකි මූලධර්මයක් ලෙස අප සලකමු.විසදුම සෙවිය යුත්තේ මෙම මූලධර්මය ගරු කරමිනි.ඒ නිසා ඇත්ත පිලිතුර සල්ලි තිබුනා ‍හෝ නැතා ‍හෝ බම්බලපිටියේ ඉපදුනා හෝ නාවලපිටියේ ඉපදුනා හෝ කිසිදු භේදයක් නැතිව සුදුසුකම් ඇති සියල්ලන් අවශෝෂනය කරගත හැකි ලෙස පවතින වි.විද්‍යාල පද්ධතිය පලල් කිරීමයි.

    ඒකට සල්ලි නැතිනම් කියා ඊලගට අසනු ඇත.දල දේශීය නිපැයුමෙන් 6%වත් අධ්‍යාපනයට යොදවන ලෙස එ.ජාතින්ගේ සංවිධානය පැවසුවත් ලංකාවේ රාජ්‍යය අධ්‍යාපනයට යොදවන්නේ සොච්චමකි.මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ මෙතැනදීය.සමාජයේ අවශ්‍යතාවන් ප්‍රශස්ත ලෙස තෘප්ත කිරීමට මේ හිගන නොන්ඩ් ගසන පසුගාමී ධනේශ්වර රාජ්‍යයට බැරි බව අපි දනිමු.අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයට උත්තර සෙවීමට පෙර මේ නිසා නොවැලැක්විය හැකි ලෙස සමාජ ක්‍රමයේ ප්‍රශ්නය අපට අභිමුඛ වේ.ඒකට උත්තර හොයද්දි ඉතින් "පටු"කොමියුනිස්ට්වාදයත් සමහරවිට ඕනේ වෙයි.කිසිදු පුද්ගලික ආයතනයක මැදිහත්වීමක් නැතිව සෝවියට් දේශය ඉතාම විශිෂ්ට ගනයේ උසස් අධ්‍යාපන පද්ධතියක් ඉතාම සාධාරන ලෙස පවත්වාගෙන ගියා මතු නොවේ තුන්වෙනි ලෝකයේ රටවල දහස් ගනන් තරුන තරුනියන්ට සත පහක් අය නොකර නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමට කටයුතු කලේ කෙසේදැයි සොයා බැලීම සමහර විට ඔබ‍ගේ විශාල මස්තිෂ්කයට හොද අභ්‍යාසයක් වේවි.

    ReplyDelete
  37. //4'රාජ්‍ය විශ්ව විද්‍යාල තිබුනත් නැතත් එය ඔබට ප්‍රශ්නයක් නොවුනත් එය අපිට විශාල ප්‍රශ්නයකි.අපේ දෙමවුපියන්ට ලක්ෂ 60ක් ගෙවා උපාධියක් මිලදී ගැනීමට වත්කමක් නැති බැවිනි.//

    ඉතින් මලය මොකද කොරන්නේ, ඔය එ-ලෙවල් ෆෙල්වෙලා, රට රජ්ජ‍ය ගානේ ගිහිල්ල බැල මෙහෙවර කොරන, ෆැක්ටරි වල වැඩ කරලා අපේ නංගිලා මල්ලිලා හොයන දේයින් පරපොශිත වෙලා, උන්දලාට පස්ජත් බාගයන් පෙන්නවා. ඊට පස්සේ ඒයගෙම මුදලින් රජයේ රැකියාවකුත් අරගෙන මැරෙනකම් පරපෝශිතයෙක් වගේ ඉන්නවා. නැති බැරිකමට පරපොශිත කම විකල්පයක් තමයී බලා ගෙන ගියහම.

    ReplyDelete
  38. //ඉන්ටෙර්නෙට් පහසුකම් ගැන-රටක අධ්‍යාපනය යනු ඉන්ටනෙට්,ජපන් බෝනික්කන්,හාල්,ගම්මිරිස් වගේ සාමාන්‍ය වෙලද භාන්ඩයක් නොවේ.එය රටේ සංවර්ධනය සමග බැදී තිබෙන පුරවැසියා සතු මූලික අයිතියකි.එය සුදුසුකම් ඇති සියලු දෙනාට සාධාරන ලෙස සැපයීම රජය සතු වගකීමකි//
    මලේ රජයේ රොහල පිනට ඉපදුනා. රජයෙන් පිනට ඉගන ගත්තා. දැන් පිනට ඉන්ටනෙට්නුත් ගන්න කතවා. ඔය රජය කියනනේ වෙන කවුරුවත් නොවෙයී. දහඩිය මහන්සියෙන් හම්බු කොරන අපේ උන්දලායී. උන්දෙලාගෙන් තග දාලා ධනය උදුරාගෙන කන එකේත් සීමාවක් තියෙන් ඕනෙ නේද?

    මලේ ඔය නාසා ආයතනේ සේවය කොරන උන්දෙලාගෙන් අපිට තියන පලේ මොකැයී? ඔක්කොටම වඩා අපි මොකටද සල්ලි වියදම් කොරන්නේ නාසා ආයතනයට යවන්න. ඕන් නාසා යන්න ඕනෙ අය තම තමන්ගෙ මුදලින් ඉගන ගෙනනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මලයාගේ තර්කයත් හරියට M.I.A ගේ දෙමල සමූල ගාතන තර්කය වගේ.

    ReplyDelete
  39. @රාමචන්ද්‍ර,

    1. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇඹිලිපිටියට *අමුතුවෙන් වන* අසාධාරණය කියන්න. අද ඔවුන්ට ඒවා නැති නිසා සාධාරණයක් වන්නේද? ඒ සාධාරණය කුමක්ද?

    2. ප්‍රශ්නයට උත්තර දී ඇත. කරුණාකර මගේ ඉහත සටහන් කියවන්න.

    3. තියෙන විශ්ව විද්‍යාල වලට පවතින ඉල්ලුම සපුරා ලීමට නොහැකි බව ඔබ පිළිගන්නේ නම් එකම විසඳුම අළුත් විශ්ව විද්‍යාල ඇති කිරීම නොවේද?

    4. දිගින් දිගටම වල්ගේ පාගා ගන්න එපා. පිං විශ්ව විද්‍යාල වැසිය යුතු යැයි මා කොතැනකවත් කියා නැත. මේ එකම කාරණය තුන් හතර පාරක් පුනරුච්චාරණය කිරීම වදයකි. කරුණාකර උත්තර දෙන්නට පෙර මගේ පිළිතුරු කියවන්න. ගිරවකු මෙන් දොඩවන්න එපා.

    5. මගේ ප්‍රශ්නයට තාම පිළිතුරු නැත. ඉන්ටර්නෙට් යනු අද විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වඩා වටිනා දෙයකි. ඔය පිං විශ්ව විද්‍යාල වලට නොගියාට මිලියන ගානක් මෙරට හොඳ රැකියා කරති. පිං විශ්ව විද්‍යාලයකින් කවදාවත් ලද නොහැකි අන්දමේ දැනුමක් ඉන්ටර්නෙට් වලින් ලැබිය හැකිය. (සිංහල බ්ලොග් ලියන්නන් විශාල පිරිසක් කවදාවත් පිං විශ්ව විද්‍යාලයකට ගොස් නැත. ඔවුන්ගෙන් අසා බලන්න.) එනිසා කටිටි නොපැණ මගේ එකම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

    අවසන් වශයෙන් ධනේශ්වර සමාජ ක්‍රමය ගැන ඔබට ප්‍රශ්නයක් ඇත්නම් ඊට විසඳුම ඒ සමාජ ක්‍රමය වෙනස් කිරීමය. මෝඩ ලෙස පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීමෙන් ඔබටවත් රටටවත් වෙන කෙළියක් නැත. ඔබ ඔළුවෙන් හිටගෙන කීවත් මේ රජය අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි කරන්නේ නැත. (ඊට හේතු ඔබට අවබෝධ කරගන්නට හැකියාවක් නැති නිසා මම තේරුම් කරන්නට නොයමි.) ඔබ ඔය කරන ගොන් වැඩෙන් වන එකම දෙය පිං විශ්ව විද්‍යාල වල ලෝ කොලිටිය එසේම පවතින අතර ධනපති පංතිය රටේ ධනය පිට රටට අද්දමින් විදේශීය විශ්ව විද්‍යාල සොයා යාම පමණි. (ඔබේ ඉරිසියාවට එය නතර කරන්නට බැරිය.)

    ReplyDelete
  40. No point in arguing with an idiot. He will pull you to his level and ultimately will beat you with experience.

    ReplyDelete
  41. 1,ඇඹිලිපිටියට වෙන අසාධාරනය දැන් කීප වතාවක්ම පවසා ඇත.වෙන අසාධාරනේ තමයි සල්ලි තියෙන සුදුසුකම් නැති උදවියට විශ්ව විද්‍යාල වරම් ලැබෙද්දී සුදුසුකම් තියාගෙනත් බහුතරයකට මුදල් නැති නිසා සරසවි නොයා ගෙදරට වී ඉන්නට සිදුවීම.මගේ original සටහනේ x,y සහ z වශයෙන් විස්තරාත්මක උදාහරනයක් දීල මේක පැහැදිලි කරල තියෙනවා.තේරෙන්නේ නැතිනම් ඒක ආයෙ ආයෙත් කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න.තේරිලත් නොතේරිලා වගේ ඉන්නවා නම් කරන්නට දෙයක් නැහැ.

    2,නැහැ.දෙවන ප්‍රශ්නයට ඔබ පිලිතුරු දුන්නේ නැහැ.ඔබ කියන්නේ පු.වි.විද්‍යාල වලින් සල්ලි තියෙන අයට අවස්ථාවක් ලැබෙන නිසා ඒක සාධාරන බව.මම අහන්නේ එසේ අවස්ථාව නොලැබෙන බහුතරය ගැන.සුදුසුකම් අනුපිලිවෙලට නැතිව ගෙවන්න තියෙන හැකියාව මත සරසවි වරම් දෙන්න යාමෙන් සුදුසුකම් ඇති සල්ලි නැති බහුතරය පසෙකට විසිවෙනකොට ඒක "ඒ අයට"අසාධාරනයක්ද?නැද්ද?ඒක "ඒ අයට" සාධාරනයක් වෙන්නේ කොහොමද?සමාජයේ බහුතරය වැටෙන්නේ ඒ ගොඩට නම් සමාජීය වශයෙන් ඒක අයුක්ති සහගතයි.මේක තමයි තර්කය.
    තව සරල කරන්නම්.B3 ගත්ත සල්ලි නැති එකා බලාගෙන ඉද්දී s 3 යම්තම් ගත්ත සල්ලිකාරයාගේ පුතා කැම්පස් යන එක පලවෙනි එකාට වෙන අසාධාරනයක් නෙමේද?සුදුසුකම මත ප්‍රවේශ වරම ලැබිය යුත්තේ බී 3ට මිස එස් 3ට නෙමෙයි.

    3.විසදුම අලුතින් විශ්ව විද්‍යාල ඇති කිරීම හා පවතින පද්ධතියට වැඩිපුර ලමයි ඇතුලත් කරගැනීම.ඒ ඇතිවෙන අලුත් ආයතනත් ආර්ථික සීමා නැතිව නිදහසේ සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන නිදහස් අධ්‍යාපන ආයතන විය යුතුයි.එහෙම නැතිව මුදලාලිලා ටික දෙනෙකුට වැඩේ බාර දුන්නොත් සල්ලි තියෙන ටික දෙනෙක්ට(සුදුසුකම් නැති වුනත්)බෝනස් ආතල් එකක් ලැබෙයි.සාමාන්‍ය සමාජයට ලැබෙන කෙහෙල්මලක් නැහැ.දෙන විසදුම සමාජයේ හැමෝටම දෙන විසදුමක් විය යුතුයි.

    4.රජයේ වි.විද්‍යාල වැසිය යුතුයි කියල ඔබ නොකීවත් පවතින වෙලදපොල තර්කනය තුල පුද්ගලික ව්.විද්‍යාල ඉදිරියේ රාජ්‍ය වි.විද්‍යාල පද්ධතිය බිද වැටීම නියතයක් බව නිදහස් සෞඛ්‍ය සේවය,ප්‍රවාහන සේවය වගේ උදාහරන කීපයක් එක්කම මම දක්වලා තියෙනවා.කථිකාචාර්ය වරුන්ට ලැබෙන ඉහල වැටුප්,රජය රාජ්‍ය වි.විද්‍යාල‍ වෙත කරන ප්‍රතිපාදන අඩුකිරීම් පිලිබද මගේ සදහන ඉදිරියේ ඔබ නිහඩයි.(ඒවට ඉතින් දෙන්න උත්තර නැහැනේ.නේද?)

    5.ඉන්ටනෙට් කියන්නේ අල,බතල,මාලු,මොබයිල් ෆෝන් වගේ සාමාන්‍ය වෙලද භාන්ඩයක්.ඒව නොමිලේ දෙන්න කියල කියන්න තරම් හිසරුදාවක් අපිට නැහැ.නමුත් උසස් අධ්‍යාපනය ගුනාත්මකව ඊට වඩා වෙනස් ප්‍රපංචයක්.මේ නිසා ඔබේ සැසදීම අංගවිකලයි.මිනිස්සු හැමෝම ඒ ලෙවල් කියල විභාගෙකට ලියනවා.ඒකෙන් උසස් අධ්‍යාපනයට ඕනෙ කරන සුදුසුකම් ගන්නවා.ඒ සුදුසුකම් වලට අනුව ඔවුන්ට උසස් අධ්‍යාපන පහසුකම් සපයමින් ඔවුන්ව රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් පුහුනු කරන එක රාජ්‍යයක වගකීම.ඒක "පිං"වැඩක් නෙමේ.මිනිස්සු රජයට බදු ගෙවන්නේ ඒ නිසා.
    ඔබ අන්තිමේදී නම් ඇත්ත දෙයක් කියනවා.
    -අවසන් වශයෙන් ධනේශ්වර සමාජ ක්‍රමය ගැන ඔබට ප්‍රශ්නයක් ඇත්නම් ඊට විසඳුම ඒ සමාජ ක්‍රමය වෙනස් කිරීමය.-
    ඕං ඕක තමයි අපිත් කියන්නෙ.ප්‍රශ්නේ තියෙන්නෙ අපේ දේශපාලන සමාජ මොඩලය තුල .ඇත්ත උත්තරේ තියෙන්නෙ ඒ මොඩලය වෙනස් කරන ගැඹුරු පරිවර්තනයක් ඇතුලෙ.එතනට නොයා මේ තියෙන ගරාවැටෙන ආකෘතිය ඇතුලෙ පුද්ගලික වි.විද්‍යාල වගේ ගොඩ වෙදකම් වලට යාම තවතවත් තුවාලය කුනුකරන්නට හේතු වෙනවා.
    මේ ගැනත්,විදේශ විනිමය පිටවීම ගැනත් ඊලග සටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  42. රාමචන්ද්‍ර, ගවේශණාත්මක ලිපියකින් සංවේදී මාතෘකාවක් මනාව විෂ්ලේශනය කීරීම ගැන අනේක වාරයක් ස්තුතියි. ඔබේ කමෙන්ට්ස් තීරුව බලෙන්ම බදු ගත් ආදී රාජකීය-ජෝකරයා නිසා හරවත් සංවාදයක් ගොඩනැගෙන්නට තිබු අවස්ථාව මග හැරී ගිය බවයි අපේ විශ්වාශය.

    ReplyDelete
  43. රාමචන්ද්‍ර,

    ඔබේ තර්ක බින්දහෙළු පසු පුන පුනා ඒවාම කියා පළක් නෑ.

    "වෙන අසාධාරනේ තමයි සල්ලි තියෙන සුදුසුකම් නැති උදවියට විශ්ව විද්‍යාල වරම් ලැබෙද්දී සුදුසුකම් තියාගෙනත් බහුතරයකට මුදල් නැති නිසා සරසවි නොයා ගෙදරට වී ඉන්නට සිදුවීම."

    මං අහන්නේ මේ හරුපේ නෙවෙයි. මේ ගොන් කතාව ට මම උත්තර දුන්නනේ. අදත් අඩු ලකුණු ගත්තු ඇඹිළිපිටියේ ශිෂ්‍යයන් පිං විශ්ව විද්‍යාල වලට ගන්නේ නැහැනේ. කී සැරයක් කිව්වද දැන්?

    මම අහන්නේ *දැන් සිදු නොවන අමුතු අසාධාරණයක්* පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම නිසා ඇඹිලිපිටියට සිදුවේද? ඒ මොකද්ද?

    පැහැදිළි උත්තරයක් දෙන්න. දන්නේ නැත්නම් නෑ කියන්න.

    පුද්ගලික රෝහල් ආව කියලා පිං රෝහල් වැහුණේ නැහැනේ. පිං රෝහල් වල තත්තවය පවා 1970 ගණන් වල සිට දියුණු වී තිබෙනවා. මේ හන්ද ඔය පුද්ගලික විශ්ව විද්‍යාල නිසා පිං විශ්ව විද්‍යාල වැහේය කියන මෝඩ තර්කය ගේන්න එපා.

    හරි. දැන් මා ඔබේ සියළුම ප්‍රශ්න වලට උත්තර බැඳ අවසානයි. දැන්වත් මහත්මයකු වගේ අර ඉන්ටර්නෙට් ගැන ඇසූ ප්‍රශ්නයට උත්තර දෙබවාද?

    පැහැදිළි උත්තරයක් දෙන්න. දන්නේ නැත්නම් නෑ කියන්න.

    ඒ එක්කම ඔබේ ඔය ඉරිසියාව කියන රෝගය හොඳ කර ගන්න බලන්න.මට පෙනෙන්නේ ඔබේ ගොන්කම ඒකේ අතුරුඵලයක්.

    ReplyDelete
  44. @රාමචන්ද්‍ර,

    ඔබ කලින් කමෙන්ට් එකක ලලිත් කොතලාවල ගැනත් සඳහන් කළා. මේ පුද්ගලයාට සම්මාන ආචාර්ය උපාධියක් දුන්නේ කවුද? ජයවර්ධනපුරයේ පිං විශ්ව විද්‍යාලය නේද?

    මෙයින් කරුණු දෙකක් පැහැදිළියි.

    1. ජයවර්ධපපුර පිං සරසවියේ ලෝ කොලිටිය
    2. සල්ලි ඇත්නම් මේ පිං විශ්ව විද්‍යාල වලින් ඕනෑම දෙයක් ලබා ගත හැකිය යන්න තහවුරු වීම

    ReplyDelete
  45. මේ ගොන් තර්ක වලට අද මට මෙසේ උත්තර දෙන්නට සිදුවීම පිනට කන්න දීමේ ප්‍රතිඵලය. දවසක් දෙකක් පිනට කෑම ලැබී රස වැටුනු විට පිංබතා හිතන්නේ පිංබත් අයිතියක් බවය. ඉන්පසු ඌ ඒ 'අයිතිය' වෙනුවෙන් සටන් වදින්නට පටන් ගනී. සල්ලි දී බත් කන වුන්ට ඉරිසියා කරන්නේ සල්ලි දී ගන්නා බත් පිංබතට වඩා රස නිසාය. ඉන්පසු උගේ තර්කය කාටවත් සල්ලි දී බත් කන්න නොදී සමාජයේ හැම එකාම පිංබතකු කළයුතු බවය.

    මෙය අපට 'පිංබත් විප්ලවය' ලෙස නම් කළ හැකි‍යයි සිතමි.

    මේවන විට නිෂේධ කර හමාර එකම තර්කය හැරුණු විට වෙනත් තර්ක පිංබතුන්ට නැතිනම් මා මෙතැන රැඳී සිටීමේ තේරුමක් නැත.

    රාමචන්ද්‍රගේ පිංබත් විප්ලවය දිනේවා!

    ReplyDelete
  46. @ අරවින්ද

    රටක අධ්‍යාපනය කියන්නේ මුදල් මත පදනම්ව පමණක් සිතිය යුතු එකක් නෙමෙයි.
    ඔබ 'අනුන්ට අධ්‍යාපනය ලැබීමට තියෙන අවස්ථා' ගැන කතා කරනවා. ඒ අවස්ථාවන් ලැබිය යුත්තේ ඉහල මධ්‍යම පාංතික හෝ ඉන් ඉහල ආර්ථික තත්වයක් ඇති පවුල්වල දරුවන්ට පමණක්ද? මොකද ලංකාවේ තිබෙන අධ්‍යාපන ක්‍රමය හා අවස්ථා තුල මේ අවස්ථා‍වන් නැති වෙන්නේ ඔය කියන අයට පමණක් නොවන නිසා. ඔබේ දෙමව්පියන් ඔබව විදේශ රටකට යවා උගන්වන කොට, ඒ හැකියාව නැති තවත් ලක්ෂ ගණනකගේ ඉරණම යුධ සෙබළුන් ලෙස යුද්ධයට යාම, නැතිනම් ඇඟළුම් කම්හලක සොච්චම් පඩියකට තමන්ගේ ශ්‍රමය විකුණන එක.
    කොයි තරම් දුර්වලතා තිබුනත්, ඔබ ඔය කියන 'පිනට' දෙන අධයාපනය හරි නොතිබුනා නම් තවත් ලක්ෂ ගණනකගේ ඉරණම හිතා ගන්න පුළුවන්ද?

    දැන් පු.වි.වි. වලට විරුද්ධ වෙන්නේ ඉරිසියාවට නම්, පු.වි.වි. වලට බිහිවීම ගැන මේ තරම් උදම් අනන්නේ තියෙන පරාර්ථකාමී කම නිසාද?

    රා.වි.වි ඇති බොහෝ දුර්වලතා තොරව වුවත්, මේ බිහිවන පු.වි.වි. සමඟ තරඟයේදී රාජ්‍ය සරසවි පද්ධතිය බිඳවැටෙන එක අනිවාර්්‍යයක් (රාජ්‍යයේ ස්භාවය අනුවමම).
    ඒ වගේම අරවින්දම පිළිගන්නවා, ඒ තත්වයත් පු.සරසවි වලින් පිටවෙන විද්‍යාර්ථින් එක්ක රා.ස. වල විද්‍යාර්ථින් ට රැකියා වෙළඳපොල තුල තරඟ කරන්න බැරිවෙන බව. එතකොට වෙන්නේ කැමති උනත් නැතැත්, ඉතුරු රා.වි.වි. ටිකත් වහල දාන එක, අවසානයේ එහෙම කරන්න බැරි කම නිසා ඒ ටිකත් පෞද්ගලිකරණය කරලා දැන්න වෙනවා. (ඔය තත්වය නිසා ඇතිවෙන සමාජ ගැටළු ගැන පස්සේ කතා කරමු)

    තමන්ගේ දරුවන් පිටරට යවලා උගන්වන ‍ගොඩක් දෙමව්පියන්ට, ඔවුන් තමන්ගෙන් ඈත්වෙලා වසර ගණනාවක් ඉන්න වෙන එක වේදනාවක්. ඉතිං ඒ අය කැමතියි, පිටරට යවල උගන්වනවා වෙනුවට මේ ර‍ටේදීම ඒ අවස්ථාව ලබාගන්න පුලුවන්නම්. මේ කාලයේ පු.සරසවි වෙනුවෙන් නැගෙන ඉල්ලීම් පසුබිමෙහි තියෙන වෙළඳ පොල උවමනාවන් තොරවුනු එක් අවශ්‍යතාවයක් තමයි ඒ.
    --
    පු.සරසවි වල අවශ්‍යතාව ගැන කියැවෙන කොට මුලින්ම කියැවෙන තවත් හේතුවක් තමා පිටරටට ගලා 'විශාල' ජාතික ධනය ගැන. එහෙත් මේ විදියට පිටරටට ඇදී යන්නේ මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීම හරහා පමණක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති හා තවත් පුද්ගල පරිභෝජන රටා හේතුවෙන් නිකරුනේ විදේශවලට ඇදී යන අතිමහත් ධනස්කන්දය ගැන වචනයක් කතා ‍‍නොකරන අය අය මේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් වැයවෙන මුදල් ගැන මේ තරම් කිඹුල් කඳුලු හෙලන්නේ මොකද?
    අනික මේ විදේශවල ඉගෙන ගැනීමට යන සිසුන් බොහෝමයක් කරන්නේ ඉගෙන ගන්න එක පමණක් නෙමෙයි, ඒ අය ඉගෙන ගන්නේ රැකියාවල් වල නියුක්ත වෙන ගමන්, ඒ උපයන මුදල් විදේශ විනිමය ලෙස ලංකාවට ලැබෙනවා.
    අනික දැනට පිහිටුවීමට යන වෛද්‍ය විද්‍යාලය ගත්තත්, එහි පාඨමාලාව පවත්වාගෙන යන්නේ රුසියානු විශ්වවිද්‍යාලයක් මඟින් එතකොට පාඨමාලා ගාස්තුවෙන් වැඩි කොටසක් විදේශයකට ඇඳී යන්නේ නැත්ද?

    මේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ ගැටළුවට විසඳුම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම මඟින් නෙමෙයි. ක්‍රමයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වල පහසුකම් හා අවස්ථාවන් වැඩි කිරීමත්, ඒවායේ පාඨමාලා තව දුරටත් ගුණාත්මක කිරීමත්, එමෙන්ම විධිමත්, ගුණාත්මක තෘතීක අධ්‍යාපන අවස්ථා බිහිකිරීමත් (හැබැයි මේ ආකාරයේ අධ්‍යාපන කඩ නෙමෙයි). අතිවිශාල ජාතික ධනයක් නිකරුනේ නාස්ති කරන රටක අධ්‍යාපනය සඳහා මුදල් නැතැයි කියමින් අධ්‍යාපනය විනාශවීමට ඉඩදීම ඛේදවාචකයක්.

    ඊටත් වඩා ඛේදවාචකය වෙන්නේ ආත්මාර්ථකාමී කමත්, නැත්නම් තමන්ගේ ආර්ථික තත්වය නිසා හිසඋදුම්මවා ගත් උන් මේ යථාර්තය අවබෝධ කර ගන්නා ආකාරය.

    ReplyDelete
  47. @Kasun,

    උත්තර දෙන්න තරම් අළුත් දෙයක් නැත. මගේ කලින් සටහන් බලන්න.

    ReplyDelete
  48. ස්වයං වින්දනයේ යෙදෙන විට අවට හැමදේම අමතකය.මනස ස්වයං උත්කර්ෂයකට සමවැදේ.සිතෙන්නේ ලෝකයම මෙතැන කියාය.ලෝකයේ ඇති පරම ආස්වාදය තමන් ලබන බව සුරාන්තය ලබන මො‍හොතේදී සිතේ.තමන් ලෝකයේ උපරිම තැනට ගියා කියා සිතුනත් අන්තිමේදී ඇත්තටම සිදුවී ඇත්තේ ශුක්‍රානු තලියකින් හස්තය තෙත්වීම පමනි.
    අරවින්ද මං තර්කය බින්දා,මම ඇට්ටි හැලෙන්න අනිත් අයට දුන්නා කියා සිතාගෙන තනියම හස්තසේවනයේ යෙදීමක් සිදු කරයි.
    අන්තිමේදී ඔහු බින්ද තර්කයක් නැත.විෂමතා උග්‍ර සමාජයක විෂම පදනමකින් පු.වි.විද්‍යාල පිහිටවූ විට සමාජ අසමානතාවය වැඩිවීමෙන් සමාජයීය වශයෙන් අයුක්තියක් වෙනවාද නැද්ද කියන එකට ඔහු පිලිතුරු නොදෙයි.කසුන් මතු කර තිබෙන වැදගත් අදහසක් වන විදේශ අරමුදල් පිටව යාම පිලිබද ප්‍රශ්නය ඔහු මග හරී.රජයේ රෝහල් ගැන අරවින්ද දන්නා කිසිවක් නැති බව හොදින් පෙනේ.රජයේ රෝහල් ඖෂධ හිගයෙන් හා පහසුකම් හිගයෙන් පෙලෙන ඇකිලී ගිය පද්ධතියක් බවට අද පත්ව තිබෙන ආකාරය ඒවාට යන මිනිස්සු දනිති.එය මස් හැලුනු සැකිල්ලක් පමනි.කොතලාවලට සම්මානයක් දීම නිසා ජ'පුර වි.විද්‍යාලය හොද නැතිනම් මර්වින් සිල්වාට උපාධිය දුන්න විශ්ව විද්‍යාලය මොකක්ද කියල හොයල බලල එතකොට එසේ උපාධි විකුනපු(ඔබ උඩ දමන) පුද්ගලික වි.විද්‍යාල වල කොලිටිය ගැනත් අපිට කියන්න.ඉන්ටනෙට් වගේ සාමාන්‍ය වෙලද භාන්ඩයක් සමග රටක උසස් අධ්‍යාපනය වැනි රාජ්‍ය වගකීම සමග බැදී ඇති දෙයක් සැසදීමේ සදොස් බව පෙන්වා දී තිබේ.උසස් අධ්‍යාපනය වැන්නක් ඇත්තෙන්ම සැසදිය යුත්තේ ජාතික ආරක්ෂාව,නීතිය හා සාමය සුරැකීම වැනි මූලික සමාජ අවශ්‍යතා සමගය.එම ගුනාත්මක වෙනස පෙන්වූ පසුත් ඒ ගැන කිසිත් නොකියන අරවින්ද එක තැන නතර වුනු ටේප් එකක් වගේ එකම ප්‍රශ්නය අසම්න් සිටී.
    කරුනු කිසිවකට උත්තර නොදී "මම පොර"කියල හිතාගෙන ස්වයං මෛථුනයේ යෙදීම(එය හාස්‍යජනක වුනත්) ඊට ඔබට ඇති අයිතියට අපි ගරු කරමු.හැබැයි ඔබ කරන වැඩේ ඕනෙ සාමාන්‍ය මිනිසෙක්ට කරන්න පුලුවන් සාමාන්‍ය දෙයක් -ඕකට ලොකු talent එකක් අනවශ්‍ය බවත් ඒ සමගම ලියා තබමු.

    ReplyDelete
  49. @රාමචන්ද්‍ර,

    වෛරයෙන් දැවෙමින් ලිංගික අපහාසද සහිතව කළ මේ දිග වැල්වටාරමින් පෙනෙන්නේ ඔබට සරල ප්‍රශ්න දෙකකටවත් උත්තර නැති බව නේද?

    ReplyDelete
  50. එකම ප්‍රශ්න දිගට අසන්නට සිදුවන්නේ ඔබ ඒවාට උත්තර නොදී හෙමින් සීරුවේ ලිස්සා යන හෙයිනි. උත්තර: (a) දෙන්න බැරිනම්, (b) දන්නේ නැත්නම් හෝ (c) දෙන්නට අකැමැතිනම් කියන්න. එවිට අහන එක නතර කරන්නම්.

    මෙන්න ප්‍රශ්න ආයෙත්.

    1. පුද්ගලික විශ්වවිද්‍යාල නතර කිරීමෙන් ඇඹිලිපිටියට *දැන් සිදු නොවන අමුතුවෙන් සිදුවන* අසාධාරණය කුමක්ද?

    2. අධ්‍යාපනය බඳුම වෙළඳ භාණ්ඩයක් වන ඉන්ටර්නෙට් තවමත් රටේ අති විශාල බහුතරයකට ලැබී නැත. සියල්ලන්ටම රජයෙන් ඉන්ටර්නෙට් පහසුකම් පිනට ලැබෙන තුරු පුද්ගලික ආයතන ඉන්ටර්නෙට් පහසුකම් ලබාදීම නතර කළ යුතුද? නො එසේනම් ඒ ඇයි? (මේ දෙකම එක හා සමාන වෙළඳ භාණ්ඩය.)

    ගොන් කතා නොකියා, ප්‍රශ්න මඟ නොහැර, වැල් වටාරම් නොලියා පිළිතුරු දෙන්නේ නම් අගය කරමි.

    ReplyDelete
  51. රාමචන්ද්‍ර ඔබ මෙසේ කියයි: "රජයේ රෝහල් ඖෂධ හිගයෙන් හා පහසුකම් හිගයෙන් පෙලෙන ඇකිලී ගිය පද්ධතියක් බවට අද පත්ව තිබෙන ආකාරය ඒවාට යන මිනිස්සු දනිති."

    පුද්ගලික රෝහල් තිබුණේ වාසනාවට කියා හිතෙන්නේම නැත්ද? නැත්නම් අපි ඉවරයි නෙවැ? ඔබ කියන හැටියට ඖෂධ නැතුව මැරෙන්නනේ වෙන්නේ මේ පිං රෝහල් ගැනම බලාගෙන හිටියා නම්.

    ඒ කියන්නේ ඔබත් පුද්ගලික රෝහල් වලට පක්ෂයි. ඈ?

    (පිං විශ්ව විද්‍යාලයත් ඔයිට අන්තයි, රාමචන්ද්‍ර. ඒවායේ ලෝ කොලිටිය යන්න්නෝම දනිති.)

    ReplyDelete
  52. උසස් අධ්‍යාපනය වැන්නක් ඇත්තෙන්ම සැසදිය යුත්තේ ජාතික ආරක්ෂාව,නීතිය හා සාමය සුරැකීම වැනි මූලික සමාජ අවශ්‍යතා සමගය.

    අනේ නෑ රාමචන්ද්‍ර, නැත. නැත. නැත. ඔබට විශාල වැරදීමක් වෙලා. කමක් නෑ වරද්ද වරද්දා තමයි කවුරුත් ඉගෙන ගන්නේ. ඒ නිසා මා කියා දෙන්නම්.

    ජාතික ආරක්ෂාව,නීතිය හා සාමය සුරැකීම කියන්නේ public goods. මේවයේ ගුණාංග දෙකක් තියෙනවා rivalry හා excludability කියලා. අධ්‍යාපනයේ rivalry කියන ගුණාංගය පැහැදිළිව නැහැ. අනෙක තියෙනවාද නැත්ද යන්න බලන කෙනාගේ කෝණය අනුව වෙනස් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය කියන්නේ එක්කෝ common එකක් නැත්නම් private good එකක්.

    මේ වරද ආයේ කරන්න එපා. තව නොදන්නා දෙයක් තියේනම් කියන්න කියල දෙන්න.

    ReplyDelete
  53. aravinda, i hope that u are a social being....... hey "establishing private universities is something which only satisfy the needs of a tiny strip of wealthy people dats not a social need equal oppurtunities should be given to every citizen and p.universities don't allow equal acces so socially it's an unjust considering the debate which was carried both in the text and comments It is clear dat the only person who defends private uni's is not answering the basic question instead of doing it continuosly he's repeating irrelevant points which won't confront the basic matter"

    ReplyDelete
  54. අරවින්ද,
    අපහාසය සහ උපහාසය අතර වෙනසක් පවතී.අවශ්‍ය නම් පුද්ගලික වි.විද්‍යාලයක සාහිත්‍ය පාඨමාලාවක් හදාරා ඒ වෙනස තේරුම් ගන්න.
    ඔබේ පලවෙනි ප්‍රශ්නයට පිලිතුර දැන් දහ දොලොස් වතාවක් පමන දී තිබෙනවා.කරුනාකර මගේ මූලික ලිපියේ x y z ආදි සංකේත කිහිපයක් සමග ඇති නිදසුනත්,තව comment එකක සදහන් කල බී3හා එස්3ගන්නා සිසුන් දෙදෙනෙකුගේ නිදසුනත් කියවා බලන්න.දෙන පිලිතුරු නොකියවා එකම කතාන්දරය කීම comments තීරුවේ දිග අනවශ්‍ය ලෙස වැඩි කරනවා පමනක් නෙමෙයි ඇත්තෙන්ම ඒක වෙහෙසකරයි.
    රාජ්‍ය රෝහල්වල තත්වය ගැන කිව්වෙ පුද්ගලික අංශයට ක්ෂේත්‍රය විවෘත කොට රජය ක්ෂේත්‍රයෙන් කර ඇරීමේ විපාකයක් ලෙස එය ඇද වැටී ඇති තත්වය පෙන්නුම් කිරීමට.නුවනැත්තෝ නැන පමනින් කරුනු වටහා ගනිත්වා.
    අධ්‍යාපනයද සාමාන්‍ය වෙලද භාන්ඩයකි යනුවෙන් ඔබ ගෙන එන්නේ ලිබරල් වෙලදපොල අර්ථකතනයයි.ලිං ජලයටත් මිලක් අය කල යුතු බව යෝජනා කරන ලිබරල් වෙලදපොල ආර්ථික විග්‍රහය "එකම" හෝ පරම සත්‍යය විග්‍රහය වෙන්නේ නැහැ.අපි ඕක පිලිගන්නෙත් නැහැ.ප්‍රාග්ධනය ගැන මාක්ස්ගේ විග්‍රහයට ඔය ලිබරල් අර්ථ ශාස්ත්‍රය‍ට කිට්ටු කරන්නත් බැහැ.
    (සහ පාරිභාෂික ඉංග්‍රීසි පද නොදැම්මාට මාත් ඔය ලිබරල් ආර්ථික විද්‍යාව හොදට හදාරල තියෙනවා)
    සෞඛ්‍යය සේවය,අධ්‍යාපනය වගේ අතිශය මූලික පහසුකම් හුදු වෙලද භාන්ඩවල තත්වය අබිබවා ගිය සමාජ වගකීමක් සහිත සැපයුමක් විය යුතුයි කියන වඩා පුලුල් නිර්වචනයකයි අපි ඉන්නෙ.
    මේ comments session එක මෙතනින් අවසන් කරමි.අරවින්දට අවශ්‍ය නම් 50ක් පමන වන comments සමග මුල් ලිපිය නැවත නැවතත් කියවිය හැක.සිහිබුද්ධියෙන් කියෙව්වොත් ඔබ මතු කර ඇති ප්‍රශ්න වලට අප අභිමුඛ වූ බව පමනක් නොව අප මතු කර ප්‍රශ්න ඔබ මග හල බවද ඔබට වැටහෙනු ඇති.

    ReplyDelete
  55. @රාමචන්ද්‍ර, තාමත් උත්තර නෑ නේද?

    ඔබේ ප්‍රශ්න සියල්ලටම මා දීර්ඝ වශයෙන් පුන පුනා පිළිතුරු දුන් පසු මගේ ප්‍රශ්න මඟ හැරීම සාධාරණ යැයි මා සිතන්නේ නෑ. නමුත් ඔබට කියන්නට දෙයක් නැත්නම් මොනවා කරන්නද?

    ReplyDelete
  56. reading all these comments, i think it would be beneficial to the lower-middle & working class childern, if government implemented a 'student loan' program exist commonly in western countries that would make them to repay their university education cost while doing a job. nevertheless, private universities create opportunities to atleast some amount of childern to engage in country's development process.

    ReplyDelete
  57. @ලක්ෂිත, ඇත්ත. සමාජයේ පහළ ස්ථරයන්ට වැඩි වාසියක් ඇතිවන පරිදි, රටටද බරක් නොවන සේ සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල වලට ඇතුළු වන ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට හෝ විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව ඒ අධ්‍යාපනය ලබා දීමට ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. ඔබ කියූ පරිදි රැකියාවක් කරන ගමන් ඉගෙන ගැනීම එකක්. ඉගෙනීමෙන් පසු ගෙවිය හැකි ලෙස ශිෂ්‍යත්ව ලබා දීම තව එකක්. ඒ සමඟම පාර්ශවික ලෙස රජයෙන් යම් සහන සලසන ක්‍රම තිබෙනවා. මේ මැට්ටන් නොදන්නවාට මේවා ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කර තිබෙනවා. ඇත්තටම එයින් දිළිඳු දරුවන්ට වැඩි වාසි අත් වී තිබෙනවා.

    නමුත් අවාසනාවකට මේවා ගැන අන්නුට යහපතක් වෙනවා දකින විට ඉරිසියාවෙන් පැලෙන මලකඩ කෑ මොළ සහිත මේ පුද්ගලයන් සමඟ කතා කර පලක් නෑ. ඔවුන්ගේ අරමුණ මොකක් හෝ ක්‍රමයකින් අධ්‍යාපනයේ අවස්ථා පුළුල් වෙනවාට විරුද්ධ වීම. ඔවුන්ගේ අභිලාෂයන් ඉතාම පටුයි. ඔවුන්ට අවශ්‍ය කාටවත් යහපතක් කිරීම නොව රැකියා වෙළඳපළෙහි දැනටමත් හෑල්ලු වී ඇති ඔවුන් පිනට ලබන උපාධි සහතිකය තව දුරටත් හෑල්ලු වීම නවතා ගැනීම. (ඇත්තටම පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනාය නැතය කියා වෙනසක් නෑ. පිං උපාධි සහතිකයේ වටිනාකම කොහොමටත් අවමයි.)

    මට මතකයි කණ්ඩලම හෝටලය පටන් ගන්න කලිනුත් මේවගේ මැට්ටන් රැළක් කෑගැහුවා පරිසරය නැසෙනවාය සංස්කෘතිය නැසෙනවාය කියලා. දැන් බලා ගන්න පුළුවන්නේ ඇත්ත.

    ReplyDelete
  58. @ අරවින්ද

    ඔබ දී ඇති උත්තරයක් ද නැත.

    ReplyDelete
  59. සියළු දෙනා වෙතටයි,

    මේ තේරුමක් නැති විවාදය වෙනුවෙන් තව බොහෝ දෙනකු වටිනා කාලය නාස්ති කරගන්නට මත්තෙන් සාරාංශ කළ පහත කරුණු කිහිපය කියනු කැමැත්තෙමි.

    1. පුද්ගලික ව්‍යවසාය රටකට අත්‍යාවශ්‍ය දෙයකි. විශේෂයෙන් දියුණු කර්මාන්ත අංශයක් (Industrial Sector) නැති සේවා ආර්ථිකය පදනම් කොට ගත් ශ්‍රී ලංකාව වැනි රටකට පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භයෙන් ලද හැකි ප්‍රයෝජන විපුලය. එහි තර්කයක් නැත.

    2. බොහෝ දෙනකු විරුද්ධ වී ඇති සෙයක් පෙනුනද ඇත්තටම පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරුද්ධව අදහස් පළකොට ඇත්තේ දැනට පිං විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන තිදෙනකු පමණකි. ඉන් රාමචන්ද්‍ර නැමැත්තාට කොමියුනිස්ට් ඇජෙන්ඩාවක් ඇත, මේ නිසා ඔහු කොහොමටත් පුද්ගලික ව්‍යවසායට විරුද්ධය. චමිල ද අල්විස් නැමැත්තාටද ඊට විරුද්ධ වීමට පුද්ගලික උවමනාවක් ඇත. දැනට බ්ලොගවකාශයේ හෙළි වී ඇති කරුණු අනුව මේ පුද්ගලයා UCSC වෙතින් තමා ලබන උපාධි සහතිකය ගැන හීන මානයකින් පෙළෙන්නේ එය SLIIT සහතිකයට බාල බව දන්නා නිසාය. මෙය රැකියා වෙළඳපළේදී ඔහුට විශාල ගැටළුවක් වෙයි. මේ නිසා තව පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය යනු ඔහුගේ පෑරෙන තුවාල වලට හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් දැමීමකි.

    3. මේ පුද්ගලයන් හා කළ විවාද වලදී ඔවුන්ගෙන් මා ඇසූ සරල ප්‍රශ්න වලට වත් උත්තර දී ගන්නට ඔවුන්ට නොහැකි විය. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් ඇඹිලිපිටියට අළුතින් වන අසාධාරණය ඇසූ විට රාමචන්ද්‍ර වල්පල් කියා මඟහරියි. ඔහුට ඊට උත්තර නැත. සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම හෝ අද ඊටත් වඩා වැදගත් ඉන්ටර්නෙට් පිවිසුම පුද්ගලික අංශය මඟින් පලනය වනු ඔහු ඉවසන්නේ මන්දැයි ඇසූ විටද ඔහුට උත්තර නැත. ගිරවකු මෙන් මාක්ස්වාදය දොඩවනවා හැරෙන්නට මේ පුද්ගලයා කිසිම වැදගත් තර්කයක් ගෙනෙන්නේ නැත. (මින් අදහස් කරන්නේ චමිල ද අල්විස් හා කසුන් නැමැත්තන් වැදගත් තර්ක ගෙනෙන බව නොවේ.)

    4. රාමචන්ද්‍ර නැමැත්තා තමන්ට උත්තර නැති වූ විට ලිංගික අපහාස කිරීමට පෙළඹේ. මේ වටිනා සිරිත ඔහු උගත්තේ මාක්ස්ගෙන්ද, ලෙනින්ගෙන්දැයි අපි නොදනිමු. චමිල ද අල්විස් නැමැත්තා ලිංගික අපහාස නොකළත් සත්තු වත්තේ ඉන්නා හැම සතාගේම නම්, තවත් නම් රාශියක් සමඟ තමන් හා මතවාදීව විරුද්ධ වන්නන් කෙරෙහි භාවිතා කරයි. මෙයම ඔවුන්ගේ අදහස් අතින් බංකොළොත් බවට උදාහරණය.

    5. මේ අය පුන පුනා ගෙනෙන එකම තර්කය පුද්ගලික විශ්ව විද්‍යාල වල දුප්පතුන්ට ඉගෙන ගන්නට බැරි බවය. මෙය මහා සොයා ගැනීමක් නොවේ. අතේ සල්ලි නැත්නම් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙනීම තියා ආපන ශාලාවකින් බත් එකක් වත් දෙන්නේ නැත. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ඒ සඳහා ගෙවන්නට මුදල් ඇති අයටය. ඊට වත්කම් නැතියවුන්ට පිං විශ්ව විද්‍යාල තිබේ. ඒවා වහන්නටය කියා කවුරුත් කියන්නේ නැත.

    6. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නේ දුප්පතුන් සඳහා නොවෙතත් ඒවායේ අධ්‍යාපනය දුප්පතුන්ට නොලැබී යතැයි බිය ඇති කරගත යුතු නොවේ. කොළඹ නීති විද්‍යාලය හැමදාම ඉගැන්නුවේ මුදලටය; UCSC මෙන් පිනට නොවේ. එහත් අද නීතිඥයන් වී ඉන්න හැම කෙනෙක්ම පොහොසත් පවුල් වලින් ආ ඇත්තෝ නොවෙති. මෙසේ වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලද ශිෂ්‍යත්ව, රැකියා කරන ගමන් ඉගෙනගැනීම, ඉගෙන පසු ගෙවීම වැනි ක්‍රම මඟින් ආර්ථිකව සවිමත් නැත්තන්ට ඕනෑ තරම් අවස්ථා සපයන නිසාය. මේවා පුද්ගලික විශ්ව විද්‍යාල විනාශ කිරීම තම එකම අභිප්‍රාය කරගත් පෙර කී තිදෙනාගේ විෂය පථයට හසු නොවේ.

    මේ නිසා ඉරිසියාව හා වෛරය පදනම් කරගෙන වාදයට එළඹ ඇති මේ තිදෙනා සමඟ වාදයට යාම අර්ථ විරහිතය. මේ ප්‍රතිගාමීන් අමතක කර අපි අපේ ඉදිරිගමන යමු.

    ReplyDelete
  60. @ අරවින්ද,

    යම් දෙයක් වටහා ගත නොහැකිකම එක්කෝ, අවබෝධකර ගැනීමේ නොහැකියාවය. නැතිනම් මුග්ධ කම නිසා අවබෝධ කර ගැනීමට අනවශ්‍ය කමය. යමක් අවබෝධ කර ගැනීමේ නොහැකියාව ගැන සමාව දිය හැකි වුවත්, මුග්ධ කම ගැන සමාව දිය නොහැක.

    ReplyDelete
  61. මම ඇඹිලිපිටියේ සිට පැමිණ අරවින්ද කියන පිං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා... දුප්පතෙකි... මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන හෙයින් මා පෙර සඳහන් කල පරිදි මෙහි පැමිනියේ ලොතරැයි ඇදීමකින් හෝ අත උස්ස නොවන බව පෙන්නා දිය යුතුය... පිං යනු නිදහස් අධ්‍යාපනය නම් අප පිනට ඉගෙන ගන්නා අය විය යුතුය... අරවින්ද ප්‍රකාශයන් අභියෝගයට පත් කරන්නා මෙන් මම මෙතෙක් පුද්ගලික රෝහලකට ගොස් නැත... නමුත් පෞද්ගලික අංශය මත යැපී නැතැයි කීමට තරම් මා බොලඳ වන්නේද නැත.. නමුත් අරවින්ද හට එක් දෙයක් පෙන්වා දිය යුතුව... එනම් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පිං කියන්නේ නම් ඒ තැනැත්තා තම ජීවිත කාලය තුලම රාජ්‍ය අංශය මත යැපී නැත්තෙක් විය යුතුය... ගැටලුවක් නැත ඕනෑකෙනෙකුට වැරදිය හැක... පෞද්ගලික විශ්වවිද්‍යල පිලිබඳ මගේ අදහස පවතිනුයේ එහි අභ්‍යන්තර විභාග සමත් කිරීම සඳහා ඕනෑ කෙනෙකුට හැකියාවක් වේ නම් ඔහු හෝ ඇය ඒ සඳහා සුදුසු බව පමණි... උසස්පෙල මානසික ප්‍රශ්නමත හෝ යම්යම් හේතුමත අනගන්න අයට සිය අධ්‍යාපනය කඩා වැටීමට නොදී රැක ගැනීම උදෙසා යම් කාර්‍යභාරයක් මේ මගින් සිදුවේ... නමුත් එසේ විභාග සමත් වීමට හැකියවක් නොමැති අය... මා ඔවුනට මෝඩයින් යැයි නොකියමි... විවිධ පුද්ගලයින්ගේ හැකියාවන් වෙනස්ය... ඔවුන් මේ තුල විභාග සමත් වනුයේ නිල බලය... සල්ලි බලය.... හෝ වෙනත් බලපුලුවන්කාරකම් මත නම් තේරුමක් නැත රාජ්‍ය විශ්වවිද්‍යාල තුලද මෙය සමහරවිට සිදුවිය හැක නමුත් අවම මට්ටමිනි.. (සිදුවේ යැයි මම නොකියමි වර්ථමාන ක්‍රමය මත එය සිදුවිය නොහැක්කද නොවේ මම දැනුවත්ව එවැන්නක් සිදුවී නොමැත..)එසේ යම් මට්ටමක අය තෝරනවානම් සාර්ථක බැව් මගේ හැඟීමය... එය කොතරම් දුරට සාර්ථක දැයි... ප්‍රශ්ණයකි...

    ReplyDelete
  62. මම ඇඹිලිපිටියේ සිට පැමිණ අරවින්ද කියන පිං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා... දුප්පතෙකි... මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන හෙයින් මා පෙර සඳහන් කල පරිදි මෙහි පැමිනියේ ලොතරැයි ඇදීමකින් හෝ අත උස්ස නොවන බව පෙන්නා දිය යුතුය... පිං යනු නිදහස් අධ්‍යාපනය නම් අප පිනට ඉගෙන ගන්නා අය විය යුතුය... අරවින්ද ප්‍රකාශයන් අභියෝගයට පත් කරන්නා මෙන් මම මෙතෙක් පුද්ගලික රෝහලකට ගොස් නැත... නමුත් පෞද්ගලික අංශය මත යැපී නැතැයි කීමට තරම් මා බොලඳ වන්නේද නැත.. නමුත් අරවින්ද හට එක් දෙයක් පෙන්වා දිය යුතුව... එනම් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පිං කියන්නේ නම් ඒ තැනැත්තා තම ජීවිත කාලය තුලම රාජ්‍ය අංශය මත යැපී නැත්තෙක් විය යුතුය... ගැටලුවක් නැත ඕනෑකෙනෙකුට වැරදිය හැක... පෞද්ගලික විශ්වවිද්‍යල පිලිබඳ මගේ අදහස පවතිනුයේ එහි අභ්‍යන්තර විභාග සමත් කිරීම සඳහා ඕනෑ කෙනෙකුට හැකියාවක් වේ නම් ඔහු හෝ ඇය ඒ සඳහා සුදුසු බව පමණි... උසස්පෙල මානසික ප්‍රශ්නමත හෝ යම්යම් හේතුමත අනගන්න අයට සිය අධ්‍යාපනය කඩා වැටීමට නොදී රැක ගැනීම උදෙසා යම් කාර්‍යභාරයක් මේ මගින් සිදුවේ... නමුත් එසේ විභාග සමත් වීමට හැකියවක් නොමැති අය... මා ඔවුනට මෝඩයින් යැයි නොකියමි... විවිධ පුද්ගලයින්ගේ හැකියාවන් වෙනස්ය... ඔවුන් මේ තුල විභාග සමත් වනුයේ නිල බලය... සල්ලි බලය.... හෝ වෙනත් බලපුලුවන්කාරකම් මත නම් තේරුමක් නැත රාජ්‍ය විශ්වවිද්‍යාල තුලද මෙය සමහරවිට සිදුවිය හැක නමුත් අවම මට්ටමිනි.. (සිදුවේ යැයි මම නොකියමි වර්ථමාන ක්‍රමය මත එය සිදුවිය නොහැක්කද නොවේ මම දැනුවත්ව එවැන්නක් සිදුවී නොමැත..)එසේ යම් මට්ටමක අය තෝරනවානම් සාර්ථක බැව් මගේ හැඟීමය... එය කොතරම් දුරට සාර්ථක දැයි... ප්‍රශ්ණයකි...

    ReplyDelete
  63. මම මුලින්ම අරවින්ද ගේ නන්දෙඩවුම් වලින්ම කථාව පටන් ගන්නම්.

    "උසස් පෙළ සමත් වන හැම දෙනාටම විශ්ව විද්‍යාල පහසුකම් සපයන්න රජයට සල්ලි තියෙනවද? නෑ.

    තමන්ට සල්ලි නැත්නම් ඒ වැඩේ කරන්න වෙන කෙනෙකුට දෙන්න."

    දැන් මේක දෙන්න ඕන පුද්ගලික සමාගමකටද? මේක BOI project එකක් වෙන්න ඔන ද? රජයේ විශ්ව විද්‍යාල වලට සාමානයයෙන් පැමිනෙන සිසුන්ට අමතඑව, මුදල් ගෙවා සීමිත පිඑිසක් බදවා ගන්නට බැරි මොක ද? එහෙම කරන්න බය සමහර විට සාමාන්‍ය විදියට රන සිසුන් වැඩිපුර දක්ෂ වීමද?

    "රජයෙන් 'පිනට' අධ්‍යාපනයක් ලබන ගොන්නුන්ට වඩා බුද්ධිමත් පරම්පරාවක් පුද්ගලික විශ්ව විද්‍යාල බිහි කරාවි. ඒකට ඔය තරම් ඉරිසියා කරන්න ඕනෑද?"

    මේක මාර සිරා comment එක. කිසිම දෙයක් නොදන්න මන්ද බුද්ධික comment එකකට දර්ශීය උදාහරණය. අපි ගනිමු බලන්න වෛද්‍ය සිසුන්. වසරකට ලංකාවේ සරසවි වලින් 700 පමණත්, පිටරට සරසවි වලින් 250 ක් විතරත් වෛද්‍ය සිසුන් වෛද්‍ය සේවයට එකතු වෙනවා. දැන් මේ මාර සිරා පිටරට විශ්ව විද්‍යාල වලින් රන සිසුන්ගෙන් පශ්චාත් උපාධිය සමත් වන්නේ 4% විතර. අපේ රටේ "ගොන්නු" 15% විතර මේ විභාග සමත් වෙනවා.
    අරවින්ද මහත්තයෝ . . . දන්න දෙයක් ගැන කතා ‍කළොත් තමා හොද!

    ReplyDelete
  64. "ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කළාය කියා ධනපති පංතියට අමුතුවෙන් වෙන යහපතක් නෑ. යහපත වෙන්නේ රටට විතරයි."

    මෙන්න ගොන් කථා අංක දෙක. රටට යහපතක් වෙනවා කිවුවට වෙන්නෙ කොහොමද කියල පෙන්නන්නෙ නෑ. මොකද පු.වි.වි. වලිනුකත් වෙන්නෙ මුදල් පිට රටට ඇදෙන එක විතරමයි. මේක තේඑුම් නොගැනීම තමයි අරවින්ද ගේ epic fail එක.

    ReplyDelete
  65. "දෙක මෙරට ආචාර්ය වරුන්ට හා තවත් විශාල පිරිසකට රැකියා සැපයෙනවා."

    මෙන්න ගොන් කථා #3. මේ විදියට පු.වි.වි. ඇතිවෙද්දි ඒ සදහා දේශකවරු අවශයයි. මේ වි.වි. කරන්නේ මුදලාලිලා නිසා පිටරටින් මහ ගණන් වලට දේශක වරු නොගෙන්වා, ර.වි.වි. වල ඉන්න දේශකයන් වැඩි මුදලට බාගන්නවා. එතකොට තමයි ප්‍රශ්ණ එන්න ගන්නෙ.

    ReplyDelete
  66. "හොඳම උදාහරණය තමා පුද්ගලික බැංකු හා පුද්ගලික රෝහල්. මේවා ඇති කිරීමෙන් සමස්ත සමාජයට පොදුවේ යහපතක් මිස අයහපතක් සිදුවී නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාලද එසේමයි"

    පුද්ගලික රෝහල් වලින් වෙන අමිල සේවය දැකලා මට මැරෙන්න හිනා යනවා. රෝගීන් සූරාගෙන, ඒකෙන් සොච්චමක් වෛද්‍යවරුන්ට දීලා (සන්තෝසම් විදියට) කෝටි ගණන් ලාබ ගන්න පුද්ගලික රෝහල් මතු මතුත් වැජඹෙන්න ඕනි. ආසිරි, නවලෝක, ඇපලෝ ඔය කොයිකෙත් හොද කරන්න බැරි වෙන කොට උස්සන් එන්නෙ රජයේ රෝහලටම තමා. අහෝ අරවින්ද! ඔබේ නොදැනුමක මහත!

    ReplyDelete
  67. " හැමෝටම එසේ පිං අධ්‍යාපනයක් ලැබීමට වර ප්‍රසාද ලැබෙන්නේ නැත."

    පැහැදිලිව. සල්ලි විතරක් තියෙන හද්ද ගොබ්බයන්ට මේ වරප්‍රසාදය නැත. එය කවදාවත් තිබිය යුතුද නොවේ.

    ReplyDelete
  68. ගොන් පාට් අංක 5 ට පිවිසෙමු.

    "1. ඔබේ රජය උසස් පෙළ සමතුන් හැම දෙනාටම විශ්ව විද්‍යාල වල පිං අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්නේ කවදාද?"

    එහෙම අවශ්‍යද? උසස් පෙළ සමත්වීම යනු උපාධිය ලැබීමද? වැරදිලාවත් එහෙම කළොත් ඇමෙරිකාවේ වගේ හෙන ගොංතඩිත් උපාධි ගනීවි. එහෙම නැත්තනම් උපාධියේ failure rate එක අහස උසට නගීවි. උපාධි කියන්නේ මුතු බෙල්ලන් වගේ ගෝනි ගානේ විකුණන ඒවා නොවන බව දැන්වත් වටහා ගත යුතුයි.

    "2. එසේ දෙනතුරුවත් තමන්ට පුළුවන් හැටියට අනෙකුන් අධ්‍යාපනය ලබනවාට ඔබ ඔය තරම් ඉරිසියා ඇයි? ඔබ බෞද්ධයෙක්ද? ඉරිසියා කිරීමෙන් ඔබට හෝ රටට වැඩක් නොවන බව ඔබට වැටහේද?" අපොයි ඔව්! සුදුසුකම් තියෙන අය ඉන්දැද්දී ගොංතඩි උපාධි ගන්නකොට අපට ඉරිසියයි. හිරිකිතයි. රට ගැන දුකයි.

    "3. ඔබ කවරදාවත් පෞද්ගලික අධ්‍යාපනය ලබා නැත්ද? ටියුෂන් ගිහින් නැත්ද? ඇයි ඔබ ටියුෂන් පන්ති වලට විරුද්ධ නොවන්නේ?"

    හරි, අපි අධිකරණයත් පුද්ගලීකරණය කරමු.

    "4. ඔබ කවරදාවත් පෞද්ගලික බැංකුවක, රෝහලක සේවය ලබා නැත්ද?" ඔබ කවරදාවත පුද්ගලික අධිකරණයක පිහිට පතා ඇත් ද?

    ReplyDelete
  69. මෙ කුමන අදහසින් බැලුවත් වර්ථමානයේ අපට තිබෙන ගැටළුව වන්නේ විශ්ව විද්යාමල සිසුන්ට අරගල කරනවා හැරෙන්ට ඉගෙන ගැනීමට ප්රතමාණවත් කාලයක් තිබෙනවාද යන්න ය. හැමදාම විශ්වවිද්යාටලයක කුමක් හෝ අරගලයකි. ඔවුන් අරගල කලාට අපට කම් නැත. නමුත් රජයේ දේපල විනාශකරමින් පොලිස් නිළධාරි උසිගන්වමින් හා අරගලයේ විශාලත්වය පෙන්වීමට පොලීසියේ මැදිහත් වීම ලබාගැනීමට ඔවුන් පොලබවන සුළු විරොධතාවයන් පෑම අනුමත කල නොහැකිය. විශාල සිසුන් පිරිසකගේ විනාශකාරී විරෝධතාවයන් මැඩලීමට “යන්න පුතේ ගෙදර ගිහින් පාඩම් කරන්න” කියා ඔළුව අතගා ප්රරකාශ කිරීමෙන් පලක් නැත. ඒ මැඩ පැවැත්වීම උදෙසා ගුටි බැට දෙනවා හැරෙන්නට වෙනත් සුදුසුම ක්රිරයාව කුමක්දැයි අපි නොදනිමු. මේ අතරට ශිෂ්යී සංඝරත්නය මැදිහත් වීම කෙලෙසකවත් අනුමත කල නොහේ. ඒ පිළිබදව වෙනම සාකච්චා කල යුතුව තිබේ.

    ReplyDelete
  70. වැදගත් දෙයක් කියල තියනව

    http://blog.sudaraka.com/2008/10/29/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C/

    ReplyDelete
  71. ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

    World University Ranking

    Makerere University Uganda 1,177
    University of Khartoum Sudan 1,216
    Kwame Nkrumah University Ghana 1,338
    Addis Ababa University Ethiopia 1,367
    University of Nairobi Kenya. 1,367

    University of Colombo 1,447
    University of Peradeniya 1,909
    University of Moratuwa 2,794
    University of Sri Jayewardenepura 3,078
    University of Kelaniya 4,434

    read more

    http://www.hotandfastnews.com/2012/06/blog-post_5058.html

    ReplyDelete
  72. Dr Ruwan M Jayatunge නම භාවිතා කරමින් කොමෙන්ටු පළ කරන මහතා වෙත

    අනුන්ගේ නම් යොදාගනිමින් කොමෙන්ටු පළ කිරීම නුසුදුසු දෙයකි

    ReplyDelete