Saturday, February 14, 2009

පලාත් සභා මැතිවරන ප්රතිඵල නිකුත් කිරීමට මොහොතකට පෙරදීය...

තව මොහොතකින් රූපවාහිනි නාලිකාවනට ‍විවේකයක් නැතිවේවි.ප්රතිඵල ලබාදීම වෙනුවෙන් උනුන් පරයා තරග වැදීමට ජන මාධ්‍යන් කටයුතු කරන අන්දම තව මද වේලාවකින් දැක ගත හැකි වනු ඇති.
චන්දය දිනන්නේ කවුද කියන එක පිලිබද විවිද අදහස් පවතිනවා.බොහෝවිට පවතින ආන්ඩුව දිනනු ඇති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.
ප්රශ්නය තිබෙන්නේ මේ කුමන පක්ෂය දින්නත් අවසන් විග්රහයේදී සමාජය පරාජය වීම.
1999 සිට මධ්‍යම පලාත පාලනය කල පොදු පෙරමුන පලාතට කරන ලද දෙයක් නැහැ.
අනෙත් අතින් බලය ඉල්ලා සිටින එජාපය තමන් බලය ගත් විට කරන්නේ කුමක්ද යන්න පිලිබද ප්රකාශනයක්වත් ඉදිරිපත් කොට නැහැ.
මේ වූ කලී අපූර්ව ආකාරයේ දසුන්.
යටත් පිරිසෙන් තමන් බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න සදහන් කිරීම(ඒවා කිරීම නොකිරීම ගැන ප්රශ්නය පසෙක තැබුවත්) අවම සදාචාරමය ලක්ෂනයක්.දැන් ඒ ලක්ෂනය පවා රටේ දේශපාලනයෙන් තුරන් වෙලා.
ආන්ඩුව යුද්ධය දින්නා යැයි පවසම්න් තමන්ගේ ඥාති සමූහයා පලාත් සබාව ඇතුලට දාගැනීමට කටයුතු කරනවා.ඇමතිවරුන්ගේ පුතාල බාප්පලා මස්සිනාල තොග පිටින් යුද්ධයේ නමට මුවාවෙලා පලාත් සභාමය සුඛ විහරනයන්ට කෙල හලන ආකාරය පිලිකුල් සහගතයි.
එජාපය ආන්ඩුවට එරෙහි වහසි බස් දොඩම්න් චන්දයට එන්න උත්සාහ කරනවා.80 ගනන් වල සිට 90 ගනන් අග දක්වා පලාත් සභා පාලනය කලේ ඔවුන්.ඒ යුගයත් ඔවුන් අලසව කා දැමුවා.කල සේවයක් නැහැ.නැවත බලය ගත්තත් ප්රතිපත්තිමය වැඩසටහනක්වත් නැති ඔවුන් ඒ කාලයත් කුසීතව ගෙවා දමනු ඇති බවට සැකයක් නැහැ.කල දේකුත් නැහැ සහ කරන්න යන දෙයක් පිලිබද සැලැසුමක් හෝ ඉදිරිපත් කොට නැහැ.
පලාතේ සංවර්ධනය පිලිබද දැක්මක් හෝ වැඩපිලිවෙලක් ප්රධාන යැයි පවසන පාර්ශවයන් දෙකටම නැති තත්වයක් තුල අප ඉතින් කුමක් නම් කරන්නද?
මේ විදිහට එකම රොටිය දෙපැත්ත පෙරලමින් අපි රටක් ලෙස වසර හැට එකක් දැන් ගතකොට තිබෙනවා.මේ ක්රියාවලියේ ඇති නිස්සාර සහ වංචනික ස්වභාවය අපි තේරුම් ගන්නේ කවදාද?
"මැතිවරන යනු තමන්ව ගසා කන්නේ කවුද යන්න තීරනය කිරීමට වසර පහකට වරක් සමාජයට ලබාදෙන අවස්ථාව"ය යන ප්රකාශය කෙතරම් වලංගුද යන්න මේ සියල්ල දෙස බලා සිටියදී කල්පනා වෙනවා.

3 comments:

  1. රාමා "මැතිවරන යනු තමන්ව ගසා කන්නේ කවුද යන්න තීරනය කිරීමට වසර පහකට වරක් සමාජයට ලබාදෙන අවස්ථාව"ය යන කතාවනම් සියයට සියයක් ඇත්තයග

    ReplyDelete
  2. ලංකාවෙ මිනිස්සු ඉගෙනගන්න ජාතියක් නෙවෙයි. මිනිස්සුන්ට එහෙම සාමූහික අරමුණු නෑ. ඡන්දෙ දෙන්නෙ ළමයව ඉස්කෝලෙට දාගන්න, රස්සාවක් අරගන්න වගේ ඒවට මිසක් පොදුවෙ රටට වැඩක් වෙන විධියට නෙ‍වෙයි.

    ReplyDelete