Monday, February 9, 2009

පමා වූ ආරම්භක සටහන

රාමචන්ද්ර‍‍ගේ අඩවිය රාමචන්ද්ර තනියම වලං බිදින අම්බලමක් බවට පත් කර ගැනීමට කිසිදු අදහසක් නැහැ.ඒක පාර්ශවිකව කතා කරනවාට වැඩිය මතවාදී විදිහට සංවාද කරන්න රාමචන්ද්ර හැම මොහොතකම කැමතියි.සමාජ දේශපාලන හා කලාව යන අංශ වලට අදාලව මෙහි සටහන් තැබෙන අතර ඒ සම්බන්ද ප්රතිපෝෂනයන් රාමචන්ද්ර හැමවිටම ඉතා සතුටින් පිලි ගන්නවා.එම ප්රතිපෝෂනය කවර වර්ගයේ එකක් වුනත්- එය අභියෝගාත්මක අභිමුඛ වීමක් වුනත් ඒවාට තමන්ගේ අඩවිය තුල ඉඩ වෙන් කරන්නත් ඒ ගැන කතා කරන්නත් රාමචන්ද්ර කැමතියි.
ඒ නිසා දෙබරයට ගල් ගැසීමට එක්කාසු වෙන්න සූදානම් අයට වගේම දෙබරය රකින්න ඕන කියල හිතන අයටත් රාමචන්ද්රගේ අඩවිය විවෘතයි.

1 comment:

  1. ඉතා හදිසි කාරනයකට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි. ඊමේල් ලිපිනය වත් මාලග නැති නිසා මෙතන පනිවිඩය තියන්නෙ anandawardhana at gmail dot com

    මේක පස්සෙ මකා දමන්න.

    ReplyDelete