Sunday, February 8, 2009

මුලතිවි දිනීම - නවත්වන්න ඔල්වරසන්!


ලංකාව වෙ‍්ගයෙන් එක්තරා මංසන්ධියකට පිවිසෙනවා කියන රාවය අප‍ට දස දෙසින් ඇසෙනවා.විශේෂයෙන්ම එල්.ටී.ටි.ඊ හිතවාදීන් පවා එම සංවිධානයේ මිලි‍ටරිමය පරාජය පිලිගෙන අවසානයි.කොටි සංවිධානයේ විනාශයෙන් පසුව කරන්නේ කුමක්ද?යන්න පිලිබද ටැමිල්නෙට් වෙබි අඩවියේ පසුගිය දවසක මත විමසීමක් පවා සිදු කොට තිබුනා.
කොටි සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් දකුනේ සමාජය දක්වන ප්රතිචාරය මූලික වශයෙන් එක හැඩතලයක් සහිතයි.
බොහෝ විට ඉස්මතු වෙලා තියෙන අදහස තමයි මින් මත්තට රටට හොද කලක් යාවිය යන අදහස.යුද්ධයට යෙදවුන මුදල් රටේ සංවර්ධනයට යෙදවේවි සියලු වස් දොස් පහව ගොස් හොද අනාගතයක් නිර්මානය වේවි යන අදහස පාලකයන්ගේ පාර්ශවයෙන් පවා ප්රබල ලෙස මතු කෙරෙමින් තිබෙනවා.
ජාතික ප්රශ්නයට අදාලවත් මතු වී තිබෙන්නේ ‍මේ ආකාරයේ සුබවාදයක්.රාජ්‍යයේ පැවැත්මට උතුරින් එල්ල වූ තර්ජනය අතු ගා දමන ලද තත්වයක් තුල ගැ‍ටලුවක් නැතිව - බරපතල වෙනසකින් තොරව මෙම රාජ්‍යය ඒ විදියටම පවත්වාගෙන යන්න පුලුවන් බවට වන අදහස දැන් තහවුරු වෙමින් තිබෙනවා.
මේ සියල්ල විසින් අපව එක්තරා අන්දමක සුබවාදී උත්කර්ෂයක ගිල්වා දමනු ලැබව තිබුනත් මට හැගෙන විදිහට අවාසනාවකට වගේ මුලතිව් ඇතුලු ප්රදේශ හමුදාව යටතට පත්වීම ඔය වර නැගෙන තරමේ රොමෑන්ටික් හැරවුම් ලක්ෂ්‍යයක් නෙමෙයි.එය එසේ විය හැකි බව සිතා ගැනීමට අවශ්‍ය කරන විෂය මූලික සාධක තවම අපේ රටේ දේශපාලනය තුල දැකගැනීමට නැහැ.
ඒ කියන්නේ මේ ලබාගත් හමුදා ජයග්රහන නොවැදගත් ඒවා වන බවද?
නැහැ.කොටි සංවිධානය යුදමය ලෙස පරාද කිරීම නොවැදගත් සිද්දියක් නෙමේ.එහි ප්රධාන වැදගත්කම් දෙකක් නිරීක්ෂනය කල හැකියි.
1.සමාජය ජාතිකත්ව පදනමින් බෙදී වෙන්වීමේ අවදානම අඩු කරගත හැකි වීම
2.උතුරු හා නැගෙනහිර ජනතාවට දකුන භුක්ති විදින අවම ප්රජාතන්ත්රවාදී අයිතිය හෝ ලබාදීමට ඉඩ ලැබීම
නමුත් මේ වැදගත්කම් අර මුලින් සදහන් කල ආකාරයේ මහා වෙනසක් රට තුල ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන්නට බැහැ.
එය ‍එසේ අපේක්ෂා කල නොහැක්කේ මුලතිව් හමුදා පාලනය යටතට පත් වුනා කියලා ලංකාව තුල තිබෙන රාජ්‍යයේ ස්වභාවයේ කිසිදු වෙනසක් සිදු නොවන නිසා සහ ජාතික ප්රශ්නය ඇතුලු විශාල සංඛ්‍යාවක් සමාජ ගැටලුවල පදනම වන්නේම මේ පවතින රාජ්‍යය හා එම රාජ්‍යය බිහි කිරීමට හේතු වූ දේශපාලන ආර්ථික මොඩලය නිසා.
මේ කියන කාරනය අපි තරමක් විස්තර ඇතිව පැහැදිලි කර ගනිමු.
ලංකාව තුල මේ තිබෙන/1948 සිට පවත්වාගෙන එනු ලබන රාජ්‍යය -ආන්ඩුව නොවේ-කවර වර්ගයේ රාජ්‍යයක්ද?
මෙය ප්රධාන වශයෙන් ධනේශ්වර රාජ්‍යයක්.එනම් ප‍්රභූ රාජ්‍යයක්.මෙම රාජ්‍යය මෙහෙයවීමේ බලය තිබුනේ සහ තියෙන්නේ වරප්රසාද ලත් එලීට් -elite-එකකට.එම වරප්රසාද ලත් පංතියේ උවමනා එපාකම් අනුව තමයි රාජ්‍යයේ මූලික තීරන ගැනෙන්නේ.
අපි වැඩි දුර නොගොස් ඊයේ පෙරේදා උදාහරනයකින්ම මෙය තේරුම් ගන්න උත්සාහ කරමු.ඔබ දන්නවා එක්තරා ගෑස් සමාගමක් තෙල් සංස්ථාවෙන් රුපියල් පන්සියයකට ලබාගන්න ගෑස් සිලින්ඩරය අලෙවි කලේ රුපියල් 1700කට ආසන්න මිලකට.ඔවුන් එක සිලින්ඩරයකින් පමනක් රුපියල් 1200ක පමන ලාබයක් ලැබුවා.මේක බැලූ බැල්මට කලු කඩ පන්නයේ අසාධාරන ගසා කෑමක් බව ඕනෙම කෙනෙක්ට වැටහෙනවා.නමුත් ඒ බව දැන දැනම රජය තෙල් සංස්ථාව හරහා ඒ ගනුදෙනුව ඒ විදිහටම කරගෙන යනවා.දැන් අපි අනෙත් අතට දන්නවා ර‍ටේ පොදු ජනතාවට ජීවත් වීම පිලිබද බරපතල ප්රශ්නයක් තිබෙනවා.ඔවුන් වෙනුවෙන් අඩු මිලට ගෑස් ලැබෙනවා නම් එය ඔවුන්ට විශාල සහනයක්.මෙතන ප්රතිරෝධයක් මතුවෙනවා.ජනතාවගේ ජීවිතය යහපත් කරන්න නම් අඩු මිලට ගෑස් දෙන්න ඕනෙ.නමුත් අඩු මිලට ගෑස් දුන්නොත් අර ගෑස් සමා‍ගමේ අධි ලාබය කැපකරන්න වෙනවා.මොකද අධි ලාබ ගන්න අතරේම ගෑස් මිල අඩු කල නොහැකි නිසා.මෙතනදී පාලකයන්-රජය-ඉන්නෙ කාගෙ පැත්තෙද?මේ තමයි තීරනාත්මක ප්රශ්නය.තව ටිකක් හොයල බලද්දී අපිට පෙනෙන්න ගන්නවා ජනාධිපතිතුමා පසුගිය දිනෙක තුර්කියේ සංචාරයක යෙදුනා.ඒ සංචාරයට සහභාගි වුන පිරිසේ නම් ලැයිස්තුව බලද්දි හමුවෙනවා අර ගෑස් සමාගමේ අධිපතිතුමාගේ නම.
කලු කඩ පන්නයේ ගසා කෑමක් කරද්දිත් ආන්ඩුව ඊට ඉඩදීල බලාගෙන ඉදීමේ රහස දැන් තේරුම් ගැනීම අපහසු නැහැ නේද?
අපිට මතුපිටට පෙනෙන්න තියෙන්නෙ අපි චන්ද පොලට ගිහින් චන්දෙ දෙනවා අපේ නියෝජිතයො ගිහින් අපි‍ වෙනුවෙන් තීරන ගන්නවා කියල.දේශපාලකයා කියන්නෙ සර්ව බලධාරී කෙනෙක් පාර්ලිමේන්තුව කියන්නෙ සර්ව බලධාරී ආයතනයක් කියල තමයි අපිට කුඩා දවස් වල ඉදල උගන්නල තියෙන්නෙ.නමුත් ඇත්ත තමයි ඔය මහජන නියෝජිත ආයතන වල ඉන්න දේශපාලකයන් යනු ස්වාධීන පැවැත්මක් නැති රූකඩ පිරිසක්ය යන්න.ඔවුන්ට ඡන්දය කරන්න සල්ලි අවශ්‍යයයි.ඒ ඡන්දෙට අනුග්රහය දෙන පිරිස් ඉන්නවා.ඉතින් අදාල දේශපාලකයන් බලයට ආවම අර පිරිස් වලට කෘතගුන සැලකීම‍ට බැදී සිටිනවා.පසුගිය දා ගිනි තැබීමට ලක්වුන එක්තරා මාධ්‍ය ආයතනයක් එක්තරා පක්ෂයකට පසුගිය ජනාධිපතිවරන සමයේදී අමුඩය පවා උනාගෙන කඩේ ගියෙ හුදු ආතල් එකටද?විනෝදයක් ගන්නද?
එම නිසා දේශපාලනය සහ අර වරප්රසාදිත එලීට් එක අතර කොන්දේසි විරහිත එකගතාවයක් තියෙනවා.මේවා මතුපිටට පෙනෙන්නෙ නැහැ.තිරය පිටුපසයි මේ යාන්ත්රනය පවතින්නෙ.නමුත් ඇත්ත වශයෙන්ම බලය පවතින්නෙ චන්දය දෙන පුරවැසියා අතේ නෙමෙයි තිරය පිටුපස තිබෙන අර යාන්ත්රනය සතුව.
රටේ මිනිසුන්ගෙ මූලික ප්රශ්න අනනත් තියෙනවා.මහනුවර අවට ප්රදේශ වල ග්රාමීය රෝහල්වල තත්වය අන්තිම නොදියුනුයි.ඉතා කුඩා අසනීපයට වුව නුවර රෝහලට දිවගෙන එන්න සිදු වෙන තත්වයක් තියෙන්නෙ.එසේ තිබියදීත් රටට අවශ්‍ය නැති මිහින් එයාර් එකක් වෙනුවෙන් මිලියන ගනනක් වෙන් කෙරෙන්නේ කාගේ මන දොල සපුරන්නද?
මේව හුදෙක් පාලකයන්ගේ මෝඩකම් නම් නෙමෙයි.එයාල මෙව්ව නොතේරෙන චූටි බබාලත් නෙමෙයි.මේ තමයි මේ වර්ගයේ පාලනයන්ගේ ස්වභාවය.
ඇත්ත වශයෙන්ම ආර්ථික අධිකාරිය තියෙන්නෙ වරප්රසාදිත ධනේශ්වර ස්ථරයකට.දේශපාලනය යනු ඔවු‍න්ගේ අත නැටවෙන රූකඩයක්.දේශපාලකයන් යනු ඔවුන් සමග එක්වී කටයුතු කරන කොන්දේසි විරහිත සම්මුතියකින් බැදුනු පිරිසක්.බලයට පත්වෙන කවර වර්ගයේ ආන්ඩුවක් උනත් මේ කොන්දේසි විරහිත සම්මුතියට නියත වශයෙන්ම ඇතුලු වෙනවා.
එසේ ඇතුලු නොවුනොත් මොකද වෙන්නෙ?බලයට ආවම පස්සෙ තමන්ට ඉනිමග තැබූ එලීට් එකට පිටුපා කටයුතු කරන්න ආන්ඩු වලට නොහැකිද?
පලමු කරුන එ‍සේ කරන්නට පෙලඹෙන දේශපාලන නායකයන් ඉතා අඩුයි.නමුත් කලාතුරකින් හෝ එසේ හිතුවක්කාරී උනොත් ඊලග මැතිවරනයේදී අදාල දේශපාලකයාට වියදම් දරන්න අරමුදල් නැතිවෙනවා පමනක් නෙවෙයි අවශ්‍ය නම් නියමිත කාලයට පෙර අදාල ආන්ඩුව පෙරලා දමන්න හෝ තමන්ට අවශ්‍ය විදියට සංයුතිය වෙනස් කර ගන්න අර කියූ ධනේශ්වරයට හැකියාව තිබෙනවා.මෙය පැවසූ සැනින් තේරුම් ගැනීම තරමක් අමාරු වෙයි.මේ මොනවද මේ කියන්නෙ කියල සිතෙයි.මොකද අපිව හිතන්න පුරුදු කරවල තියෙන්නෙ ඒ විදිහට නොවන නිසා.නමුත් උදාහරන කීපයක් ගත්තොත් මේ කියන දේ තුල තිබෙන යථාර්තය තේරුම් ගැනීම අපහසු නැහැ.
2000 බිහිවුන පොදු පෙරමුනු ආන්ඩුව 2001 ඔක්තොම්බර් වන විට කඩා වැටුන අන්දම මතක් කර ගන්න.ඔබට මතක නම් 2001 අග වන විට අකමැත්තෙන් උනත් දේශපාලන අස්ථාවරත්වය නිසා පරිවාස ආන්ඩුව නමැති වැඩපිලිවෙලකට යන්න එවකට තිබූ ආන්ඩුවට සිදු වුනා.එතෙනදී අර ආර්ථික රදලයන්ගේ පාලනයට පිටින් ඉන්න විපාක්ෂික පිරිසකගේ ග්රහනයට ආන්ඩුව හසුවුනා.ඒ සමගම ආවා රජයේ බැංකු වලට නය නොගෙවා සිටි මහා පරිමාන ව්‍යාපාරික කොටස්වල නය ආපසු අය කර ගත යුතු බවට වන යෝජනාවක්.මේ යෝජනාව පැහැදිලිවම අර ප්රභූ පංතියේ උවමනා හා පැවැත්මට එරෙහිව යන්නක්.අවසානයේදී සිදු වූයේ කුමක්ද?රට ගැන තියෙන "ආදරය" නිසා පොදු පෙරමුනේ මහ ලේකම් ඇතුලු පිරිසක් විපක්ෂයේ වාඩි වුනා.අදාල පිරිස විපක්ෂයට පිල් මාරු කල දවසේ පාර්ලිමේන්තු ගැලරියේ උන් පිරිස සතුට පල කලා.ඒ සතුට පල කල පිරිස කවුද යන්න සොයා බැලුවොත් ආන්ඩුව කඩා වැටීමේ කතන්දරයේ ඇත්ත තේරුම් ගැනීම අපහසු නැහැ.1994 සිට චන්ද්රිකා මහත්මිය තුල නොදැකපු අඩුපාඩු එක්වරම 2001දී මහින්ද විජේසේකර වර්ගයේ ඇමතිවරුන්ට තේරුම් යාමේදී එම තේරුම් කරදීම වෙනුවෙන් කෙතරම් මුදල් ප්රමානයක් ගනුදෙනු උනාද යන්න සෙවීම ඉතිහාසඥයන්ට හොද ගවේෂන මාතෘකාවක්.අබාගේ අප්පචිචි කවුද සොයනවාට වඩා අඩුම තරමින් එම ගවේෂනය සමාජයට වැඩදායක දැනුමක් හෝ නිර්මානය කරනු ඇති.
මේ පිලිබද සිතා බැලීමට කැමති අය වෙනුවෙන් තවත් එවැනි ලාංකීය සිදුවීම් කිහිපයක් සදහන් කල හැකියි
-1958 කුඹුරු පනත ඉදිරිපත් කල පිලිප් ගුනවර්ධන මහතාගේ පක්ෂය ම.එ.පෙ ආන්ඩුවෙන් ඉවතට ඇද දැමීමේ සිදුවීම
-1964 පුවත් පත් පනත නිසා එවකට රජය බිද වැටීමේ සිද්දිය
-1975 සමසමාජ පක්ෂයේ මුදල් ඇමති ප්රමුඛ පිරිස ආන්ඩුවෙන් ඉවතට දැමීම

කොහොම උනත් අන්තිම විග්රහයේදී 1948 සිට මේ මොහොත දක්වා පවත්වාගෙන එනු ලැබූ රාජ්‍යය ධනේශ්වර රාජ්‍යයක්ය යන්න පැහැදිලියි.එම රාජ්‍යය සේවය කරන්නේ සහ සේවය කලේ එක්තරා පංතියකට.සෙසු සමාජ ස්තරයන් හැම වෙලාවෙම හිටියෙ ප්රමුඛතා ලැයිස්තුවේ පහල තැන්වල.ගැම් දුප්පත්කම 1948 ඉදල අවුරුදු 60ක් ගතවෙලත් තවම දරුනු විදිහට පවතින්නේ ඒ නිසා.ධනය බෙදී යාමේ විෂමතාවය කවදාවත්ම අඩු නොවුනෙ හා අඩු නොවෙන්නෙ ඒ නිසා.ලෝකයේ මොන වෛද්‍ය විද්‍යාත්මක හාස්කම් සිදු වුනත් කම්බිඅඩියේ වයස්ගත ස්ත්රියට බේත් ගන්න පාන්දර 3ට ඇහැරිලා සීතලේ ගැහි ගැහී නුවර රෝහලට ඇවිත් (ඒ එන්න හරියට බසුත් නැහැ)පෝලිමේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ ඒ නිසා.ඔවුන් එහෙම සීතලේ ගැහෙද්දී මිහින් එයාර්හි සභාපතිට ලක්ෂ හතරකට ආසන්න මාසික වැටුපක් ලැබෙන්නෙ ඒ නිසා.රොසලින්ට සීලවතීට මේ යාන්ත්රනය තුල බලය නැහැ.කේවල් කිරීමේ හැකියාව නැහැ.ආන්ඩු එය කොල පාට උනත් නිල් පාට උනත් ලාංඡනේ අලියා උනත් පුටුව උනත් මකරා උනත් ප්රමුඛතාවය දෙන්නෙ අර ධනපති කොටස්වලට සහ අරගනු ලබන්නෙ එම ධනපති කොටස්වල පාර්ශවය.
ඉතින් වඩා ගැඹුරු විග්රහයකට ගියොත් උතුරු නැගෙනහිර ගැටලුවෙ ඇත්ත හේතුව තිබෙන්නෙත් මෙම ධනේශ්වර ක්රමයේ හා රාජ්‍යයේ විෂමතාවය තුල.
දකුනේ සීලවතීට නැතිවුන බෙහෙත් ටික උතුරේදී රාසම්මාට නැතිවුනා.දකුනේ පාසල් දරුවන්ට නොලැබුන පහසුකම් කිලිනොචිචියේ දෙමල දරුවන්ට අහිමි උනා.ජාතික ධනය අගනගරය තුල පැටවු ගසමින් සිරවෙද්දි හම්බන්තොටට මඩකලපුවට කොකාවිල්වලට ලැබුන දෙයක් නැහැ.
උතුර් තරුනයා මෙම ගැටලුව තේරුම් ගත්තේ එහි පුලුල් තේරුමෙන් එනම් මෙය ධනේශ්වර ක්රමයේ නෛසර්ගික ගැටලුවක් ලෙස නොවෙයි.සිංහල මිනිසුන් විසින් තමන්ට ලැබිය යුතු රැකියා ලබා නොදෙන වගයි ඔවුන් සිතුවෙ.සිංහල පොදු මිනිසාටත් මේ සිස්ටම් එක ඇතුලෙ රස්සා නැති වග ඔවුන් තේරුම් ගත්තෙ නැහැ.මේ නිසා උතුරේදී අන්තවාදී ලෙස පුපුරා යන්නෙ ධනේශ්වර රාජ්‍යයේ විෂමතාවයට එරෙහිව එම ජන කොටස්වල අතාර්කික ප්රතිරෝදය.එම ප්රතිරෝදය අතාර්කිකයි.දාර්ශනිකව අදේශපාලනිකයි.ධනේශ්වර රාජ්‍යයේ පීඩනයට එරෙහිව ඔවුන් සුලු ජාතික වර්ගවාදයේ ගොහොරුව තුල එරුනා.මේ ගැන අවශ්‍ය නම් පසුව සාකච්ඡා කල හැකියි.
කෙසේ උනත් තේරුම් ගත යුතු දේ නම් උතුරේ ත්රස්තවාදයක් බිහි වුනේ නිකම්ම නොවන බව.එය ධනේශ්වර රාජ්‍යය නිසා උද්ගත වූ නොවැලැක්විය හැකි තත්වයක්.දැන් හමුදාව මුලතිව් මුදාගත් පසු ප්ශ්නයේ හේතුව වුන ධනේශ්වර රාමුව හා රාජ්‍යය වෙනස් වෙනවාද?කම්බිඅඩියේ රොසලින්ට අදටත් නොලැබෙන බෙහෙත් ටික උතුරේ රාසම්මාට දැන් ලැබෙන්න පටන් ගනීවිද?මුල්ගම්පොල නිශ්ශංකටවත් රැකියාවක් ලබා දෙන්න නොහැකි මේ සිස්ටම් එක උතුරේ අලුතෙන් එකතු වෙන විරැකියා පෝලිමේ ප්රශනය විසදන්නෙ කොහොමද?
දැන් සමහරවිට තර්ක කල හැකියි මෙතුවක් කල් නිශ්ශංකලාට රස්සා දෙන්න බැරි වුනේ රොසලින්ට බෙහෙත් නොලැබුනේ ආන්ඩුව යුද්දෙට වියදම් කල නිසා දැන් යුද්දෙ ඉවර නිසා ඒවා ඉටු කල හැකි වග.මේ මොහොතේදි පාලකයන් කියමින් සිටින්නෙත් එවන් කතාවක්.මෙතෙක් කල් සමාජයේ උවමනාවන් ප්රශස්ත ලෙස සපුරාලීමට නොහැකි වුනේ යුද වියදම නිසාද?
එම තර්කය පිලිගන්නවා නම් යුද වියදම් නොතිබූ කාලවල්වල උක්ත ප්රශ්න අවම මට්ටමක තිබුනා හෝ කොහෙත්ම නොතිබුනා විය යුතුයි.
1948 සිට 1980 අග භාගය දක්වාම රජයේ යුද වියදමක් තිබුනා නම් තිබුනේ ඉතාම සුලු ප්රතිශතයක්.දැන් යුද වියදමක් නොතිබුනත් ඒ කාලයේ විරැකියාව හෝ ගැමි දුගීබව පැවතුනේ නැද්ද?ඒවා පැවතුනා පමනක් නොවේ එම ප්ර්ශ්න එවකටත් තිබුනේ අතිශය උග්ර තත්වයක.යුද්දය නිසා විෂමතා හට ගත්තාය යන්න අසත්‍යයක්.
ධනවාදී රාජ්‍යයක නෛසර්ගික ස්වරූපය තමයි විෂමතාවය.එම විෂමතාවය විසින් යුද්දයක් ඇති කලා.යුද්ධය නතර කර ගත්තත් මුල් හේතුව වුන ධනවාදී රාජ්‍යය එලෙසින්ම තිබෙනවා.එම රාජ්‍යය පවතින තාක් විෂමතාවයත් එලෙසින්ම පවතිනවා.සමාජ අසමානතාව හා අසාධාරනය පවතින තුරු නැවත නැවතත් සමාජ ප්රචන්ඩත්වය පුපුරා යාම වලක්වන්නට බැහැ.මුලතිව් දිනීමේ වැදගත්කමක් තිබුනත් එය බොහෝ දෙනා පරිකල්පනය කරන ආකාරයේ රොමෑන්ටික් හැරවුමක් නොවන වග ආරම්භයේදී මා පැවසුවේ ඒ නිසා.

දැන් මෙහි ඊලග අර්ධයට පිවිසෙමු.කලින් පැවැසූ අන්දමට මේ මොහොතේ පවතින රාජ්‍යය මූලික වශයෙන් ධනේශ්වර එකක්.ද්වීතික වශයෙන් එය සිංහල අධිපතිවාදී එකක්.එනම් රාජ්‍යයේ ස්වභාවය තුල සිංහල අධිපතිවාදය ගැබ්වෙලා තියෙනවා.
රාජ්‍යය සම්පූර්නයෙන්ම එනම් සියයට සියයක් සිංහල අධිපතිවාදීය යන්න මෙතැනින් අදහස් වන්නෙ නැහැ.මා තර්ක කරන විදිහට රාජ්‍යයේ සිංහල බව එහි ද්විතීක ලක්ෂනයක් මිස මූලික ලක්ෂනය නොවෙයි.මන්ද මෙය පූර්න වශයෙන් සිංහල ජාතිවාදී එකක් නම් කදිරගාමර් මහතා වැනි විදේශ අමාත්‍යවරුන් හෝ ආනන්ද රාජා වැනි පොලිස්පතිවරුන් බිහි වීම වෛෂයික වශයෙන් සිදු විය නොහැකි නිසා.හිට්ලර්ගේ පොලිස්පති/විදේශ ඇමති යුදෙව්වෙක් වීම හෝ බෝතාගේ පොලිස්පති නීග්රෝවෙක් වීම ගැන මදක් සිතා බලන්න.එවැන්නක් කවදාවත් සිදු විය නොහැකියි.මේ අනුව පරිසමාප්ත වර්ගවාදී රාජ්‍යයක ස්වරූපය ලංකාවේ රාජ්‍යය තුල තිබෙන වග නිගමනය කිරීම වැරදියි.
නමුත් රාජ්‍යයේ ස්වභාවය තුල සිංහල අධිපතිවාදය බරපතල ලෙස පවතී යන්න ඉන් කිසිසේත් බැහැර නොවේ.
1949 ජාතියේ පියා විසින් දෙමල වතු කම්කරුවන්ගේ චන්ද අයිතිය අහෝසි කිරීමේ සිටම මෙම සිංහල අධිපතිවාදය දිගින් දිගටම දකන්නට තිබුනා.රට තුල බෙදුම්වාදී දේශපාලනය බරපතල ලෙස ව්‍යාප්ත වීමට පරිසරය සකස් කිරීමට මේ අධිපතිවාදී ස්වභාවය පැහැදිලිවම හේතු වුනා.බෙදුම්වාදය හුදෙක් චෙල්වනායගම්ගේ හෝ ප්රභාකරන්ගේ සිතුවිල්ලක් නෙමෙයි.ද්රව්‍යමය පදනමකින් තොරව සිතුවිලි බලවේග බවට පත්වන්නේ නැහැ.බෙදුම්වාදය පිලිබද අදහස බරපතල බලවේගයක මට්ටමට වර්ධනය වුනේ කොහොමද?මීට කලින් සදහන් කල රාජ්‍යයේ ධනපති ස්වරූපය වාගේම රාජ්‍යය තුල වූ ජාතිවාදී ලක්ෂනයන් මීට සාධක සපයනු ලැබුවා.
දෙමල අයට දෙමල වීම නිසාම ඇති වෙලා තියෙන ප්රශ්න මොනවාද කියන එක දකුනේ සිංහල ජාතිකවාදී කතිකාව ඇතුලෙ තියෙන ජනප්රිය ප්රශ්නයක්.මීට සිත් ගන්නා සුලු පිලිතුරක් නිර්මාල් රංජිත් දේවසිරි මහතා වරෙක ලබා දී තිබුනා.ඒ පිලිතුර සමග එතුමා එල‍‍ඹෙන නිගමනය සමග ප්රතිවිරෝධයක් තිබුනත් එය ඉතා තාර්කික හා වලංගු පිලිතුරක් බවයි මගේ අදහස.ඔහු කියා තිබුනේ දෙමල ජනයාට දෙමල වීම නිසාම ඇති ගැටලුව නම් ඔවුන්ගේම කියා රාජ්‍යයක් නොමැතිකම යනුවෙනුයි.
අවාසනාවකට වගේ මෙය තමයි සත්‍යය.රාජ්‍යය තුල තිබුන ජාතිවාදී ලක්ෂන නිසා ලංකාවේ රාජ්‍යය තමන්ගේ රාජ්‍යය තමන්ගේ රාජ්‍යයක් ලෙස දෙමල මිනිසුන්ට දැනුනේ නැහැ.එහි රාජ්‍ය භාෂාව කලේ සිංහල භාෂාව.හමුදාව ඇතුලෙ තිබුනෙ සිංහල හැඩයක්.83 කෝලාහාලවලදී ජාතිවාදී මැරයන් දෙමල මිනිසුන් මරාදමද්දී හා දෙමල ගැහැනුන් දූෂනය කරද්දී හමුදාවේ සොල්දාදුවන් ඔල්වරසන් නැගුව බවට වන සදහන දෙමල අයගේ ගැටලුව ගැන අසන අයට සමහරවිට දිරවා ගැනීම අසීරු විය හැකි වුනත් ඒ තමයි සත්‍යය.එම හමුදාව තමන්ගෙ එකක් ලෙස ඔවුන්ට හැගුනෙ නැහැ.ඇත්තටම රාජ්‍යය හෝ හමුදාව ඔවුන්ගේ එකක් උනේ නැහැ.මේ කතා කරන මොහොත වෙන කොටත් අඩුම තරමින් ලංකාවෙ හමුදාවෙ දෙමලෙන් අන දෙන එක ප්ලැටූනයක්වත් නැහැ.
මේ තත්වය ජාතික ගීයේ සහ ජාතික කොඩියේ පවා තිබෙනවා.අපේ රාජ්‍යයේ ජාතික ධජයම වාර්ගික අසමානතාවයේ සංකේතයක්.ධජයේ හතරෙන් තුනක විශාල සිංහයෙක් අසිපතක් අරගෙන සිටිද්දී දෙමල ජනතාව වෙනුවෙන් කියල අටෙන් පංගුවක පමන කුඩා තීරුවක් වෙන් කරල තියෙනවා.මෙවැන්නක් තමන්ගේ ධජය ලෙස දෙමල මිනිසුන් බාර ගනීවිද?ඔබ දමිලයෙක් නම් ඔබ පරම්පරා ගනනක් ජීවත් වූ රටෙන් ඔබව කොන් කරන විට ඔබේ භාෂා අයිතිය කප්පාදු කරන විට ඔබට විශ්ව විද්‍යාලයට යාමට තිබෙන අයිතිය පවා වාර්ගික පදනම් මත සීමා කරන විට ඔබ‍ට විරුද්දව මැරයන් ප්රහාර එල්ල කරන විට සහ නීතිය රකින්නන් එහිදී ඔබට විරුද්ධව මැරයන්ගේ පාර්ශවය ගන්නා විට ඔබට දැනෙන හැගීම කුමක් වනු ඇත්ද?
මේ ප්රශ්නය අඩු වැඩි වශයෙන් තවම පවතිනවා.මුලතිව් මුදා ගත්තා කියල එහි වෙනසක් වෙලා නැහැ.
කැනඩාවට ගිය හමුදාපතිතුමා ලංකාව යනු සිංහලයන්ගේ රට බව පුවත්පතකට පැවසූ බව වාර්තා වී තිබුනා.ලංකාව සිංහලයන්ගේ පමනක් රට නම් මේ රටේ උපදින ජීවත්වෙන හා මියයන දෙමල හා මුස්ලිම් උදවියටත් ඔවු‍න්ගේම වෙන වෙනම රටවල් මේ භූමිය තුල තිබීම සාධාරනයැයි සිතීම ස්වභාවිකයි නේද?රජයේ රූපවාහිනයේ අපේ ගම නමැති වැඩසටහනට පසුගිය දවසක සහභාගි වුන එක්තරා මහාචාර්යවරයෙක් -ඔහු මේ ආන්ඩුවේ ප්රබල මතවාදීමය ආධාරකරුවෙක්-දෙමල මිනිසුන් කියන්නෙ ලන්දේසින් විසින් අවුරුදු 300 ට පෙර ලන්දේසීන් විසින් මෙරටට ගෙන්වන ලද කුලීකාරයන්ගෙන් පැවතගෙන එන්නවුන් බව ප්රසිද්ධියේ පවසනු ලැබුවා.කරුනක් ලෙස මෙහි වලංගුතාවය බරපතල ලෙස ප්රශ්න කල හැකිවුවත් එවැනි ප්රකාශයක ඇති වාර්ගික වෛරය හා පහත් කොට සැලකීම විසින් දෙමල මිනිසාට දෙන පනිවිඩය කුමක්ද?මෙවැනි විකෘති මනසකින් යුත් ප්රකාශ නිකුත් කරන රූපවාහිනී සේවයක්‍ මෙහෙයවන රජයක් තමන්ගේ රජයක් ලෙස දෙමල මිනිසා පිලිගනු ඇත්ද?
ඔබ දමිලයෙකු නම් ඔබ එසේ පිලිගන්නවාද?
ප්රශ්නය තිබෙන්නේ මෙතැන.මේ පවතින රාජ්‍ය ව්‍යුහය පදනමින්ම මර්ධනකාරීයි.පදනමින්ම විෂමයි.ත්රස්තවාදය මිලිටරිමය ලෙස පරාද කොට තිබෙනවා.නමුත් මෙය ප්රශ්නයේ කෙලවර ජැක්සන් ඇන්තනී මහතා නිදහස් දවසේ තිබුන සංගීත සාජ්ජයකදි උජාරුවෙන් පැවසූ ආකාරයට-"සාමය උදාවීම"-ලෙස තේරුම් ගන්නවා නම් එය බරපතල වරද්දා ගැනීමක්.
1980 තිස්ස වීරතුංග යාපනයට පිටත් කල එවකට ජනාධිපතිතුමා ත්රස්තවාදය මර්ධනය කිරීම ඔහුට පැවරුවා.ඇත්තෙන්ම එක්තරා ආකාරයකට දෙමල මිලිටරි කන්ඩායම් අඩපන කරන්න ඔහුට හැකියාවත් ලැබුනා.නමුත් රාජ්‍යයේ ව්‍යුහය වෙනස් වුනේ නැහැ.ධනවාදී රාමුව ඇතුලෙ කොහොමත් කොන් කිරීමට ලක්වෙලා සිටි සිටි උතුරේ පීඩිතයා රාජ්‍යයේ සිංහල අධිකාරවාදයේ බලපෑම නිසා තවත් ආන්තිකකරනයට ලක්වුනා.එහි නියත ප්රතිඵලය වුනේ නැවත වටයකින් ප්රචන්ඩ දේශපාලනය මහා පරිමානයෙන් කරලියට ඒම.

ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ රතිඤ්ඤා පත්තු කරන්න වෙලාවක් නෙමෙයි.මේ මුලතිව් අල්ලා ගැනීම වෙනුවෙන් ආතල් එකට බෝතලයක් වටේ සෙට්වෙන්න වෙලාව නෙමෙයි.මුලතිව් මුදා ගත්තට ඔබේ මගේ හෝ සහෝදර දෙමල මිනිසාගේ හෝ ප්රශ්න විසදෙන්නෙ නැහැ.රොසලින්ට බේත් ටික ලැබෙන්නෙ නැහැ.රාසම්මාගේ පුතාට රස්සාවක් ලැබෙන්නෙ නැහැ.ඔබේ පාරට බස් එකක් ලැබෙන්නේ නැහැ.ගෑස් මුදලාලිලා ඔබව සහ අපව සූරාගෙන කෑම නතර වෙන්නෙත් නැහැ.සූරාකෑමේ සහ පීඩනයේ විෂම යන්ත්රය ඒ විදියටම වැඩ කරනවා.
එසේනම් මතුවෙන ප්රශ්නය තමයි ඇත්ත උත්තරය තිබෙන්නේ කොතැනද?
ඇත්ත උත්තරය ගන්න නම් මේ රාජ්‍ය ව්‍යුහය කඩල දමන්න.ධනේශ්වර සිංහල රාජ්‍යය වෙනුවට බහු වාර්ගික මහජන රාජ්‍යයක් ආදේශ වන තුරු -විකල්ප සමාජ ආකෘතියකට අපි මාරු ව‍න තුරු මෙම විෂම චක්රය නැවත නැවතත් දහස් ගනන් ජීවිත බිල්ලට ගැනීම වලක්වන්නට බැහැ.

6 comments:

  1. බොහොම දීර්ඝ සටහනක්. ඔබතුමාගේ නම අනුව ඔබ දෙමළ ජාතිකයෙකුයැයි සිතමි. ඔබගේ සමහර කරුණු සත්‍ය බවද පිලිගනිමි. නමුත් මෙහිදී මට එකඟ නොවිය හැකි කරුනුද තිබේ. 83 දී සිදුවු ද්‍රවිඩ සංහාරය ගැන සිංහලයෙකු වශයෙන් මම කනගාටුවෙමි.ලැජ්ජාවෙමි.
    නමුත් එකී අසාධාරනයට විරුද්ධව LTTEයද ගමන් කරන්නේ ධනේශ්වර ආන්ඩුව ගමන්කරන මාර්ගයේම නොවේද? රාසම්මාගේ පුතා නොකා නොබී සටන් කරද්දී LTTE නායකයන් ගතකල සුඛෝපභෝගී ජීවිත දැන් හෙලිදරවු වෙමින් පවතී. එවන් පිරිසකගෙන් ඔබවන් දෙමල ජනයා බලාපොරොත්තුවන සමානාත්මතාවය ලැබෙයිද?
    අනෙක් අතට මේ රටේ ලිඛිත ඉතිහාසය අනුවත් මෙහි මූලික වශයෙන් සහ බහුලවත් ඉඳල තියෙන්නෙ සිංහල ජාතිකයො. ජාතික කොඩියෙ අරමුණ මම දන්න විදිහට රටේ ඉන්න ජනඅනුපාතය පෙන්වීම මිසක් සිංහලයා අලිය කරල පෙන්වීම නෙමෙයි. ජාතික කොඩිය, ජාතික ගීය කියන්නෙ රටක අනන්‍යතාවය. ඒක ඒ ඒ අවස්ථාව අනුව වෙනස් කලයුතුයැයි කීම බොලඳ ඉල්ලීමක්.
    අතීතයේ සිදුවු වැරදි නිසා දෙමළ ජාතිකයන්ට බහුතරයක් සිංහලයන්ගෙන් සමන්විත ආංඩු ගැන සැක කිරීම ස්වභාවිකයි. නමුත් මේ වනවිට තත්වය වෙනස්වී ඇති බව ඔබට නොපෙනෙන්නේයැයි නොසිතමි.මෙතරම් කැපකිරීම් කර මර්ධනය කල ත්‍රස්තවාදයට යලි හිස එසවීමට සුදුසු වාතාවරනයක් නැවත ඇතිවීමට වත්මන් රජය ඉඩ නොතබනු ඇත. එහි අර්ථය දෙමල ජනතාවට නැවත අංකොං පෑම් සිදු නොවන බවයි.

    මදක් ඉවසා බලා සිටින්න.

    ReplyDelete
  2. හිතවත් නිලන්ත
    1.කොටි සංවිධානය පිලිබද ඔබේ නිරීක්ෂනය සමග එකගයි.ඔවුනුත් ධනේශ්වර කන්ඩායමක් පමනක් වන අතර ඔවුන් මේ ප්රශ්නයට විසදුමක් නෙමෙයි
    2.අපි කරගන්න වරදක් නම් දෙමල ජනයාගේ මානසිකත්වය ගැන ප්රමානවත් අවධානයක් අපේ සාකච්ඡාවන් තුල යොමු නොකිරීම.ජාතික කොඩිය සම්බන්ද ගැටලුව මා මතු කලේ ඒ නිසා.ඔබ එම ජනයාගේ අදහස් විමසා බැලුවහොත් ජාතික ධජය වැනි දෙයක් ගැන ඔවුන් තුල එකගතාවක් නැති බව ඔබට වැටහේවි.ඉතිහාසයේදිත් ඒවා ඔවුන් මත බලෙන් පටවන ලද දේවල්.මම කියන්නෙ අපි බහුවාර්ගික රාජ්‍යයක් කරා නම් යන්නෙ සියලු ජනයාගේ අභිලාෂයන් ගැන අපි සාධාරණ වෙන්න ඕන.දකුනු අප්රිකාව වගේ රටක් තමන්ගේ ප්රශ්නය නිරාකරනය කරගද්දි ජාතික ධජය වගේ දේ ගැන පවා සංවේදී වුන අන්දම අධ්‍යනය කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටින්න කැමතියි.ජාතික කොඩියෙ අරමුන ජන අනුපාතය පෙන්වීමද?සාපේක්ෂ සාර්තකත්වයක් ලබා සිටින වෙනත් බහුවාර්ගික රාජ්‍යයන්හි සංකේත නිරීක්ෂනය කලහොත් ජන අනුපාතය පෙන්වීම වැනි සරල අරමුනකට එහා ගිය ජාතියේ එක්සත්බව නිරූපනය වගේ පුලුල් අරමුනක් ඔවුන්ගේ ධජයන් තුල දැකගත හැකියි
    3.වත්මන් රජය මේ ප්රශ්නය සම්බන්දයෙන් සාර්ථක වනු ඇතැයි ඔබ කියනවා.එහිදී මට ඔබතුමන්ගේම වදන් ප්රතිරාවය කරන්න අවසර දෙන්න."මදක් ඉවසා බලා සිටිමු".
    වත්මන් රජයත් 1948 සිට පැවත ආ අනෙත් ආන්ඩු වගේම ධනේශ්වර ආන්ඩුවක්.මෙ සිස්ටම් එක තුල දකුනේ සිංහල මිනිසුන්ගේ ප්රශ්න වලට විසදුම් නැහැ වගේම උතුරේ දමිලයාගේ ප්රශ්න වලටත් උත්තර නැහැ.එය ඔප්පු වීම කාලයා පිලිබද ප්රශ්නයක් විතරයි.ප්රශ්න අනන්ත තියෙද්දි මිහින් එයාර් වෙනුවෙන් දෙවරක්ම කෝටි ගනන් වෙන් කිරිමම මේ ආන්ඩුවල ස්වභාවය ගැන හොද සාක්ෂියක් වෙනවා.මෙබදු ආන්ඩුවලට මිනිසුන්ගේ ඇත්ත ප්රශ්න වලට ආමන්ත්රනය කරන්න පුලුවන් කියල ඔබ හිතෙනවද?ඒකයි මම කිව්වෙ මැඩ පැවැත්වූ ත්රස්තවාදය නැවත හිස නොඔසවන්න නම් ධනේශ්වර නොවන ජනතාවාදී රාජ්‍ය හා දේශපාලන ආකෘතියකට අපට මාරු වෙන්න සිදු වන බව.එය සිදු නොවුනහොත් නැවත පරන චක්රයම කැරකේව්
    4.ඔබේ ප්රතිචාරයට ස්තුතියි.ඔබගේ දැනගැනීම උදෙසා කියන්නේ නම් මා ලාංකික සිංහලයෙකි.ලාංකික දමිල ජාතිකයෙකු නොවේ.මේ ප්රශ්නයේදී සිංහලවාදී හෝ දෙමලවාදී වීමට වඩා ලාංකිකවාදී වීම වඩා වැදගත් බවයි මගේ අදහස

    ReplyDelete
  3. ජාතිකත්වය වරදවා වටහාගැනීම ගැන සමාවන්න.ඔබවිසින් කරුණු ඉදිරිපත් කල ආකාරය අනුවයි මෙම පැටලීම උනේ. සත්තකින්ම සිංහලවාදී හෝ දෙමලවාදී වීමට වඩා ලාංකිකවාදී වීම වඩා වැදගත් යැයි ඔබගේ කීම මම එකහෙලා පිලිගමි.
    නමුත්
    ත්‍රස්තවාදය අවසන්වීමට ආසන්න මොහොතේ ඊට නායකත්වය දුන් රජය පෙරලීමට යාම සුදුසු නොවේ. මෙම යුද්ධය අවසන් වු පසු රජය අසාධාරනයට, නොසලකාහැරීමට ලක්වු ජනයා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව සහ ඊලඟට පුටුවේ වාඩිවීමට හැකියාව ඇති පුද්ගලයාගේ දෘෂ්ඨිය අනුව රජය වෙනස්කිරීම හෝ පවත්වාගෙන යාම කරමු.

    එතෙක් අපි බලාසිටිමු.

    ප.ලි.
    (කරණාකර කැමතිනම් මේ word verification එක අයින් කරනවද?)

    ReplyDelete
  4. අනේ වාසනාවන්, නියම කතාව!

    ReplyDelete
  5. මේ විෂමතාවය ඒ කියන්නෙ ධනේශ්වර පීඩිත කියල මූලික විදියට පන්ති දෙකකට බෙදුවට.. මම නං කියන්නෙ මේ පීඩිත පංතිය ගත්තත් ඒකෙත් ඉන්නව කොටස් දෙකක් ඔය කියන විදියටම.. ප්‍රධාන බෙදුම ඇතුලෙත් අනු බෙදුම්.. ඉතිං මං කියන්නෙ මේ ඔක්කොටම හේතුව මිනිසාගේ හිතේ තියෙන නොසංසිදෙන තන්හාව.. අද පීඩිත පංතියෙ ඉන්න මිනිහ දවසක ඇති හැකි පංතියට යයි.. පීඩිත පංතිය කියල එකක් විතරක් හැමදාම තියෙනව..

    ReplyDelete